අපි බලමු අපිට නිතරම පෙනෙන 3Dimension ගැන විස්තර ටිකක්..
> මොකක්ද 3Dimension (3D) කියන්නේ..
කියන්න දෙයක් නැනේ..දන්නවනේ දිග , පළල , ගැඹුර

> අපිට ඇස් දෙකෙන් පේනෙන්නෙ 3D ද?
ඔව්... අපිට ඔනම දේක ගැඹුර පේනවනෙ.


> 3D පේනන ඇස් දෙකම ඕනෙද??
සරල උදාහරනයකින්ම තේරුම්ගමු
* හරි මුලින්ම ලගම තියන වස්තුවක් දිහා බලන්න
* වස්තුවවේ දිග පළල වගේම ගැඹුරත් අපිට හොදට දැනෙනව
* දැන් ඒවස්තුව දිහාම තනි ඇහැකින් විතරක් බලන්න..
* දැන් මොකද වෙලා තියෙන්නෙ..අපිට දැන් ඒක පෙනෙන්නේ ෆොටෝ එකක් වගේ..
* වස්තුවට පිටිපස්සෙ තියන දේවල් සියල්ලම වස්තුවේ ඇලිල වගේ..


දැන් තේරෙනව නේද 3D පේන්න ඇස් දෙකම අවශ්‍ය බව..


>කොහාමද මේ දේ සිද්ද වෙන්නෙ ?


කලින් වස්තුව දිහාම ඇස් දෙකෙන් වෙන වෙනම බලන්න..
අපි හොද අවදානයෙන් බැලුවොත් පේනව අපේ ඇස් දෙකෙන් මේ වස්තුව පෙනෙන්නේ කෝණ දෙකකින් බව.

දැන් මේ එකම වස්තුවෙ කෝණ දෙකකින් ලබා ගන්නා images දෙක ඇස් දෙකේ දෘෂ්ඨිවිතාන මත වැටෙනව..
දැන් මේ images දෘෂ්ඨිකස්නායු හරහා මොලයට යවනවා Data වදිහට.
>දැන් තනිකර ගේම දෙන්නෙ අපේ මොලේ..





අපි ඇස්දෙක ඇරගෙන සිටින හැම වේලේම මේ දේ සිද්ධවෙනවා
මේකට කියන්නේ stereoscopic vision කියල..
තනි ඇහැක් විතරක් පෙනෙන අයට 3D කොහාමවත් පෙනෙන්නේ නෑ..එයා ගැඹුර ගැන අදහසක් ගන්නේ පරණ අත්දැකීම් මත..
ඔන්න ඔය නිසා තමයි තනි ඇසක් පමණක් ඇති අය වාහන පැදවීම ඉතාමත් අනතුරුදායකයි කියන්නෙ..


These are some Valuable information from a new member of EK..He had commented with these ideas and I pasted it here.. Tnxx ~Tharindhu~jayasingha~
ඔන්න මචන් මම එලකිරි එකේ පලවෙනි පෝස්ට් එක අද දානවා උබේ ත්‍රෙඩ් එකේ....
එකටම කියන්න ඕනා වැදගත් කරුනක් තමා සහෝදරයා කියලා තියෙන්නේ..
මම මේක කියන්නේ ඔයාගේ ත්‍රෙඩ් එකේ වටිනා කම වැඩි වෙන්න....
එතකොට බලන අයට මේක තවත් හොන්දට වදී....
හරි මචන්...
එකටම උබලා ලඟ තියන පෑන් දෙකක් අතට ගන්න..
හරි ඊට පස්සේ ඒ පෑන් දෙකේ තුඩවල් දෙක එකට ගාවන්න..![]()
ඊට පස්සේ ඒක ඉවත් කරන්න..
හරි දැන් ඔයාගේ එක ඇහක් වහලා ආයෙත් කලින් කරපු විදිහට පෑන් දෙකේ තුඩවල් දෙක එකට ගාවන්න බලන්න...
අහ්හ්හ් වැඩෙ අමාරුය් නේ....
දැක්කනේ තනි ඇහක් තියන කෙනෙක්ට වස්තු දෙකක් අතර තියන පරතරය හිතා ගන්න අමාරුය්..
එතකොට තනි ඇහක් පෙනෙන කෙනෙක් වාහනයක් එලවනකොට එයා වාහනයක් ඉස්සර කරද්දි ඉස්සරහින් වාහනයක් එනවනම් එයාට මේ වාහන අතර තියන පරතරය හිතගන්න බෑ එතකොය අනතුරක් වෙන්න පුලුවන්
මම දන්න විදිහට ඔහොමත් කියනවා සීන් එක
3D films හදන විදිහ අපි පස්සෙ දවසක බලමු...








Last edited:


