2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

මෙවර කුසලානය කාටද?


  • Total voters
    135
  • Poll closed .

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    My predictions
    https://www.telegraph.co.uk/world-cup/2022-predictor-wallchart-football-qatar/

    Ps: Not a Messi or Argentina fan

    1667100624562.png
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,550
    124,745
    113
    දෙහිවල

    Juventus midfielder Paul Pogba will miss France's World Cup defence in Qatar​


    Juventus midfielder Paul Pogba will miss France's World Cup defence in Qatar as he needs more time to recover from a knee operation.

    Pogba, 29, has not played for the Serie A side this season since rejoining from Manchester United in the summer.

    He suffered a knee injury in July and initially opted not to have surgery in a bid to be fit for the tournament.

    France's first World Cup match is against Australia on 22 November.
     

    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    ඉතින් එළකිරි වැසියනි, මේ දවස්වල ක්‍රිකට් 20/20 ලෝක කුසලානේ ගැන අපි හැමෝම අවදානෙන් ඉන්න වෙලාවක අමතක කරන්න බැරි තරගාවලියක් ඉදිරියේදී දැකබලාගන්න පුළුවන් අපි හැමෝටම.
    ඒ තමයි වසර හතරකට වරක් පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය. මෙවර 22 වරට පැවැත්වෙන මෙම තරගාවලිය සදහා සත්කාරකත්වය දරනු ලබන්නේ කටාර් රාජ්‍යය වන අතරම තරගාවලිය නොවැම්බර් මස 20 දින සිට දෙසැම්බර් මස 18 වෙනිදා දක්වා ක්‍රීඩාංගන 12ක පැවැත්වෙනවා.

    සත්කාරක රට බවට පත්වීමට රටවල් පහක් තරග බිමට පිවිසි අතර අවසානයේදී එක්සත් ජනපදය සහ කටාර් රාජ්‍යන් ද්විත්වය අතරින් 2010 දෙසැම්බර් මස කටාර් රාජ්‍යට සත්කාරිත්වය පිරිනමනු ලැබුවා. මෙම තරගාවලිය රටවල් 32ක් සහබාගි වන අවසාන ලෝක කුසලාන තරගාවලිය වන අතර මීලග 2026 පාපන්දු ලෝක කුසලානය සදහා රටවල් 48ක් තරග වැදීමට නියමිතයි.

    nAVebwB.jpg


    තරගාවලිය සදහා සත්කාරක රට විදියට කටාර් රාජ්‍යය සහ සුදුසුමක් ලැබීමේ වට වලින් තෙරිපත්වුන තවත් කණ්ඩායම් 31ක් ලෙස සම්පුර්ණ කණ්ඩායම් 32ක් සහබාගි වන අතරම පළමු වටයේදී රටවල් 4ක් එක් කාණ්ඩයක් ලෙස කාණ්ඩ 8ක් තරග බිමට පිවිසෙනවා.
    එම කාණ්ඩයේ එක් රටක් අනිත් රටවල් තුන සමග එක් තරගය බැගින් තරගවදින අතරම ප්‍රසාද ලකුණු සටහෙනේ ඉහලම කණ්ඩායම් දෙක අවසාන 16 දෙනාගෙන් වටයට පිවිසෙනවා. අවසාන 16 දෙනාගේ වටය knockout ක්‍රමයට පැවැත්වෙන අතරම අවසන් පුර්ව තරග දෙකෙන් පරාජය වන කණ්ඩායම් සදහා තුන්වන ස්ථානය තේරීමට තරගයක්ද පැවැත්වෙනවා.

    RlwgWPi.png


    මෙම තරගාවලියේ වත්මන් ලෝක කුසලාන ශූරයන් වන්නේ ප්‍රංශයයි. ඔවුන් සමගින් වැඩිම වරක් ලෝක කුසලානය ජයග්‍රහණය කල බ්‍රසීලය, ජර්මනිය, ආර්ජන්ටිනාව මෙම තරගාවලියටත් සුදුසුමක් ලැබූ අතරම අවාසනාවන්ත ලෙස ඉතාලියට මෙම තරගාවලිය අහිමි වෙනවා. තරග තහනමකට ලක්ව ඇති නිසා රුසියාවටත් මෙම තරගාවලිය අහිමිවෙනවා

    තරගාවලිය සදහා, යුරෝපා පාපන්දු සම්මේලනයෙන් ( UEFA ) රටවල් 13ක්, ආසියානු පාපන්දු සම්මේලනයෙන්
    (AFC) රටවල් 6ක්, අප්‍රිකානු පාපන්දු සම්මේලනයෙන් (CAF) රටවල් 5ක්, උතුරු / මද්‍යම ඇමරිකානු සහ කැරිබියන් පාපන්දු සම්මේලනයෙන් (CONCACAF) රටවල් 4ක් සහ දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනයෙන් රටවල් 5ක් සහබාවී වනවා.

    කණ්ඩායම් 32 කාණ්ඩ 8ට සදහා බෙදා වෙන්කිරීම 2022 අප්‍රේල් මස 1 වෙනිදා පැවති අතර එහිදී ඊට කලින් දිනට (31.03.2022) බලපාන පරිදි FIFA පිරිමි ලෝක ශ්‍රේණිගත කිරීම වලට අනුව රටවල් කාණ්ඩ 8ට බෙදී ගියා.

    eafV09A.jpg


    ඉතිහාසය ගැන පොඩ්ඩක් කතාකරොත් පළමු පාපන්දු ලෝක කුසලාන තරගාවලිය 1930 දී උරුගුවේ දේශයේදී පැවතුන අතර එහිදී අවසන් තරගය සදහා ආර්ජන්ටිනාව සමගින් උරුගුවේ කණ්ඩායම තරග වැදුනා. තරගය 4-2 ක් ලෙස ජයගත් උරුගුවේ කණ්ඩායම පළමු ලෝක කුසලානය තමන් සතුකරගත්තා.
    පසුව පිට පිටම වාර ද්විත්වයක් ඉතාලි කණ්ඩායම සතුවූ කුසලානය 1942 සහ 1946 වසර වල ලෝක යුද්ද හේතුවෙන් පැවැත්වුන නැති අතර 1950 වසරේ කුසලානය නැවත වරක් තමන් සතුකරගන්නට උරුගුවේ කණ්ඩායම සමත්වෙනවා.
    අවසන් වරට 2018 වසරේ පැවති අවසන් තරගයේදී ක්‍රෝයෙශියා පිල 4-2ක් ලෙස පරාජය කරමින් ප්‍රංශය කුසලානය තමන් සතුකරගන්නවා.

    VmXOqPB.png


    එදා මෙදාතුර බ්‍රසීලය පස් වරක්, ජර්මනිය සහ ඉතාලිය සිව්වරක්, ආර්ජන්ටිනාව / ප්‍රංශය සහ උරුගුවේ දෙවරක්, ස්පේන් සහ එංගලන්තය එක් වරක් බැගින් කුසලානය ජයගෙන ඇති අතර තරගාවලි ඉතිහාසයේ වැඩිම ගෝල ප්‍රමාණයකට හිමිකම් කියන්නේ ජර්මනියේ Miroslav Klose (16) සහ බ්‍රසීලයේ Ronaldo (15) විසිනි.

    nkCe196.jpg


    තරගාවලිය සදහා නිල පාපන්දුව නිර්මාණය කරනු ලබන්නේ Adidas සමාගම වන අතර, Official Match Ball මෙවර හදුන්වන්නේ "Al Rihla" ලෙසයි.

    ඉතින් ලෝකේ ජනප්‍රියම ක්‍රීඩාව (අපිට ක්‍රිකට් වුනාට) එක්ක පොඩ්ඩක් අපි එකතුවෙලා කතාකරමු. කිරියට එන වෙලාවට පොඩ්ඩක් නුලට ඇවිත් දිනන කණ්ඩායම නම්කරන්න අමතක කරන්න එපා.

    අපි දන්න දන්න විදියට කතාකරමු (y);)
    මම මේ පාර ෆීෆා එකට වොලන්ටියර් කරනවා බන්. මැච් 3ක් බලන්න ටිකට් ගත්තා. මම සපොර්ට් කරන්නෙ පෘතුගාලයට.