සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්රතිමා වී දිලෙනා.....
සද වනියේ නුඹ නම්-සැනකෙළියයි මගෙ නම්
කවියන් ගේ දෑසේ රස සීමා පණිනා........
සිහිනෙක් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන්
සංවරියේ රන් තිත කෝ මා පානනා........
සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්රතිමා වී දිලෙනා.....
වාත්තු කර ඇති දේහ තලාවට හේත්තු වෙන්න ද හෙවනැල්ලෙන්
කාන්ති ඉහිරෙන නයන ඉනාවට සාන්තුවර සිත හීදැල්ලෙන්
හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
දග මෙනෙවිය ඔබ මා වල්මත් කළ අරුමැසියයි මෙලොවේ........
සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්රතිමා වී දිලෙනා.....
වීණා බද වට කැරකෙන වරලස අණ දෙන හෘද ස්ඵන්දනයෙන්
සුසුමේ රිද්මයට ම රග දෙයි ඔබ මගේ පෘථග්ජන සිතුවිල්ලෙන්
හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
රතු නළගන මගේ හිත අවතැන් කළ එකම ළදයි මෙලොවේ.......