2015 මහින්ද රාජපක්ෂ පරාජය වීම ස්ථිරයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ai ban ithin yudden passe ape rate distric & provinces ambaanakata wadi unada?
    kalin andu tibbane oita wada godak aduwen cabinet inna.

    :angry::angry::angry::angry:
    දැන් පාලනය තියා ගන්ඩ නම් කැබිනට් එක වැඩි කරන්ඩ වෙලා තියෙනව් නැත්තන් අනිත් පැත්තට පනිනව ඔකයි ඇත්ත
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ගණනය කරලා තියන හැටිනම් ටිකක් ප්‍රයෝගික මදි. එත් සමස්තයක් විදිහට ගත්තම රනිල්ට දිනන්න පුළුවන් කියන එකට එකඟ වෙන්න පුළුවන් මචන්.

    කවුරු මොනවා කිව්වත් 2010 ජනාදිපතිවරණයෙන් පස්සේ මහින්දගේ සහ සන්ධානේ ඡන්ද පදනම ටිකෙන් ටිකෙන් අඩු වුනා. මෑතකදී තිබ්බ පළාත් සභා මැතිවරණ කිහිපය කඩින් කඩ තිබ්බ හින්දා තමයි ඔහොම දිනන්න පුළුවන් වුනේ. කොළඹ දිස්ත්‍රික්කයේ සන්ධානෙට 2014 හම්බුනේ 53.3% විතරයි. රාජපක්ෂලා පොද්ගලිකව මැදිහත්වෙලා අවසානයට හුදකලාව පවත්වපු ඌව පලාත් මැතිවරණයෙන් විශාල පසුබැස්මක් සන්ධානය පෙන්නුම් කළා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් සන්ධානෙට 47.3% ක් වගේ තමයි හම්බුනේ. නමුත් රටේ ජනාදිපතිවරණය කියන්නේ එකවර පළාත් නමයේම ඡන්දය විමසීම සිදුකිරීමක්. එවිට සන්ධානෙට රාජ්‍ය බලය යොදාගත හැකිවුවත් එය යම් මට්ටමකට සිමා වෙනවා. ඒ වගේම ජාත්‍යන්තරය ජානාධිපතිවරණය දෙස වඩා අවධානය යොමුකරනවා පළාත් සභා මැතිවරණවලට වැඩිය.

    අනිත් පැත්තෙන් ජනතාවගේ ජිවන තත්වය පහල වැටීම, නීතියේ ස්වාධීනත්වය බිඳ වැටීම,වංචා දුෂණය, පවුල්වාදය ආදී කරුණු නිසා 2010 ට වැඩිය ජන අප්‍රසාදය වැඩි වෙලා. එමෙන්ම රජයේ පාර්ශවයම පවසන ආකාරයෙන් යුධ ජයග්‍රහණය තව දුරටත් මැතිවරණවලට හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස යොදාගැනීමට හැකියාවක් නෑ.(නිදහස් පක්ෂය තම බලකොටුවක් වූ මොනරාගලින් 2009 පළාත්සභා මැතිවරණයෙන් 81% චන්ද ප්‍රමාණයක් ගද්දි 2014 ඔවුන්ට ලබාගත හැකිවුණේ 58% විතරයි). අනිත් අතින් නිමල් සිරිපාල වැනි නිදහස් පක්ෂයේ ජේෂ්ඨයින් බොක්කෙන් වැඩ කිරීම දකින්නට ලැබෙන්නේ නෑ 2010 වගේ. ඌවේ මැතිවරණයෙන් එජාපය හරින්ගේ සහයෙන් නව පණක් ලැබුවා කිව්වොත් නිවැරදියි. මැතිවරණ ප්‍රතිපල ලැබුණු පසු එජාපය බදුල්ල දිස්ත්‍රික්කය එක් ආසනයකින් සන්ධානයට වඩා අඩුව තිබුනත් කිසිවෙක් නොසිතු අයුරින් රට වටේ සිටි පැරණි එජාප පාක්ෂිකයින් නැවත එජාපය වෙත ලංවුණා. අනිත් අතකින් රනිල් යනු මහින්දට වැඩිය අවංක නායකයෙක් බව ජනතාව අතර දැන් කතිකාවතක් ගොඩනැගී තියනවා. ජනතා විමුක්ති පෙරමුණත් අනෙක් අතින් සන්ධානයේ ඡන්ද පදනමට අභියෝගයක් වෙලා තියනවා. මහින්දට දැන් 2015 ජනාධිපතිවරණ දිනය ලංවන දිනයක් දිනයක් පාසා ජනාධිපතිවරණය ගැන යලි යලිත් සිතා බැලීමට සිදුවෙලා.
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් පාලනය තියා ගන්ඩ නම් කැබිනට් එක වැඩි කරන්ඩ වෙලා තියෙනව් නැත්තන් අනිත් පැත්තට පනිනව ඔකයි ඇත්ත

