#3. "බුද්ධාගම - ආගමක් නොවන ආගම" - ඇලන් වොට්ස් ගේ
"බුද්ධාගම - ආගමක් නොවන ආගම" - ඇලන් වොට්ස් ගේ "Buddhism - Religion of No Religion" නැමැති දේශණයේ අනුවර්ථනය 3
ඇලන් වොට්ස්:
.... සෙzන් ගුරැවරයෙකු තම ශිෂ්‍යයන්ට ඇතැම් විට මෙසේ කියයි: "කාමරේ කෙලවරේ ඉදලා ඇවිදගෙන වරෙන්!". ඔහු පැමිනි පසු ගුරැවරයා මෙසේ අසයි: "කෝ උඹේ අඩි පාරවල්?". ඒවා අතුරැදන් වී ඇත. එසේ නම් ඔබ කවුද? ඔබේ අතීතය කොහිද?
අපගෙන් කවුරැන් හෝ ඇසුවොත් "ඔබ කවුද?" කියා, අප දෙන පිලිතුර වන්නේ අප පෙර කල කී දෑ ගැන හෑල්ලකි. මගේ නම මෙයයි, මම මේ පාසලට ගියා, මම මේ මේ රැකියා කර තියෙනවා යනුවෙන් අප අප ගැන ජීවිත කථාවක් කියයි. එහෙත් සෙzන් ගුරැවරයෙකු එවිට මෙසේ කියයි: "ඒවා අමතක කරපන්. ඒ නුඹ නොවෙයි. එය යටගිය කථාන්තරයකි. මට ඕනෑ කරන්නේ ඉතිහාසයක් නොවේ, මේ අවශ්‍ය මේ මොහොතේ නුඹ කවුදැයි කියා දැනගැනීමටයි." එහෙත් අපට එයට වචන වලින් පිලිතුරක් දිය නොහැකියි. මන්දයත් ඔබට ඔබ ගැන අදහසක් තිබෙන්නේ ඔබ පෙර කල කී දේ වලින් නැගෙන දෝංකාරයන් හරහා වන හෙයිනි. එසේ නම් සත්‍ය වශයෙන් ඔබ කවුද? සෙzන් ධර්මයෙහි එන කොආන් නැමති, සිතට පිලිතුරක් දිය නොහැකි උභතෝකොටික ප්‍රශ්ණ වලින්, "ඔබ කවුද?" යන ප්‍රශ්ණයට ආලෝකයක් සැපයීමට ආදී කල සිට උත්සාහ ගෙන තිබේ.
---
බුදුන් වහන්සේ යනු ලෝකයේ සෑම විටම පැවතුනු සත්‍ය ධර්මය වඩාත් පැහැදිලි කොට යාවත්කාලීන කල පුද්ගලයෙකු ලෙස දැක්විය හැක. "බුදුන්" යන වචනය පදවි නාමයක් පමනි. "ක්‍රිස්තු" යන්නද එලෙසමය. ඒවා ඔවුන්ගේ සත්‍ය නම් නොවේ. මේ අනුව "බුදුන්" යනු "ගෞතම" යන්නෙහි වාසගම නොවේ. එහි අර්ථය වන්නේ "අවදි වූ (සත්‍යාවබෝධය ලැබූ) තැනැත්තා" යන්නයි. සංස්කෘතයෙන් "බුද්" යන්න "දැනගැනීම" යන අර්ථය දෙයි. එසේ නම් බුදුන් යනු පුද්ගල නාමයක් නොව, එහි අර්ථය වන්නේ "අවදි වූ මිනිසා" නොහොත් "තමා යනු සත්‍ය වශයෙන් කවරැන්දැයි අවබෝධ කරගත් මිනිසා" යන්නයි.
