1947 ජූනි 3 වෙනිදා ,සමර වීර මුදලිගේ දොන් ප්‍රේම කීර්ති ද අල්විස් නමින් මෙලොව එලිය දුටු ,අප කවුරුත් ආදරයට ප්‍රේම් යය් පට බැදී ,ඒ අසහාය යුග පුරුෂයා ,ගේය පද රචකයා ,ඝාතනය කොට මේ වසරේ ජූනි මසට 14 වසරක් සපිරෙනු වස් ,ඔහු ගැන කෙටි සටහනක් තැබීමට සිත් විය.
ඉන්දියන් සාගරේ මුතු ඇටය ,ධර්ම දීපය යැය් නොයෙක් නම් පට බැදී මේ දරමධීපයේ අකාලයේ මාර දැමු පළමු සහ අවසාන පුද්ගලයාද ප්‍රේම් නොවීය . මා ප්රේම් ව කවදාවත් හැබැහින් දැක නොමැත . පරේම් මිය යන විට මා වයස අවුරුදු 5 ළදරුවෙකි . ප්‍රේම් ව හැබැහින් දැක ගන්න තිබුනානම් යැය් මාහට සිතුනු වාර අනන්තය . නමුත් කවුරුන් හෝ ප්‍රේම් ව අපෙන් උදුරාගෙනය .
සිංහල සංගීතය,ගේය පද කරණයට කරුණාරත්න අබේසකරයන්ගෙන් පසුව බිහිවූ විශිෂ්ටතමය ප්‍රේම් ය. ප්‍රේම් ව ගුවන් විදුලියට හදුන්ව දීමේ ගෞරවය ඇත්තටම අබේසේකරයාණන්ට අත්විය යුතුය .භාෂාව හැසිර වීම අතින් ,ප්‍රේම්සතු වුයේ අසම සම හැකියවැකි .ඒ සේම අප අස ඇති පරිදි ප්‍රේම් ට ගී පද වැලක් ලිවීම ගත වනුයේ දුම් වැටියක් දැල්වී යන නිමේශයක් පමණි. ප්‍රේම් කිසි විටෙක කිසි වෙකුගේ සිත් රිද වීමට නොසිතුවේය. යමෙකු ඔහුගේ සිත් රිදවූ විට ,ඔහු කලේ එය ලියා ගීයට නගීමය් .ෆ්‍රෙඩි සිල්වා ගයන ,බොරු කකුල් කාරයෙක් එයට කදිම නිදසුනකි .ආදරය ගැන අර්ථවත් පදවැල් ලියු තවකෙකු ප්‍රේම් තරම් නොමැත . සරතැස නිවා ,ඔරුවක පාවෙන රැ ගැන අදුරේ ,කෙදිනද කුඩු හදන්නට ඉන්නේ ,හද ගී පොතේ ,රැලකින් තනි වී ,උදා හරණ කීපයක් පමණි. මිල්ටන් මල්ලවආරච්චි ගායක යානාන්ට පළමු ගීතය ලියා දීමේ භාග්‍ය උද වූයෙද ප්‍රේම් ටය . ප්‍රිය සුරිය සේනගේ හඬ ප්‍රේම් ගේ අදහසටම සරි විය , මෙර්වින් පෙරේරා ප්රේම්ට තවත් හඩක් විය . මේ සියලු දෙන අතර ප්‍රේම් වික්ටර් සුසංයෝගය ලාංකේය සින්ග්හල ගීත අර නව මගකට හැරවීමට සමත් විය .වික්ටර් සතු වූ ගායනයත් වාදනයත් ,මනරම් තනු නිර්මාණ හැකියාවත් ,ප්රෙම්ව නව තලයකට ඔසවා තැබීමට සමත් වුයේ නිරායාසයෙනි .ආදරයේ උල්පතවූ අම්මා,තනි තරුවේ ,හිම සෙල මෙන් ,ප්‍රියේ නුබ උපන් ජාති ,පෙම්බර මඩු මගේ ,වැනි ගීත ප්‍රේම් වික්ටර් සුසංයෝගයේ මන් ලකුණු පෙන්වය්. වික්ටර් රත්නායකයන් කියන පරිදි ,ආදරයේ උල්පත වූ අම්මා වැනි ගීත යන්ට අමුතුවෙන් තනු තැබීමට නොවීය .