    :dull::dull::dull::dull:
     

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    :lol::no:
    මහින්දව පරද්දන්න
    මේ රටේ ජනතාව දිනවන්න
    තවම උබලාට බැහැ .....
    අවුරුදු 33ක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු මේ රටකරවලා තියනවා
    ඒත්
    දයා ගමගේ
    විජේදාස රාජපක්ෂ
    මංගල සමරවීර
    ලක්ෂ්මන් සෙනෙවිරත්න
    රවී කරුණානායක වගේ දෙපිටකාට්ටු බල්ලෝ සහ ආණ්ඩුවෙන් පැනලා මේ පැත්තට එන්න බලාගෙන ඉන්න පරයින් එක්ක හදන unp ආණ්ඩුවෙන්
    රටටවත් මහජනතාවටවත් කවදාවත් සෙතක්වෙන්නේ නැහැ.
    එක්කෝ ඔය ඉන්න කාඩයෝ ටික අයින්කරන්න ඕනි
    නැත්නම් ජනතා විමුක්ති පෙරමුණත් සමග පැහැදිලි එකගතා සන්ධානයකට යායුතුයි..
    නැත්නම් මේක ඉගුරු දීලා මිරිස් ගත්තා වාගේ වෙනවා ....

    sahathika aththa.un dennama ekai.
     

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    machoo oya hama ratakama prantha andu thiyanawa.ewa gen thama palanaya wenne.usa wala prantha 52 wage thiyanawa.

    india wala lagadi hire giyath a wage kenek thama.prantha amathi waru thama ape wage ahe run karanne.

    me compare 100% ma hari ne wage.

    Ai ban lankaweth thyenne provincial council.oya inne chief ministers la.thava pradeshiya sabath thiyanavane.mu amathikan denne unta hora kanna lesy wennai anduwe unva thiya gannai.mahindaya arata gana hithala karapu eka vadak na.eka vadakvath na.okkoma kale ekko chande balagena natnam comiss balagena.
     

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    මරා ඡන්දෙ කොහොම හරි දිනලා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කර ගනී.. එතකොට ජනාධිපතිත් ඌ.. 2/3ත් ඌට.. ජනතාව සදාකල් වලේ තමයි ඉතින්.. රනිල් ආවත් අනිවා ජවිපෙට ලොකු බලයක් ලැබුණේ නැත්තං රට සදාකල් අඳුරේ තමයි.. :no::no::no:

    සහතික ඇත්ත සහෝදරයා . ඔය දෙපැත්තේම ඉන්නේ කොයි වෙලේද හම්බ කරන්නේ කියල බලාගෙන . ලංකාව හදන්න අවුරුදු දහය පහලව ඕන නැ . හරියට සිස්ටම් එක හදල අවුරුදු පහෙන් ගොඩ දන්න පුළුවන් . එකට පක්ෂ බදාගෙන ඉන්නේ නැතුව හරි මිනිස්සුන්ට බලය දෙන්න ඕන.
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    හරියට සිස්ටම් එක හදල අවුරුදු පහෙන් ගොඩ දන්න පුළුවන් .

    තරහ වෙන්න එපා මෙහෙම කිවුවට අපිත් දැන් අවුරුදු 20-30 ඉදන් බලන් ඉන්නවා ඔය සිස්ටම් එක හදනකන් නමුත් පුතා මේ වෙනකන් ඔතනට ගිය කවුරුවත් මුලින්ම තමන්ට කරගත්තා මිසක් එතනට යවන්න උදවු කරපු උන්ට කරේ නැහැ. ඉතින් ඒක නිසා දැන් අපිට චන්දය දෙන්න වෙන්නේ ශාපෙක්ෂතාවය කියන දර්මතාවය මත ඉදගෙන ඉල්ලන කට්ටියගෙන් ශාපෙක්ෂකව හොදම කෙනාට, මෙන්න මේක මනිද්දී හැමෝම වගේ පපුවට දැනෙන කතා කියන මිනිස්සුන්ට වඩා ක්‍රියාවෙන් ඔප්පු කරපු මිනිස්සුන්ට තමයි චන්දෙ දෙන්න ඕනේ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මහින්ද ආවත් එකයි ඕකා ආවත් එකයි , සක්තිමත් විපක්ෂයක් තිබ්බේ නැත්තනම් අපි ඔක්කොම ඉවරයි

