2016 - සිතන්න දෙයක්

saturn

Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    2015 වසර අවසන්. 2016 වසර ලැබීමට ඔන්න මෙන්න. ඒ කියන්නේ දින 365ක් අවසන් කර දින 366 ක් හෙවත් අධික අවුරුද්දක් පැමිණ තිබෙන වගයි. පෙබරවාරි මාසයට දින 28 ක් වෙනුවට දින 29 ක්ම ඇත. කාළය වේගයෙන් ගමන් කරයි. අපි වයසට ක්‍රම ක්‍රමයෙන් යයි. මරණයටත් ටික ටික කිට්ටු වෙයි. ඕක තමයි යථාර්තය.
    2015 වසර ඔබ අරමුණු ජයගත් වසරක්ද 2016 වසර නැවුම් බලාපොරොත්තු පොදි බැද ගත් වසරක්ද 2015 වසරේ අරමුණු ඉටුකර නොගැනීමට හේතු කවරේද මදක් බුද්ධිමත්ව සිතන්න. ලංකාවේ බහුතරයක් සිතන ආකාරය නම් මෙසේය. මේ දිනවල ගතවන්නේ සෙනසුරු දසාවනේ. එහෙම නැත්නම් රාහු දාසාවනේ අපල කාලයක්නෙ ආදී වශයෙනි. මේ විධියට සිතන කිසිවෙකුට යහපත් අරමුණු ඉෂ්ට කර ගැනීමට නම් ලේසි නැත. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ අධිෂ්ඨානයෙන් නොපමාව කටයුතු කරන ඕනෑම කෙනකුට ජය ගත හැකි බවයි. එය ධනාත්මක සිතුවිල්ලකි. පෙර විධියට රින(-) සිතුවිලි ගන්නේ ඔබේ වරදට වඩා මේ සමාජයේ තියෙන වැරද්ද නිසා බව කිව යුතුයි. බලන්න, මේ දිනවල පුවත්පත්, රුපවාහිනී ඇතුළු විද්‍යුත් මාධ්‍ය හැසිරෙන විධිය ලග්න පලාපලවලින් පිරිලා. සමහර ලග්නවලට හොදයිලු. සමහර ලග්නවලට අසුබයිලු. ඉතිරි ටිකට හොද නැ අපලයිලු. ලග්න 12 බෙදලා දානවා. ඉතින් ඔය 12න් එකකට ඕන කෙනෙක් වැටෙනවානේ. ඔය හොදයි කියන ඒවත් නරකයි කියන ඒවත් ඔය කියන ආකාරයට වෙනවාද ඔබේ ලග්නය ඔබ දන්නවනේ විස්තර ටික ලියා තබා වසර අවසානයේ බලා කියන්න. එකත් එච්චර ලේසි නැ මොකද පස් දෙනෙක් ගත්තොත් කියන්නේ පස් ආකාරයකට නිසා.

    කෙටියෙන්ම කියනවනම් මේ ලංකාවට කෙල වෙලා තියෙන හේතුවලින් ප්‍රධාන එකක් තමයි ඔය ජෝතිෂ පලාපල හා ඒ ආශ්‍රිත දේ. අවුරුද්ද ආරම්බයේදීම මිනිසුන්ගේ ඔලුවලට රින සිතුවිලි දමා ආත්ම ශක්තිය මොට කරනවා. ඉන් පසු වෙන දේ ගැන කිව යුතු නැනේ. ඇත්ත, ජෝතිෂය අපේ සංස්කෘතිය හා බද්ධ වුන දෙයක් බව. එත්, ඔය කියන පට්ටපල් බොරු නිසා වෙන හානිය ගැන ඔබ බුද්ධිමත්ව සිතුවාද? නැත්නම්, 2016 වසරේදීවත් සිතන්න.

