ගණනය කරලා තියන හැටිනම් ටිකක් ප්‍රයෝගික මදි. එත් සමස්තයක් විදිහට ගත්තම රනිල්ට දිනන්න පුළුවන් කියන එකට එකඟ වෙන්න පුළුවන් මචන්.
කවුරු මොනවා කිව්වත් 2010 ජනාදිපතිවරණයෙන් පස්සේ මහින්දගේ සහ සන්ධානේ ඡන්ද පදනම ටිකෙන් ටිකෙන් අඩු වුනා. මෑතකදී තිබ්බ පළාත් සභා මැතිවරණ කිහිපය කඩින් කඩ තිබ්බ හින්දා තමයි ඔහොම දිනන්න පුළුවන් වුනේ. කොළඹ දිස්ත්‍රික්කයේ සන්ධානෙට 2014 හම්බුනේ 53.3% විතරයි. රාජපක්ෂලා පොද්ගලිකව මැදිහත්වෙලා අවසානයට හුදකලාව පවත්වපු ඌව පලාත් මැතිවරණයෙන් විශාල පසුබැස්මක් සන්ධානය පෙන්නුම් කළා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් සන්ධානෙට 47.3% ක් වගේ තමයි හම්බුනේ. නමුත් රටේ ජනාදිපතිවරණය කියන්නේ එකවර පළාත් නමයේම ඡන්දය විමසීම සිදුකිරීමක්. එවිට සන්ධානෙට රාජ්‍ය බලය යොදාගත හැකිවුවත් එය යම් මට්ටමකට සිමා වෙනවා. ඒ වගේම ජාත්‍යන්තරය ජානාධිපතිවරණය දෙස වඩා අවධානය යොමුකරනවා පළාත් සභා මැතිවරණවලට වැඩිය.
අනිත් පැත්තෙන් ජනතාවගේ ජිවන තත්වය පහල වැටීම, නීතියේ ස්වාධීනත්වය බිඳ වැටීම,වංචා දුෂණය, පවුල්වාදය ආදී කරුණු නිසා 2010 ට වැඩිය ජන අප්‍රසාදය වැඩි වෙලා. එමෙන්ම රජයේ පාර්ශවයම පවසන ආකාරයෙන් යුධ ජයග්‍රහණය තව දුරටත් මැතිවරණවලට හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස යොදාගැනීමට හැකියාවක් නෑ.(නිදහස් පක්ෂය තම බලකොටුවක් වූ මොනරාගලින් 2009 පළාත්සභා මැතිවරණයෙන් 81% චන්ද ප්‍රමාණයක් ගද්දි 2014 ඔවුන්ට ලබාගත හැකිවුණේ 58% විතරයි). අනිත් අතින් නිමල් සිරිපාල වැනි නිදහස් පක්ෂයේ ජේෂ්ඨයින් බොක්කෙන් වැඩ කිරීම දකින්නට ලැබෙන්නේ නෑ 2010 වගේ. ඌවේ මැතිවරණයෙන් එජාපය හරින්ගේ සහයෙන් නව පණක් ලැබුවා කිව්වොත් නිවැරදියි. මැතිවරණ ප්‍රතිපල ලැබුණු පසු එජාපය බදුල්ල දිස්ත්‍රික්කය එක් ආසනයකින් සන්ධානයට වඩා අඩුව තිබුනත් කිසිවෙක් නොසිතු අයුරින් රට වටේ සිටි පැරණි එජාප පාක්ෂිකයින් නැවත එජාපය වෙත ලංවුණා. අනිත් අතකින් රනිල් යනු මහින්දට වැඩිය අවංක නායකයෙක් බව ජනතාව අතර දැන් කතිකාවතක් ගොඩනැගී තියනවා. ජනතා විමුක්ති පෙරමුණත් අනෙක් අතින් සන්ධානයේ ඡන්ද පදනමට අභියෝගයක් වෙලා තියනවා. මහින්දට දැන් 2015 ජනාධිපතිවරණ දිනය ලංවන දිනයක් දිනයක් පාසා ජනාධිපතිවරණය ගැන යලි යලිත් සිතා බැලීමට සිදුවෙලා.