    ඔව් බන් උබෙ කථාව හරි...ඕනම රටක විපක්ෂය ශක්තිමත් නැත්තන් ආන්ඩු පක්ෂය උන්ට ඕන ඕන විදියට නටනව...

    :yes:
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මහින්දව පරද්දන්න
    මේ රටේ ජනතාව දිනවන්න
    තවම උබලාට බැහැ .....
    අවුරුදු 33ක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු මේ රටකරවලා තියනවා
    ඒත්
    දයා ගමගේ
    විජේදාස රාජපක්ෂ
    මංගල සමරවීර
    ලක්ෂ්මන් සෙනෙවිරත්න
    රවී කරුණානායක වගේ දෙපිටකාට්ටු බල්ලෝ සහ ආණ්ඩුවෙන් පැනලා මේ පැත්තට එන්න බලාගෙන ඉන්න පරයින් එක්ක හදන unp ආණ්ඩුවෙන්
    රටටවත් මහජනතාවටවත් කවදාවත් සෙතක්වෙන්නේ නැහැ.
    එක්කෝ ඔය ඉන්න කාඩයෝ ටික අයින්කරන්න ඕනි
    නැත්නම් ජනතා විමුක්ති පෙරමුණත් සමග පැහැදිලි එකගතා සන්ධානයකට යායුතුයි..
    නැත්නම් මේක ඉගුරු දීලා මිරිස් ගත්තා වාගේ වෙනවා ....
     

    1212

    Member
    Feb 8, 2009
    15
    3
    0
    මහින්ද දිනුවත් පැරදුනත් පරාද වෙනවා මිසක් ලබාගන්න ජයක් නෑ.කොහොම වුනත් මහින්දව ගෙදර යවන්න විපක්ෂයෙන් ඉන්න ප්‍රබලම අය විතරක් නෙවෙයි ආන්ඩුවේ ඉන්න ප්‍රබලතම අයටත් ඕන වෙලා ඇත.මේ අය එකතු වුන ගමන් ආන්ඩුව වැටෙනවා
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    රනිල් වික්‍රමසිංහයාණෙනි..විපක්ශ පොදු අපෙක්ශකයා ඔබ නම් .අපේ මීළඟ ජනාධිපතිතුම මහින්ද රාජපක්ෂ වීම ස්ථිරයි// මහින්ද රාජපක්ෂ වීම ස්ථිරයි //

    # රනිල්ඉන්නකන් #සාමාන්ය දැනිම # එකෙන්ම #2015ජනාකවුද
     

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28

    තරහ වෙන්න එපා මෙහෙම කිවුවට අපිත් දැන් අවුරුදු 20-30 ඉදන් බලන් ඉන්නවා ඔය සිස්ටම් එක හදනකන් නමුත් පුතා මේ වෙනකන් ඔතනට ගිය කවුරුවත් මුලින්ම තමන්ට කරගත්තා මිසක් එතනට යවන්න උදවු කරපු උන්ට කරේ නැහැ. ඉතින් ඒක නිසා දැන් අපිට චන්දය දෙන්න වෙන්නේ ශාපෙක්ෂතාවය කියන දර්මතාවය මත ඉදගෙන ඉල්ලන කට්ටියගෙන් ශාපෙක්ෂකව හොදම කෙනාට, මෙන්න මේක මනිද්දී හැමෝම වගේ පපුවට දැනෙන කතා කියන මිනිස්සුන්ට වඩා ක්‍රියාවෙන් ඔප්පු කරපු මිනිස්සුන්ට තමයි චන්දෙ දෙන්න ඕනේ.

    Oya kiyana eka aththa but amaru unath apita was decision ganna wenava.anna a nisa sapekshava nathuva wenasma vidihata eka parakvath balanna wenava issarahadi.
     