    2016 වසර, එළකිරිවාසි සියලු දෙනාට යහපත් අරමුණු ඉටු වෙන සුබ වසරක් වේවා ....!! යැයි ඉත සිතින් පතමි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උදේට tv එක දාල බලපන් කො..
    අප්පිරියයි ඕයි..
    මොකක් හරි මැන්ටලයක් ලග්න ටික අල්ලාගෙන උක දෙනව..
    චැනල් වල එක එකා කියන ඒව වෙන වෙනම අරන් බැලුවොත් තේරෙයි..
    උදේ පාන්දර මිත්‍යාවෙන් දවස පටන් ගන්නෙ..
    එහෙම රටකට හරියයි ද..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම්ම සේරම බොරුයි කියන්නත් බෑ බං :no: :no:

    ඔව්නේ නේ බන්, බොරුනං ඉබේම ප්‍රතික්ශේප වෙනවනෙ ඇත්තක් තියෙන නිසානෙ මෙච්චර කල් පැවතුනේ නේ.:dull: බොරුනං මිනිස්සු ඕව ප්‍රතික්ශේප කල්ල දාල මේ වෙනකොට නැත්තටම නැතිවෙලා තියෙන්න එපැයි ඒත් එහෙම නෑනෙ නේ :dull:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    උදේට tv එක දාල බලපන් කො..
    අප්පිරියයි ඕයි..
    මොකක් හරි මැන්ටලයක් ලග්න ටික අල්ලාගෙන උක දෙනව..
    චැනල් වල එක එකා කියන ඒව වෙන වෙනම අරන් බැලුවොත් තේරෙයි..
    උදේ පාන්දර මිත්‍යාවෙන් දවස පටන් ගන්නෙ..
    එහෙම රටකට හරියයි ද..

    හුග දෙනෙක් ඕක දන්නවා හැබැයි කියන්න පොඩි නෙමේ ලොකු බයකුත් තියෙනවා ඔය Tv පත්තරවල අපිට ආදරේට උපදෙස් දෙන කෙනෙක් මුණ ගැහෙන්න කොච්චර අමාරුද ගාන අහපුවාම හිගන්නාගේ පාත්තරයට හෙනහුරා පාත් වුණා වගෙයි තමා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔබට ඔය කියන පලාපල වලින් 50%ක්වත් හරිද

    මට නං අත්දැකීමෙන් 70%ක් විතර හරි ගිහිං තියෙනව :yes: :yes:
    බොරු කාරයොත් ඉන්නව නෑ කියන්නෑ ඒත් හැමෝම කරන්නෙ බොරුව නෙමේ :no: :no:
    ඇත්තටම හරියට ජ්‍යෝතිශය ඉගෙන ගෙන හරි විදිහට පලාඵල කියන අය ඉන්නව :yes: :yes:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    මට නං අත්දැකීමෙන් 70%ක් විතර හරි ගිහිං තියෙනව :yes: :yes:
    බොරු කාරයොත් ඉන්නව නෑ කියන්නෑ ඒත් හැමෝම කරන්නෙ බොරුව නෙමේ :no: :no:
    ඇත්තටම හරියට ජ්‍යෝතිශය ඉගෙන ගෙන හරි විදිහට පලාඵල කියන අය ඉන්නව :yes: :yes:

    අහන්නත් සන්තෝෂයි අපට ඔය හරියට කියන අයගෙන් පලාපලයක් අහගන්න බැරි වෙන්නේ ඇයි දන්නේ නැ නේ. අපි දෙන ගාස්තුව මදිද දන්නේ නැ
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේක කියෙව්වම මත වුනේ 2016 පලාපල දාන්නත් අමතක වුනා. මේකෙම දාන්නද වෙන ත්‍රෙඩ් එකක දාන්නද? (ආයේ ත්‍රෙඩ් එකක් අරින්න කම්මැලියි අප්පා):lol:

    මෙහෙමයි හෙනහුරෝ (saturn) උඹේ ත්‍රෙඩ් එකේ මේවට බනින ගොඩ දෙනෙක් නොමිලේ බැනලා, මුදල් ගෙවලා අපි ගාවට එනවා. හේතුව මිනිස්සු හිතන් ඉන්නවා මේවා විශ්වාස කරන්නේ නැ කිව්වම ඒක ලොකු කමක් කියලා. නමුත් මුළු ලෝකෙම බටහිර රටවල පවා මේ විෂය පිලිගන්නවා. මැඩියාගේ ලෝකය පාලනය කරන සංවිධාන ගැන තිබ්බ ත්‍රෙඩ් එක කියෙව්වනම් තේරෙයි.

