2015 වසර අවසන්. 2016 වසර ලැබීමට ඔන්න මෙන්න. ඒ කියන්නේ දින 365ක් අවසන් කර දින 366 ක් හෙවත් අධික අවුරුද්දක් පැමිණ තිබෙන වගයි. පෙබරවාරි මාසයට දින 28 ක් වෙනුවට දින 29 ක්ම ඇත. කාළය වේගයෙන් ගමන් කරයි. අපි වයසට ක්‍රම ක්‍රමයෙන් යයි. මරණයටත් ටික ටික කිට්ටු වෙයි. ඕක තමයි යථාර්තය.
2015 වසර ඔබ අරමුණු ජයගත් වසරක්ද 2016 වසර නැවුම් බලාපොරොත්තු පොදි බැද ගත් වසරක්ද 2015 වසරේ අරමුණු ඉටුකර නොගැනීමට හේතු කවරේද මදක් බුද්ධිමත්ව සිතන්න. ලංකාවේ බහුතරයක් සිතන ආකාරය නම් මෙසේය. මේ දිනවල ගතවන්නේ සෙනසුරු දසාවනේ. එහෙම නැත්නම් රාහු දාසාවනේ අපල කාලයක්නෙ ආදී වශයෙනි. මේ විධියට සිතන කිසිවෙකුට යහපත් අරමුණු ඉෂ්ට කර ගැනීමට නම් ලේසි නැත. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ අධිෂ්ඨානයෙන් නොපමාව කටයුතු කරන ඕනෑම කෙනකුට ජය ගත හැකි බවයි. එය ධනාත්මක සිතුවිල්ලකි. පෙර විධියට රින(-) සිතුවිලි ගන්නේ ඔබේ වරදට වඩා මේ සමාජයේ තියෙන වැරද්ද නිසා බව කිව යුතුයි. බලන්න, මේ දිනවල පුවත්පත්, රුපවාහිනී ඇතුළු විද්‍යුත් මාධ්‍ය හැසිරෙන විධිය ලග්න පලාපලවලින් පිරිලා. සමහර ලග්නවලට හොදයිලු. සමහර ලග්නවලට අසුබයිලු. ඉතිරි ටිකට හොද නැ අපලයිලු. ලග්න 12 බෙදලා දානවා. ඉතින් ඔය 12න් එකකට ඕන කෙනෙක් වැටෙනවානේ. ඔය හොදයි කියන ඒවත් නරකයි කියන ඒවත් ඔය කියන ආකාරයට වෙනවාද ඔබේ ලග්නය ඔබ දන්නවනේ විස්තර ටික ලියා තබා වසර අවසානයේ බලා කියන්න. එකත් එච්චර ලේසි නැ මොකද පස් දෙනෙක් ගත්තොත් කියන්නේ පස් ආකාරයකට නිසා.
කෙටියෙන්ම කියනවනම් මේ ලංකාවට කෙල වෙලා තියෙන හේතුවලින් ප්‍රධාන එකක් තමයි ඔය ජෝතිෂ පලාපල හා ඒ ආශ්රිත දේ. අවුරුද්ද ආරම්බයේදීම මිනිසුන්ගේ ඔලුවලට රින සිතුවිලි දමා ආත්ම ශක්තිය මොට කරනවා. ඉන් පසු වෙන දේ ගැන කිව යුතු නැනේ. ඇත්ත, ජෝතිෂය අපේ සංස්කෘතිය හා බද්ධ වුන දෙයක් බව. එත්, ඔය කියන පට්ටපල් බොරු නිසා වෙන හානිය ගැන ඔබ බුද්ධිමත්ව සිතුවාද? නැත්නම්, 2016 වසරේදීවත් සිතන්න.

2016 වසර, එළකිරිවාසි සියලු දෙනාට යහපත් අරමුණු ඉටු වෙන සුබ වසරක් වේවා ....!! යැයි ඉත සිතින් පතමි.