    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    එජාපය පළමු පෙල සිටි නැවුම් මුහුණක් දෙවන පෙල තරගයේ නායකත්වයට ගෙන ආවේය. එනම් 2010 දී හාපුරා කියා පාර්ලිමේන්තුවට පිවිසි හරින් ප්‍රනාන්දු එයින් අස් වී මහ ඇමති අපේක්ෂකයා ලෙස මැතිවරණයට එළැඹීමයි. එයින් අපේක්ෂා කලේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු ඉහළ නංවා වෙනත් පක්ෂ වලට ඡන්දය දෙමින් සිටි මෙන්ම ඡන්දය නොදී නිවසේ සිටි පාක්ෂිකයින් ද පක්ෂය වටා ඒක රාශි කර ගැනීමයි. ඇත්තෙන්ම එම උපක්‍රමය සාර්ථක විය. නමුත් එම උපක්‍රමයම ජනපතිවරණයක දී යොදා ගැනීමට නම් ජනපතිවරණයට පැමිණිය යුත්තේ රනිල් වික්‍රමසිංහ නොව සජිත් ප්‍රේමදාසය.

    නැවුම් නායකයෙකු පැමිණීමෙන් ඌව පළාතේ ඇති වුණු පිබිදීම රට පුරා අපේක්ෂා කළ හැක්කේ ප්‍රේමදාස මහතා වැනි නැවුම් නායකයෙකුගේ පැමිණීමෙනි. නමුත් වික්‍රමසිංහ මහතා ඊට වෙනස්ය. ඔහු මීට පෙර 1999 සහ 2005 ලෙස දෙවරක් ජනපතිවරණ පරාජය වී ඇත. 1994 දී ජනපති අපේක්ෂකත්වයට ප්‍රතික්ෂේප වුණු අතර 2010 දී ජනපතිවරණයක් මග හැරිය එකම එජාප නායකයා විය. එබැවින් වික්‍රමසිංහ මහතා ජනපතිවරණයට පැමිණීම සමාන කළ හැක්කේ වාර ගණනාවක් මහ ඇමති අපේක්ෂක ලෙස ඉදිරිපත් වී පරාජයට පත් වුණු රවි සමරවීර මහතා නැවතත් ඌවේ එජාප මහ ඇමති ලෙස ඉදිරිපත් වීමටයි. මෙවරත් මහ ඇමති අපේක්ෂක ලෙස පැරණි අපේක්ෂකයාම ඉදිරිපත් වුණේ නම් ඌවේ එජාපයට මෙවැනි පිබිදීමක් ඇති වන්නේ නැත. එබැවින් හරින් ප්‍රනාන්දු මහතා උවේ මහ ඇමති අපේක්ෂක වීමෙන් ඇති කළ පිබිදීම වික්‍රමසිංහ මහතා ජනපති අපේක්ෂක වීමෙන් සිදු කළ හැකි යැයි විශ්වාස කිරීම දුෂ්කරය.

    උතුරු සහ නැගෙනහිර පළාත් වලින් පිට සුළු ජන ඡන්ද ආකර්ෂණය කර ගැනීමට එජාපයට ඇති හැකියාව මෙම මැතිවරණයෙන් නැවත වරක් සනාථ කර තිබේ. ඌවේ මුස්ලිම් ජනතාවගේ තෝරා ගැනීම වූයේ මුස්ලිම් කොංග්‍රසය නොව එජාපයයි. එමෙන්ම තොන්ඩමන් සහ දිගම්බරම් වැනි වතු දෙමළ නායකයින්ගේ සහය ආණ්ඩුවට ලැබී තිබුණු පසුබිමක ද වතු දෙමළ ඡන්ද සෑහෙන ගණනක් ආකර්ෂණය කර ගැනීමට එජාපයට හැකි වීමෙන් එහි සුළු ජන ආකර්ෂණය මැනවින් පෙනේ. 2005 සහ 2010 ජනපතිවරණයන්ට පෙර හකීම් සහ තොන්ඩමන් සහය දුන්නේ සංධානයටයි. නමුත් එම ජනපතිවරණ වලදී එජාපයේ අපේක්ෂකයාට සහය දීමට මෙම නායකයෝ ඉදිරිපත් වූහ. මෙම තත්වය යටතේ ඉදිරි ජනපතිවරණයක දී මෙම නායකයින් නැවතත් එජාපයට සහය දීමේ අවදානමක් ඇත.