    මේ විෂය පාර විද්‍යා විෂයක්. එක ඔය භෞතික විද්‍යාවට ගෝචර වෙන්නේ නැ. අපි ඉන්නේ වර්තමානය අධ්‍යාත්මික දියුණුවේ පිරිහුනම බෞතික විද්‍යාව ගුරු කර ගත්ත අවධියක.
    පලාපල වරදින්නේ විෂයේ වරදින් නෙමෙයි ඒක භාවිතා කරන අයගේ අතපසුවීම් වලින්.

    දැන් උඹලගේ මහාප්‍රාඥ කාලෝ ෆොන්සේකා මහත්තයත් පාපොච්චාරණයක් කලේ එයාගේ වැරදි නිගමනයෙන් ගිය අවුරුද්දේ ලෙඩ්ඩු 5ක් මැරුණා කියලා. දැන් එහෙනම් උඹලා බටහිර වෙදකමත් මිත්‍යාවක් කියපන්කො

    අහ්හ් අනිත් එක උඹ මේ විෂයට බනින්නේ විෂය ගැඹුරින් හදාරලද? මම කියන්නද හොඳම වැඩේ උඹ මේකට බනින්න කලින් විෂය ටිකක් හදාරපන්. මමත් බනින්න තමයි විෂය ඉගෙන ගන්න පටන් ගත්තේ. උඹට පුළුවන් නම් මගේ පන්තියට වරෙන්. මම මාසයක් උඹට නොමිලේ උගන්නනවා ඊට පස්සේ උඹට හිතුනොත් මේක වැරදියි කියලා සිද්ධාන්ත පාවිච්චි කරලම බැනපන්.
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    උදේට tv එක දාල බලපන් කො..
    අප්පිරියයි ඕයි..
    මොකක් හරි මැන්ටලයක් ලග්න ටික අල්ලාගෙන උක දෙනව..
    චැනල් වල එක එකා කියන ඒව වෙන වෙනම අරන් බැලුවොත් තේරෙයි..
    උදේ පාන්දර මිත්‍යාවෙන් දවස පටන් ගන්නෙ..
    එහෙම රටකට හරියයි ද..

    :yes::yes::yes::yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැකැත් රාල;19504715 said:
    මේක කියෙව්වම මත වුනේ 2016 පලාපල දාන්නත් අමතක වුනා. මේකෙම දාන්නද වෙන ත්‍රෙඩ් එකක දාන්නද? (ආයේ ත්‍රෙඩ් එකක් අරින්න කම්මැලියි අප්පා):lol:

    ඉක්මනට දාන්නකෝ අප්ප අපිටත් බලන්න ඔය පලාපල :lol:

    හැම ලග්නේටම එකම ටික කරකවල තව රටේ තත්වෙත් ප්‍රවෘත්ති වලින් බලල ඔක්කොම කලවන් කරල හරි වැරැද්ද හොයාගන්න බැරි විදිහට ඔබට ධන ලාබ ලැබේ, හිත මිතුරන්ගෙන් උදව් ලැබේ, උනන්දුවෙන් වැඩ කටයුතු කිරීමට ශක්තිය ලැබේ, අධ්‍යාපනේට හොඳයි, රටට ගංවතුර ආපදා ඇතිවේ , දේශපාලනය අස්ථාවර බව පෙනේ, ආර්ථිකය අයහපත් වේ වගේ වැට උඩ තියෙන එහාටත් නැති මෙහාටත් නැති පලාපල ටික. ඕක බලල ඉතිං අපිට බැරියැ අපේ ජීවිතේ සාර්ථක කරගන්න. :dull:

    2015 පලාපල ටික එහෙම්මම මාරුකරලා දාන්න අවුලක් නෑ :dull:
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    ජෝතිශයේ යම්කිසි සත්‍යයක් තියනවා...... අපි ජොතිශය භාවිතා කරන්න ඕන රෑට කරුවලේ යද්දී ගෙනියන ටෝච් එකක් විදිහට කියලයි මම හිතන්නේ..... හැම වෙලේම ඕක ඔලුවේ තියාගෙන ඉන්නේ නැතුව අත්‍යවශ්‍ය කාරණාවලදී භාවිතා කරනවානම් ගැටළු නැති වෙයි...