2070 අපි (අනාගතය වෙනුවෙන් කැපවෙමු)

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    2070 අපි (අනාගතය වෙනුවෙන් කැපවෙමු)

    1778241_197913_acf6620757_l.jpg


    හ්ම්ම්... යන්තම් අවුරුදු 50ට ලබුවා අද. ඒත් 84ක පෙනුම තියෙනවා මට. දැන් හුඟාක් කාලයක ඉදන් මම ලොකු වකුගඩු රෝගයකින් දුක් විඳිනවා. මොකද මම දවසකට වතුර බොන්නේ ගොඩාක් අඩුවෙන්. වෙලාවකට හිතෙනවා දැන් මටත් යන්න කාලේ හරි කියලා. අද වෙනකොට මේ පැත්තටම ඉන්න වයසකම මිනිහා මම.

    මෙහෙම ඉන්නකොට මට මගේ වයස අවුරුදු පහේ කාලයට හිත දුවගෙන යනවා. හැම දෙයක්ම හරිම වෙනස්. පාර්ක් එකේ ගස් ගොඩාක් තිබ්බා, මල්වලින් පිරිච්ච ගෙවතු, වරු ගණන් නාන කාමරේ නාපු හැටි අද වගේ මතකයි. ඒත් අද නානවා වෙනුවට කරන්නේ එකපාරක් පාවිච්චි කලාට පස්සේ ඉවතට දාන්න පුලුවන් විෂබීජ නාශක තෙට තුවා වලින් මුලු ඇඟම පිහදාන එක විතරයි.

    ඒකාලේ ගැහැණු උදවියගේ ලොකුම ආභරණය උනේ. කොන්ඩේ. ඒත් දැන් අපි කොන්ඩේ බූ ගානවා වතුර නැතුව පිරිසිදුව තියා ගන්න. ඉස්සර අපේ තාත්තා කාර් එක හෝදන කොට මට මතකයි අපිත් හෝර්ස් එක අරන් විනෝද වෙන හැටි. හෙම්බිරිස්සාව හැදෙනකන් වතුර ගසා ගන්නා හැටි. ඒත් අද අපේ දරුවන්ට පොඩි වැඩකට උනත් දිය බිඳක් හොයා ගන්න ලොකු ගේමක් දෙන්න වෙලා.

    මට මතකයි හැම තැනම "ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න" කියලා ගහලා තිබ්බ බෝර්ඩ් ලෑලි. ඒත් කවුරුත් ගණන් ගත්තේ නෑ. වතුර කියන්නේ ඉවර වෙන්නේ නැති දෙයක් වගෙයි අපිට හිතුනේ. ඒත් අද ගංගා, ඇලදොළ, වැව් තාවුල්, ජලාශ මේ හැමදෙයක්ම හිඳිලා ගිහින්. හුඟක් ව්‍යාපාර වැටිලා, විරැකියාව සැලකියයුතු ලෙස වැඩි වෙලා. ජලය විකුණන ආයතන තමයි ඉදිරියෙන්ම ඉන්නේ. ඉස්සර හැම දෙයක්ම අඩුවට ගෙනත් දුන්න E-Bay එකත් දැන් වතුර පමණක් ගෙනත් දෙනවා. වතුර බවුසරයක් හොරකන් කරීම තමයි ලොකුම හොරකම වෙලා තියෙන්නේ. මිනිස්සුන්ගේ මුලු පඩියම වගේ පානීය ජලය සදහා වියදම් කරනවා.

    සමහරු මඩ වතුර උගුරක් රස කර කර බොන්න පොරකනවා මගේ ඇස් දෙකෙන්ම දැක්කා. 80%ක්ම ආහාර කෘතිමව හදපුවා. ඉස්සර මට මතකයි රජයෙන්ම කියනවා මිනිසෙක් වතුර වීදුරු 8ක්වත් බොන්න ඕනේ කියලා දවසකට. ඒත් අද මට වෙන් වෙලා තියෙන්නේ වීදුරු භාගයක් පමණයි සියලුම වැඩ වලට.
    අපිට අපේ රෙදි හෝදගන්නවත් වතුර නැති නිසා ඒවා පාවිච්චි කරලා විසි කරන්න වෙලා. දවසෙන් දවස කුණු එකතුවන වේගයත් ඒක නිසා වැඩි වෙලා. වතුර නැති කමින් මල ප්‍රවාහන පද්ධතිය බිඳ වැටීම නිසා ආයෙත් අපි වල වැසිකිළි පාවිච්චි කරනවා.

    මිනිස්සු දිහා බලන්නත් බයයි. එයාලාගේ ශරීර දුර්වල වෙලා. ඇඳුම් නැතුව හම නිරාවර්නය වෙන කොටසේ තුවාල හටගෙන. මොකද ඕසෝන් ස්ථරය කියලා දෙයක් තව දුරටත් නැති නිසා. ඉස්සර මිතුරුව හිටපු හිරු දැන් අපිට පාරජම්බුල කිරන වලින් පහර දෙන නිසා. හමේ වියළි බව නිසා අවුරුදු 20 තරුණ කාන්තාවකට අවුරුදු 40ක පෙනුම ලැබිලා.

    විද්‍යාඥයන් හුඟ දවසක ඉඳන් පරීක්ෂණ කරනවා විසඳුමක් ලබා දෙන්න. ඒත් ඒවායේ ප්‍රතිපල තාමත් පටන් ගත්ත තැනමයි. වතුර නැති කමින් තියන ගස් ටිකත් වඳවෙලා. අපිට හුස්මගන්න ඔක්සිජන් වායුව අඩු වෙමින් පවතිනවා. ඉදිරියට බිහිවෙන පරම්පරාවට මේක තදින්ම බලපාන බවක් පේනවා. එයාලගේ බුද්ධි වර්ධනයට මේක කෙළින්ම බලපානවා. මිනිසුන්ගේ ශුක්‍රාණු වෙනස් වෙලා. ඒ නිසා නිරෝගී දරුවන් ලැබෙන්නේ කළාතුරකින්.

    අද වැඩිහිටියෙක් පාවිච්චි කරන ආශ්වාස වාතය 137m3 කට(ගැලුන් 31,102) රජයට බද්දක් ගෙවන්න වෙලා. බදු ගෙවීමට බැරි වන අයව සූර්ය ශක්තිය ආධාරයෙන් අති විශාල යන්ත්‍ර භාවිතා කොට වාතය නිපදවන ප්‍රදේශයකට පිටුවහල් කරනවා. එම වාතය තත්වයෙන් බාල උනත් තවමත් හුස්ම ගෙන ඉදීමේ හැකියාවට තියෙනවා. වැඩිම උනොත් එහි මිනිසෙක් අවුරුදු 35ක් ජීවත් වෙනවා.

    සමහර රටවල් දිගු පරීක්ෂණ වලින් පසුව එළවලු නිපදවීමේ ක්‍රමයක් හොයාගෙන තිබෙනවා. ඒවායේ තොරතුරු පිටතට යැවීමට වැළක්වීමට විශාල ආරක්ෂක විදි විධාන යොදා තිබෙනවාලු. අද ජලය වාතය රත්‍තරන් ඩියමන්ති වලට වඩා වටිනවා. වැස්සක් කියලා දකින්නට ලැබෙන්නේ අම්ල වැසි විතරයි. තව දුරටත් සෘතු වෙනස්වීමක් නෑ. 20 වන සියවසේ කොච්චර අනතුරු ඇඟෙව්වත් ඒවා ගණනට නොගෙන දිගටම කල වැඩ නිසා, අද අපි වගේම අපේ ළමයිනුත් දුක් විඳිනවා.

    දවසක් මගේ දුව ළඟට ඇවිත් මගේ තරුණ අවදිය ගැන අහුවහම මම කියලා දුන්නා වනාන්තර, වැස්ස, නාන කොට කොච්චර තෘප්තියට්ක් ලැබුවද, ඇළ දොළ ගංගා, පාට පාට මල් වගේ දේවල් ගැන. ටික වෙලාවක් මූන දිහා බලාගෙන ඉඳලා එයා ඇහුවා "තාත්තේ ඇයි අපිට බලන්න ඒවා නැත්තේ" කියලා. මම එතනදී ගොලු උනා. මොකද යම් කොටසකින් හරි මමත් ඒකට වග කියන්න ඕනේ නිසා. මට ලොකු වැරදිකාරයෙක් වගේ දැනෙනවා.මට දැන් කෑගහලා අඬන්න හිතෙනවා. ඇයි මම මෙහෙම කලේ..................


    "පුතා පුතා ඇහැරෙන්න දැන්. මොකද මේ කෑ ගහන්නේ. හීනෙන් බය උනාද?"


    එතකොට මම මේ දැක්කේ හීනයක්ද මට දැන් මාර සතුටුයි. දැන්මම නැඟිටලා කරන්න වැඩ ගොඩාක් තියනවා. මගෙන් පස්සේ එන ඉදිරි පරම්පරාවට මෙවන් දුකක් දෙන්න බෑ. ඒ වෙනුවෙන් අද ඉඳන්ම මම කැපවෙන්න ඕනේ. අපේ ලෝකය ඉදිරි පරම්පරාව සඳහාත් රැක ගැනීමට
    ඔයාලත් මට උදව් වෙනවා නේද?

    ```````````````````````````````````````````````````````````
    උපුටාගෙන නිර්මාණාත්මක ලෙස පරිවර්තනය කිරීමකි

    "LETTER WRITTEN IN 2070"

    Document published in the magazine
    "Crónica de los Tiempos -
    April 2002."



    waterbd.jpg
     
    Last edited by a moderator:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    සීරා කතාව
    ඔක ඉස්සරහට ඈත්ත වෙන්නත් පුලුවන්
    ස්වභවධර්මය රෑකගන්න අපි වගබලාගන්න ඔනේ
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මාතර කිඹුලා;10405786 said:
    මාර කතාව !
    :D:D
    Nice post bro :) :yes:
    yhnx bro
    ඇත්තටම ලස්සනයි මිත්‍රයා..:yes:
    ගොඩක් ස්තුතියි...:)
    ස්තූතියි යාලුවා
    :)
    udawuwak washayen udata gaththa
    :rofl::rofl:
    සීරා කතාව
    ඔක ඉස්සරහට ඈත්ත වෙන්නත් පුලුවන්
    ස්වභවධර්මය රෑකගන්න අපි වගබලාගන්න ඔනේ
    :yes::yes:අනිවා මචන්. මේ යන විදිහට ගියොත්නම් බඩුම තමයි
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    කතාව ඇත්ත, ගන්න දේවල් ගොඩක් තියෙනවා
    අනාගත පරපුර වෙනුවෙන් කරන්න දේවලුත් ගොඩක් තියෙනවා