ලංකාවෙ ඒකපුද්ගල ආදායම අනුව බැලුවම 25000/-ක් කියන්නෙ ලොකු ගානක්. ඒවගේ ලොකු දඩ ගහනව නම් මේවගේ දේවලුත් තියෙන්න ඕනෙ..
1. පොලිස් නිළධාරීන් බොරු වැරදිවලට අල්ලල පගාව ගන්න එකට වැට බඳින්න ඕනෙ.
2. වේග සීමා පැහැදිලිව සඳහන් කරන්න සහ වේග සීමා පාරෙ හැටියට සංශෝදනය කරන්න. (උදා : පීත්ත පටියවගේ කෙලින් තියෙන කාපට් පාරක සීමාව 70ට වැඩි වෙන්න ඕනෙ. නැත්නම් කොළඹ ඉඳල ට්‍රින්කො වගේ යන්න වාහනේකට පැය 10ක් වත් යාවි.)
3. ත්‍රීවිල් ධාවනය සීමා කිරීම හෝ ත්‍රීවිල්, බස් හා බයික් වලට වෙනම මංතීරු හදන්න ඕනෙ.
4. අවම ලේන් 2ක් (එක දිශාවකට) සහිත පුලුල් මාර්ග පද්ධතියක් රට පුරා හදන්න ඕනෙ.
5. නිළය බලය නොසලකා සියලු දෙනාට (මැති ඇමතිවරුන්ට) මාර්ග නීති ක්‍රියාත්මක වෙන්න ඕනෙ.