28 දෙනෙක් මේ පැත්තට
මම කියපු විදියටම මෛත්‍රී 28 දෙනෙක් තමන්ගේ පැත්තට අරගෙන තියෙනවා.
මම කියපු විදියටම මෛත්‍රී 28 දෙනෙක් තමන්ගේ පැත්තට අරගෙන තියෙනවා.

ශ්‍රිලනිපය දෙකට කැඩෙයි : 28ක් මෛත්‍රී පැත්තට2015 ජනවාරි මස 11 19:13:45 | . , තරිදු ජයවර්ධන,කමල් ශ්‍රී ලියනගේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (11) ස්ථාන දෙකක රැස්වෙයි.![]()
සරත් අමුණගම,දයාසිරි ජයසේකර,මර්වින් සිල්වා,අතාවුද සෙනවිරත්න,විජිත් විජයමුණි සොයිසා ,ජගත් පුෂ්ප කුමාර,ෆයිසර් මුස්තපා,රෙජිනෝල්ඩ් කුරේ,දුමින්ද දිසානායක ,ජනක බණ්ඩාර තෙන්නකොන් , ඒස බී නාවින්න ඇතුළු 28 දෙනෙක් කොළඹ විජේරාම මාවතේ රැස් වී ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ සභාපති කැර ගැනීමේ යෝජනාවක් සම්මත කැර ගත්හ.පක්ෂයේ උපදේශිකාව ලෙස හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කර ගනු ලැබීය.
මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් කාරක සභාවේ තවත් කොටසක් ඩාලි පාරේ පක්ෂ මුලස්ථානයේ රැස්වේ.
මේ තියෙන තත්වය අනුව මම හිතන්නේ මහින්ද හදන්නේ ඊළගට අගමැති කමට එන්න වගේ, නමුත් මීට කලින් ක්‍රියත්මක වේවිද දන්නේ නෑ එහෙම වුනොත් බොහෝවෙලාවට එන්න තියෙන්නේ ජනවාරි 21 වැනිදායි පස්සේ මොකද එදා තමයි විධායක ජනාධිපතිකම අහෝසිකරන්නේ ,ඒදාම ඔක්කොම වේවිද දන්නේ නෑ නමුත් එදායින් පස්සේ තමයි ඒක පටන් ගන්නේ, එතකොට මහින්ද ගොඩක් වෙලාවට ජනවාරි අග හෝ පෙබරවාරි මුළ එන්න තියෙනවා නමුත් ඒක මාර්තු 17 ට කලින් වෙන්න ඕනේ මොකද එදා තමයි මේ පවතින ජන්ද ක්‍රමය වෙනස් කරන්නේ. මේක වෙනස් කරන්න නම් හොදම වැඩේ නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 28 දෙනෙක් ජනවාරි 21 ට කලින් තමන්ගේ පැත්තට ගන්න එකයි, ඕනෙනම් නිදහස් පක්ෂයට ආයි යන්නත් පුලුවන් නමුත් එහෙම ගියොත් ඔක්කොම හොරු ටිකට මෛත්‍රීට කරගන්න වෙනවා, එතකොට මහින්ද හිටියා වගේම තමයි. මම නම් කියන්නේ හොරකම් දූෂණ අඩූම මන්ත්‍රීලා සෙට් එකක් බලලා, 28 දෙනෙක් තමන්ගේ පැත්තට ගන්න එකයි ,එතකොට මහින්දගේ කුමන්ත්‍රණය ලේසියෙන්ම පරාජය කරන්න පුලුවන්.
නමුත් 21 ට කලින් මොකුත් කරේ නැත්නම්, 21 ට පස්සේ මහින්දට පුලුවන් පාර්ලිමේන්තුවට කොහොම හරි ඇවිත් තමන්ගේ පැත්තේ වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඉන්නවා කියලා අගමැති කම ගන්න එතකොට විධායක බලතල ජනාධිපතිට නැති නිසා, මහින්දට තමයි බලය එන්නේ. ඊට පස්සේ දින 100 ක්‍රියාත්මක කරන්න හම්බවෙන්නෙත් නෑ, මහින්දට ආයි රටත් යනවා, මෛත්‍රී නිකම් නමට පමණක් ජනාධිපති වෙනවා.

