ඔන්න මචන්ලා ප්ලෑන් කරපු විදියටම NEW ZEALAND පැන්නා. ලොකු ලොකු දේවල් කලේ නෑ NVQ-4 caregiver එකක් කර ගත්තා, Christchurch වල ඉන්න යාලුවෙක් මාර්ගෙන් ජොබ් එකක් සෙට් කරගත්තා. ගොඩක් උං කියනවා වගේ seek.nz වගේ site වලින් ජොබ් ඔෆර් එනකන් බලන් හිටියොත් මේ කපේට යන්න වෙන්නේ නෑ. ඒ හින්දා කාර් එක විකුණලා මදි පාඩුවට රත්තරන් බඩු ටික උකස් කරලා chance එක ආපු වෙලාවේ සල්ලි ලක්ෂ 45ක් ගෙවල ජොබ් එක ගත්තා. ලංකාව දාල යන්න කිසිම අදහසක් තිබ්බේ නෑ. එත් දැන් ලංකාවේ ජීවත් වෙන්න බෑ. දැන් ඉතින් ඉස්සර වගේ නිතරම එළකිරි එන්න බැරි වෙයි. රෑ වෙනකන් මහන්සි වෙලා ගේමක් ගහගන්න ඕනේ. එහෙනං උඹල ඔක්කොටම 2024 සියලුම බලාපොරොත්තු ඉටුවෙන සුබ නව වසරක් වේවා!