ගිය මාසෙ මගේ පඩිය - රු. 58,000.00
ලංකා බැංකුවෙ ණය වාරිකය - රු. 13,700.00
ක්‍රෙඩිට් කාඩ් එකේ ඇනුවල් ෆී එක - රු. 3,500.00 (කරුමෙට මේ මාසෙ)
බයික් එකේ ඉන්ෂුවරන්ස් එක - රු. 15,370.00 (කරුමෙට මේ මාසෙ)
බයික් එකේ බැටරිය අවුරුදු 4ක් විතර පරණ වෙලා ගිය සතියෙ ඩෙඩ් උණා.. අළුතෙන් බැටරියක් දැම්ම 12V7A - රු. 10,200.00
මාසේ වියළි ආහාර ද්‍රව්‍ය (හාල්, තුනපහ වගේ දේවල්) - රු. 16,000.00
කෙල්ලගෙ පන්ති සල්ලි - රු. 7,200.00
කෙල්ලගෙ උපන්දිනේ 10/08 වෙනිදා.. ගවුමක් අරන් දුන්නා - රු. 2,900.00
බර්ත්ඩේ කේක් එකක් ඕනි කියල අඬනවා.. ඒකට - රු. 2,500.00
මගේ බර්ත්ඩේ එක 10/01 තිබුණෙ.. ඔෆිස් එකේ කට්ටියට උඳු වඩේ දුන්නා - රු. 1,600.00 (කරුමෙට මේ මාසෙ)
ඔෆිස් එකේ උන්ට බොන් දෙන්න වෙනවා (ඒකට තවත් මල්ලි කෙනෙකුත් එකතු වෙනවා) - රු. 5,000.00
සතියට රු. 2,000.00 ගාණෙ සති 4ට පොළේ ගිහින් එලවළු ටික ගේන්න - රු. 8,000.00
බයික් රකට පෙට්‍රල් (4L x 4) - රු. 6,560.00
(මේ මාසෙ ටෙලිෆෝන් බිල්, ඉන්ටර්නෙට් බිල්, ලයිට් බිල්, වතුර බිල් ගෙවුවෙ නෑ.. ගෙවන්න විදියක් නෑ)
සම්පූර්ණ වියදම - රු. 92,530.00
හිඟ මුදල - රු. 34,530.00
මේ දැම්මෙ මගේ ඇත්තම වියදම. කිසිම මුදලක් බැංකු පොතේ ඉතුරු වෙලා නෑ. රු. 35,000.00ක් හොයාගන්න (ණයට ගන්න) විදියක් මේ දහ අතේ කල්පනා කර කර ඉන්නෙ.. වයිෆ් ජොබ් එකක් කරන්නෙ නෑ.. ඔන්න රජයේ සේවකයෙකුගෙ තත්ත්වෙ..
මේකේ සමහර ඒවාට උඹට තරහා යයි, හැබැයි මේ වෙලාවේ කරන්න දෙයක් නැහැ. තිත්ත කසාය බොන්න වෙනවා.
1) වයිෆ්ව ජොබ් එකකට ඇරපන් කිට්ටුව තැනක. මහන්තත්තකම අත ඇරලා රෙදි කඩේක වැඩට උනත් කමක් නැහැ නේ බන්. බර වැඩ නෙමෙයි, බස් වල දුර කටු කන්න ඕනත් නැහැ. රුපියල් 25,000-30,000 වගේ පඩියක් ඒවි. හොඳටම ඇති නේ උඹ ඉන්න තත්වේ එක්ක. උඹලගේ වියදම් ස්ටේබල් වුනාම අපහු අයින් වෙලා ගෙදර ඉන්න බැරිය.
2) සල්ලි නැතුව ඉන්දැද්දී මොන පුකේ අමාරුවකටද යකෝ මිනිස්සුන්ට බොන්න අරන් දෙන්නේ?
3) පාටි දෙන්නේ, කේක් ගන්නේ මොකද අමාරුකම් එක්ක. උඹේ දුවට තේරුම් කරලා දියන් තත්වේ. පන්ති යනවා කියන්නේ ලොකුයි නේ. උඹලා සල්ලි නැතුව කේක් කාලා පාටි දාලා පාරට වැටුනොත්, කන්න නැති වුනොත් දුවට වෙන දේ හිතපන්.
4) එක විශේකට පන්ති 2-3 යනවා නම් ඒවා අඩු කරපන්. අවුරුදු 8 දී මොන පන්තිද බන්. උඹලත් රැල්ලට අහු වෙලා ළමයින්ට පොඩි කාලේ ළමයි විදියට ඉන්න දෙන්නේ නැතුව පන්තිම අරිනවා. පුළුවන්කමක් තියෙනවනම් තව කමක් නැහැ. අනේ මන්ද ඉතින්. O/L A/L කාලේ තමයි පන්ති ඕන වෙන්නේ.
5) උඹේ ක්වොලිෆිකේෂන් එක්ක යන්න පුළුවන් ප්‍රයිවට් කොම්පැනි එකකට ජොයින් වෙන්න බලපන්. ඔයිට වැඩිය පඩියක් හම්බෙයි නේ.
6) ක්‍රෙඩිට් කාඩ් කැන්සල් කරපන්.
7) මොන රෙද්දටද යකෝ ණය ගත්තේ?
8) ගමන් බිමන් අඩු කරපන්. ලාබ නම් බස් එකේ පලයන්, පයින් පලයන් පොඩි දුරවල්.
Last edited: