කුඩා ගමේ මද්දහනේ අව් රශ්මිය නිවා
හුරී කඳු පෙතේ දඬමන් දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියේ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළදන්නයි සුභා
මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා
මල් ගෝමර පිපුණ ළමැද වසා ගනින් කියා
මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා තියා
රිදී පොටක් පළදන්නට වරම් නැතුව ගියා
ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි
ආලේ බිඳුනදා කුමකට කඳුළු හෙළනු සකි
"ආල වඩන යන තේරුම බෝසත් කම සකි"...
හුරී කඳු පෙතේ දඬමන් දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියේ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළදන්නයි සුභා
මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා
මල් ගෝමර පිපුණ ළමැද වසා ගනින් කියා
මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා තියා
රිදී පොටක් පළදන්නට වරම් නැතුව ගියා
ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි
ආලේ බිඳුනදා කුමකට කඳුළු හෙළනු සකි
"ආල වඩන යන තේරුම බෝසත් කම සකි"...