    පසුගිය මැතිවරණ වල ඡන්දය ප්‍රකාශ වීමේ රටාව අනුව උතුරේ දී 20%ක් ද නැගෙනහිර 30%ක් ද අනෙකුත් පළාත්හි 15%ක් ද සුළු ජාතික ඡන්ද සංධානයට ලැබී තිබේ. ලංකාවේ සමස්ත සුළු ජාතික ඡන්ද 25%ක් වන අතර එයින් 80%ක සහය එජාපයට ලැබුණොත් එය සමස්තයෙන් 20%කි (25%*80%). එසේනම් 50% ජය කණුව ඉක්මවීම සඳහා සමස්ත ඡන්ද වලින් තවත් 30%ක් හෙවත් හෙවත් සිංහල ඡන්ද වලින් 40%ක් ලබා ගත යුතුය. මොනරාගල දිසාවේ 95%ක්ම සිංහලයින්ය. 5%ක් වූ අසිංහල ඡන්ද වලින් එජාපය 80% ලබා ගත්තේ නම් එය සමස්ත ඡන්ද වලින් 4%කි (5%*80%). සිංහල ඡන්ද වලින් 40%ක් ලැබුවේ නම් එය සමස්ත ඡන්ද වලින් 38%කි (95%*40%). ඒ අනුව සිංහල ඡන්ද වලින් 40%ක් ලැබුවේ නම් මොනරාගලින් 42%ක් ලබා ගැනීමට එජාපය සමත් විය යුතුය. නමුත් එජාපයට මොනරාගලින් හිමි වූයේ 33%ක් පමණි. එබැවින් දෙමළ සංධානය, මුස්ලිම් කොංග්‍රසය සහ ලංකා කම්කරු කොංග්‍රසය එජාපයට සහය දෙන වාතාවරණයක පවා එජාපයට ජයග්‍රහණය බෙහෙවින් දුරස්ථය. නමුත් මෙම කිසිම පක්ෂයක් එජාපයට සහය දෙන බවට මෙතෙක් ප්‍රකාශ කර නැත.

    සංධානය ඌව පළාත ජයග්‍රහණය කර ඇත. එහි දී ලබා ගත් ප්‍රතිශතය 51%කි. එය සැබවින්ම ජයග්‍රාහි ඡන්ද ප්‍රතිශතයකි. සාමාන්‍ය තත්වයක් යටතේ මැතිවරණ ජයග්‍රහණ කරන්නේ එවැනි හෝ ඊටත් වඩා අඩු ඡන්ද ප්‍රතිශතයකිනි. දහහත් අවුරුදු එජාප පාලනය පෙරලා පොදු පෙරමුණ බලයට පැමිණියේ 48%ක් ඡන්ද ලබාය. 2004 දී ජවිපෙ ඉතිහාසයේ ප්‍රථම වරට සංධානගත වී මැතිවරණයකට ඉදිරිපත් වී ද ලබා ගත්තේ 48%කි. එබැවින් සාමාන්‍ය වාතාවරණයක දී ලබා ගන්නා ජයග්‍රහණයක දී 51%ක් යනු ඉහළ ප්‍රතිශතයකි.

    ඌව මැතිවරණ ප්‍රතිඵලය ගෙනෙන වඩාත් වැදගත් පණිවිඩය වන්නේ යුද ජයග්‍රහණයේ උණුසුම දැන් අවසන් බවයි. ඒ මත ආණ්ඩුවට ලැබුණු වැඩි ඡන්ද ප්‍රතිශත තව දුරටත් නොලැබෙන බවයි. සියල්ල අනිත්‍ය ලෝකයේ යුද ජය කීර්තිය පමණක් නිත්‍ය නොවිය හැකි යැයි යමෙකුට පැවසිය හැක. නමුත් යුද ජය උණුසුම වසර පහකින් අවසන් වීම අවධානය යොමු විය යුතු තත්වයකි. මක් නිසාද යත් යුද ජය තරමට ඇඟට නොදැනෙන සංවර්ධන ජයග්‍රහණ පවා වසර පනහකට වඩා රැක ගැනීමට සමහර ආණ්ඩු සමත් වී තිබෙන හෙයිනි.