---
බුදු දහමෙහි සහ හින්දු දහමෙහි මූලික වෙනසක් වන්නේ, බුදු දහමෙහි ඔබ කවුරැන්ද යනුවෙන් එය ඔබට සංකල්පයක් නොසැපයීමයි. හින්දු දර්ශණයෙහි "සත්‍ය තමා" යන්නට සංකල්පයක් දී ඇති අතර, එය "බ්‍රහ්මාත්මන්" යනුවෙන් හැදින්වෙයි. බුදු දහමෙහි එසේ සංකල්පයක් නොදෙන්නේ, එය සංකල්ප ගැන සැලකිල්ලක් නොදක්වන හෙයිනි. එය සැලකිල්ලක් දක්වන්නේ කෙලින්ම, ඍජුව අත්දකින දේ සම්බන්ධයෙනි (Direct experience). මෙහෙයින් බදු දහමට අනුව සියළු සංකල්ප වැරදිය. උදාහරණයකට, ඔබ කටින් කියනා කිසිම දෙයක්, සත්‍ය වශයෙන්ම එම කියනා දෙය නොවෙයි. ඔබ බංකුවක් දැක එය "බංකුවක්" යැයි කියයි. එහෙත් බංකුව අනෙක් පස හරවන්න. එවිට ඔබට එයට කුනු දමන භාජනයක් ලෙස හැදින් විය හැක. දැන් එය අනෙක් පස හරහා එයට අතින් තාලයට ගසන්න -- දැන් එය බෙරයකි. එසේ නම් මේවා අතරින් කුමක්ද එය? වචන වලින් යමක් විස්තර කල හැකිද? යමකට නමක් දිය හැක්කේ එය යම් මොහොතක භාවිතා කරන කටයුත්තට අනුව පමනි. ඔබට බංකුවකට "බංකුවක්" යැයි දැඩි අදහසක් තිබේ නම්, ඔබට කල හැක්කේ ඒ මත හිදගැනීම පමනි. එවිට ඔබ "බංකුව" යන වචනයට සිර වී ඇත. එහෙත් ඔබට "බංකුව" වෙනත් කාර්ය්‍යන් සදහාද උපයෝගී කරගත හැකි බව දැකිය හැකි නම්, අන් සියළු දෙයක්මත් සෑම දෙයක්ම ලෙස යොදා ගත හැකි බව දකිනු ඇත. ලොවෙහි පවතින කිසිවකට නියත නමක් හෝ සංකල්පයක් දිය නොහැකිය.
මේ අනුව යමින්, බුදු දහමෙහි "ඔබ" යනු කවුරැන්ද යනුවෙන් සංකල්පයක් නොදෙයි. මන්දයත්, එසේ කල හොත් "මා යනු මෙයයි" යනුවෙන් ඔබට සංකල්පයක් ඇති වන එයිනි. එවිට ඔබ අධ්‍යාත්මික ආරක්ෂාව පිණිස එම සංකල්පයට ඇලෙයි. බොහෝ මිනිසුන් මෙසේ සිතයි හෝ කියයි: "මට ආගමක් අවශ්‍යයි. මොකද මගේ පවු වලට සමාව ගැනීමටත් (පින් කිරීමෙන්), තවත් පින් කිරීමෙන් යහපත් ජීවියක් ලැබීමටත් (තව තවත් තමාට සැප ලබා ගැනීමට), ලෞකික දියුනුව පිනිසත්". එහෙත් බුදුදහමෙහි පවසන්නේ "ආහ්, මේ සියළු අදහස් අතාරින්න. ඔබට සැබැවින්ම සත්‍යාවබෝධය ලැබීමට අවශ්‍ය නම්, ඔබ සියළු සංකල්ප (ආගමික සංකල්ප ඇතුළුව) අතහැරිය යුතුය. තමාට මානසික රැකවරණය ලබා දෙන කිසිවක් ඔබ සිත තුල තබාගෙන සිටී නම්, ඔබට සත්‍යාවබෝධය දුරය.."
මතුවට...

Last edited: