(3)ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 3)
කොටස 1
කොටස 2
-පරිණාම වාදය හා කුසල් අකුසල්-
පෙර ලිපි දෙකෙන්,ජලය, චන්ද්‍රයා ඔසෝන් ස්ථරය හා හේලියෝ කොපුව ගැන සාකච්ඡා කලා. අද මා අවධානය යොමුකරන්නේ පරිණාම වාදය හා කුසල් අකුසල් දෙසටයි.
පරිණාම වාදයෙන් කියවෙන්නේ, ජීව පරිණාම සිදුවූයේ ජීවය බිහිවීමට අවශ්‍ය මූලික සාධක තිබූ (පාථමික සූපය) ආදි සාගරයේ අහඹු ලෙස පළමු සෛලය හට ගෙන එයින් අනෙකුත් ජීවීන් පරිණාමය වූ බවයි. පරිණාම වාදයට අනුව මුල්ම සෛලය අහඹු ලෙස හටගෙන, ජීවින් එයින් පරිණාමය වූයේ නම්, ලොව බලවත්ම ජීවියා මිනිසායි. මිනිසාට ඉහලින් කිසිම ශක්තියක් තිබිය නොහැක. එසේ නම්, කුසල් අකුසල් කියා දෙයක් තිබෙන්නේ කෙසේද? කුසල් හෝ අකුසල් යන්න තීරණය කල යුත්තා වන්නේ මිනිසායි. හේතුව මිනිසාට ඉහලින් කිසිවෙක් නොමැත. අකුසලයක් කිරීමෙන් මිනිසා සාදාගත් නීතියෙන් (උසාවි, පොලීසි) දඬුවම් ලැබීම හෝ නොලැබීමට පුළුවන් වන අතර අකුසලයන් පල දීම හෝ මරණෙන් පසු දඬුවම් ලැබීම සිදුවිය නොහැක.
නමුදු, සමහර අකුසලයන් අපට ප්රත්යක්ෂ කර ගත හැක. දෙමව්පියන්ට කරන පීඩාවන් නිසා ඇතිවන අකුසලයන් මෙලොවෙදිම අනිවාර්යයෙන්ම ඵල දේ. අනෙකුත් අකුසලයන් ඵල දීම අහඹු දේවල් ලෙස සැළකිය හැකි වුවද මෙම අකුසලය අනිවාර්යයෙන්ම මෙලොව ඵල දේ. එය අපට අධ්‍යනය කර ප්රත්යක්ෂ කරගත හැකිය. එනම් අප අහඹු ලෙස ඇති වූවා විය නොහැක.
උදාහරණයකට සිතන්න, බිලියන 7ක් වූ ලෝක මිනිසුන් අතරෙන් කෙනෙක් අකුසලයක් කරනවාය කියා. මෙම අකුසලය මෙලොවදීම ඵල දිය යුතුයි. මේ සඳහා සිදුවිය යුතු ක්‍රියාවලියන් මොනවාද?. බිලියන 7ක් වූ ජනග්‍රහණය අතුරින් අකුසලය කරන ලද පුද්ගලයාව හඳුනාගත යුතුය. ඉන්පසු අකුසලය හඳුනාගත යුතුය. එම අකුසලයට ලැබිය යුතු දඬුවම සාධාරණ ලෙස විනිශ්චය කල යුතුය. ඉන්පසු දඬුවම ලබාදිය යුතුය. (මෙය හුදෙක් උපකල්පනයන් මත පදනම්වූ ක්‍රියාවලියක් පමණි) සිතන්න, මේවා සිද්ධවෙන්න අපට ඉහලින් බුද්ධිමත්, ප්‍රභල ශක්තියක් ක්‍රියාත්මක විය යුතුයි නේද? මෙම ක්‍රියාවලිය පැත්තකින් තබන්න. අකුසලයක් ඵල දීමට නම් අපව පාලනය කරන ශක්තියක් අපට ඉහලින් සිටිය යුතුයි නේද?
තවත් කොටසක් සමග හමුවන්නම්.
සත්‍ය මග බ්ලොග් අඩවිය

Last edited: