ජීටී මාමි මෙහෙමයි කේස් එක..
මෙහෙ තියෙන්නේ 50Hz නේ.. ඕකත් 50 කිව්වට 50 නෙමේ පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා තමා තියෙන්නේ...
අර පවිත්‍රයා කිව්ව වගේ ඉන්ඩක්ෂන් මෝටරයක් වගේ දෙයක් ඇරෙන්න වෙන දේක frequency එකේ බලපෑමක් එන්නේ නෑ සැලකියයුතු තරමේ...

ඒ නිසා කිසිම බයක් වෙන්න එපා 10Hz වෙනස් වුනා කියලා කෙලවෙන කෑල්ලක් නෑ පවර් සප්ලයි සර්කිට් එකක. 60/50 අවුලක් වෙන්නේ නෑ.
50න් 60ක් හදාගන්න නම් DC කරලා අරගෙන ඊට පස්සේ ඒකෙන් ආපහු හදන්න වෙනවා AC සයින් වේව් එකක්.. ටිකක් UPS එකකින් කරනවා වගේ. ඒ වැඩෙන් 100%ක් පාරේ ලයින් එනව වගේ සයින් වේව් හදන්න බෑ.. අනික ඔච්චර ලොකු පවර් එකක් අමාරුයි ගොඩක්. ඒ අදහස අතැරල දාන්නෝ.. 50/60 වෙනසක් වෙන්නේ නෑ කිසිම විදියකට. බය වෙන්න එපා.
ක්‍රවුන් එකේ ඇති කිව්වේ උන් ජපානෙන් ගෙන්නන ඒව නෙමේ. උන් මෙහෙ ගෙනල්ල විකුණන්නේ 110 ඒවා නිසා උන් කන්වර්ට් කරන්න ට්‍රාන්ස්ෆෝමර් ගේනව මිසක් ඒව ජපානෙ පාවිච්චි කරපුවා නෙමේ.. බය නැතුව එකක් ගන්න බඩු තියනවනම්..