    ආසියාවේ පළමු ආශ්චර්රය බවට ජපානය පත් කලේ ප්‍රජාතන්ත්‍රවාදි ලිබරල් පක්ෂය (Democratic Liberal Party)යි. එය බලයට පැමිණියේ 1955 දීය. ජපානයේ සීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීමේ ප්‍රතිඵලය ලෙස 1993 දක්වා අඛණ්ඩව වසර 38ක් බලයේ සිටීමට එම පක්ෂයට හැකි විය. එමෙන්ම සිංගප්පූරුව ආසියාවේ තවත් ආශ්චර්රයක් බවට පත් කලේ 1959 දී බලයට පැමිණි මහජන ක්‍රියාකාරිත්ව පක්ෂය (People’s Action Party)යි. බලයට පැමිණ වසර 56ක් ගත වුවත් එය පැරදවීමට තබා එයට හිමි තුනෙන් දෙකේ විශේෂ බහුතරය නැති කිරීමට පවා විපක්ෂයට නොහැකි වී ඇත. එමෙන්ම මැලේසියාවට දැවැන්ත සංවර්ධනයක් අත් කර දුන් එක්සත් මැලේසියානු ජාතික සංවිධානය (United Malays National Organization) 1959 සිට අද දක්වාම අඛණ්ඩව බලයේ සිටියි.

    අපේ අසල්වැසි රටවල පක්ෂ හුදෙක් සංවර්ධනය පදනම් කර ගනිමින් වසර පනහක් ඉක්මවා බලය රැක ගැනීමට සමත් වී තිබිය දී දැවැන්ත යුද ජයග්‍රහණයක් ගෙනා සංධානයට එහි උණුසුම වසර පහක් ඉක්මවා පවත්වා ගැනීමට නොහැකි වුණේ මන්දැයි විමසා බැලිය යුතුය. පසුගිය වසර අට තුල දී ලංකාවේ ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් ඉහළ යන ලදී. ඒ අනුව මධ්‍යම පන්තිය අවම වශයෙන් පස් ගුණයකින්වත් ඉහළ යා යුතුය. මෙම ආණ්ඩුව දැවැන්ත මධ්‍යම පන්තියක් බිහි කළත් එහි අපේක්ෂාවන් ඉටු කිරීමට අපොහොසත් වී ඇත. විශේෂයෙන්ම යහ පාලනය පිළිබඳ ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු වී නැත. ආණ්ඩුවේ ජනප්‍රියතාවය හීන වීමට ප්‍රධාන වශයෙන් බල පා ඇත්තේ එයයි.

    ඌව පළාතේ ප්‍රධානම දිසාව වන්නේ බදුල්ලයි. බදුල්ල කවදත් ශ්‍රිලනිප ප්‍රමුඛ සංධානයන්ට අවාසිදායක දිසාවකි. 1994, 2000 සහ 2004 යන වසර වල දී සංධානය පාර්ලිමේන්තු මැතිවරණ ජාතික මට්ටමින් ජයග්‍රහණය කළ නමුත් බදුල්ල දිසාව පරාජයට පත්විය. එමෙන්ම 2005 ජනපතිවරණයේ දී ද සංධානය ජාතික මට්ටමින් ජයග්‍රහණය කළ නමුත් බදුල්ලෙන් පරාජයට පත් වන ලදී. ජාතික මට්ටමින් මැතිවරණ පරාජයට පත් වන විට පරාජයට පත්වන දිසාවන් ගණනාවක් තිබෙන නමුත් ජාතික මට්ටමින් ජයග්‍රහණය කරන විටත් පරාජයට පත්වන දිසාවන් තිබෙන්නේ සුළු ගණනකි. එවැනි දිසාවක මැතිවරණයක් ජනපතිවරණයට පෙරාතුව පැවැත්වීමට තීරණය කලේ ඇයිදැයි සංධාන නායකයින් තමන්ගෙන්ම විමසිය යුතුය.
     
    fUwo6aOxUEsfwMmb-OTsm1cv_Y2boDE7eT6GE3n1ErQ6bDFdaiY0Tptk_eK7y9bdku0=h900
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,913
    113
    canada
    හරීන් ඉල්ලුවොත්… අනිවා… එජාපය දිනනවා… ඒකාන්තයි

    හරිනුත් හොදයි. එඑරන් වගේ කෙනෙක් ඊට වඩා සුදුසු කියල මට හිතෙන්නේ. මොකද මේ වෙලාවේ ඕන ආර්ථිකය ගොඩ දාන්න පුළුවන් දර්ශනයක් තියෙන මනුස්සයෙක්