එම පද වැල ඉපදී ඇත්තේ තනුවද සමගිනි.මගේ මතකයේ හැටියට ප්‍රේම් ලියු පළමු ගීය රූපා ඉන්දු මතීට හා මල්කාන්ති නන්දසිරිට අහම්බෙන් ලියු ගීයකි. ඒ අහඹු සිදු වීම ලංකේය ගීත වංශ කතාව වෙනස් කරන්නට තරම් විය. ඉන්දීය තනුවටට සින්ග්හල පද අමුණු ගීත කලාව ජෝති සමග සින්ග්හල ආරට පසලන්නට ප්‍රේම් මහත් වෙහෙසක් දැරීය ...ජයමන්ගලම් සුබ මංගලම් ඊට කදිම නිදසුන් විය . ප්‍රේම් අබේ සුසන්යෝගයද එසේම විය ,රැලකින් තනිවී ප්‍රේම අතින් වූ මනරම් පද වැලකි .නිරංජලා ගයන ස්ටැන්ලි පීරිස් සංගීතවත් කල ,කෙදිනඩ් කූඩු තනන්නට ඉන්නේ ප්‍රේම අතින් ලියවූ තවත් මනරම් ගීයකට උදාහරණයකි . ප්‍රේම් සියලු සතා සීපාවා කෙරෙහි දයනු කම්පාවෙන් පෙලී චරිතයකි . ප්‍රේම් තරම් දඩුවම් මාරු ලැබූ තවෙකෙකු වස් ඒ ගුණදාස කපුගේ ශූරින් පමණි.ගුණදාස කපුගේ හා ප්‍රේම් බොහෝ විට තම අදහස් ප්‍රකාශ කරනු වස් ඍජු චරිත විය . ප්‍රේම් රජරට සේවයට පැමිණෙනුයේ දඩුවම් මාරුවක් ලෙසය. බානෙන් බැඳ ගීය ලියවෙන්නේ මේ රජ රට මාරුව තුලය.
ප්‍රේම් ක්‍රියාවෙන්ම ශ්‍රී ලංකා කාරයෙක් විය .මා අස ඇති පරිදි ප්රෙම්ගේ පඩියෙන් කොටසක් කෙලින්ම ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ගිණුමට බැරවිය.මේ මා දන්නා පරිදිය .දේශ පාලනය කෙරීමට ඔබට මට මෙන් ප්රේම්ටද අය්තියක් ඇත .එය මේ දර්මද්දීපයේ උපන් අප සැමගේ නිදහස් අය්තියකි ...සමහර විටෙක ඒ අය්තිය ප්‍රේම් ගේ ජීවිතය සොර ගැන්මට තරම් වීද මට සිතේ. ප්‍රේමව මර දැමුවේ u .n.p ද , j .v .p ද ,හඩ්සන් ද නොදනී. නමුත් ඔහු අපට අහිමිවී හමාරය ...නමුත් චූදිතයෝ තවම නිදල්ලේය . ප්‍රේම් වගේ අහිංසකයෙකු මාර දමන පුද්ගලයා කෙතරම් සැහැසි විය යුතුද , මුකයට වෙඩියකුත් , මරන්න එපා කියද්දී දෙ අතට වෙඩියකුත් , ළය පසාරු කරනු වස් තව වෙඩියකුත් තැබූ ඔහු මවකගෙන් කිරී බීවෙකු විය නොහැක. ඔහුගේම ගීත ආසා අදටත් අසමින් ඔහු කෙසේ කල් ගෙවනු ඇත්තද මට සිතු වාර අනන්තය.
කාලය ගෙවී යය් .නමුත් ජීවත් වුන ප්‍රේම් මර දැමුවද ,මියගිය ප්‍රේම් සදා කාලිකව අපේ හදවත් තුල ජීවත් වේ .ඔහු බර ඇදී ආණ්ඩුව අද බලයේය ,,,,,,බලා සිටිමි යුක්තිය උදෙසා .......මියෙන ලොව නොමියෙන ගෙය පද වැල ....ප්රේම් !!!!!!!