මාකට් එකේ දැන් 3M Double Tape එකේ original වලට වඩා duplicate තියෙනවා. දන්නේ නැති කෙනෙක්ට වෙනස හොයන්න අමාරුයි.
1. White Line - Original එකේ කවරේ සුදු පාට ඉරි fade out වෙලා තියෙන්නේ. Duplicate එකේ සුදු ඉරි හොදට තියෙනවා.
2. Side Mirror - Original එකේ කවරේ තියෙන car එකේ side mirror එක පොඩ්ඩයි පෙන්නේ. Duplicate වල side mirror එක එහෙම පෙන්නේ නෑ.
3. Smell - Original එක ගලවලා ගද සුවද බැලුවොත් rich smell එකක් එන්නේ. Duplicate එකේ සැර lean smell එකක් එන්නේ (මීට කලින් දෙකේ ගද සුවද වෙනස බලලා තියෙන්න ඕනේ මේ දෙකේ smell එකේ වෙනසෙන් අදුරගන්න නම්).
4. Core - Original එකේ ඇතුල් පැත්තේ පොඩි අකුරු හා logo එන්නේ. Duplicate එකේ අකුරු/logo size එක හා pattern එක වෙනස්.
ඔය ටික තමයි මූලිකවම අදුරගන්න පුලුවන් වෙනස්කම්.
5. ආයේ තියෙන්නේ ඉතින් Original එක හොදට අලවෙනවා. Duplicate එක හොදට ඇලවෙන්නේ නැහැ. සමහර විට සතියක් විතර තියෙයි (depend), සතියකින් විතර ගම් එක ඉතුරු වෙලා කෑල්ල බිම ඉදී.
*Original එකෙත් කලාතුරකින් defects තියෙන ඒවා එන්න පුලුවන්. ඒවා ඉතින් වෙනම දෙයක්.
දැන් මිළ ගණන් (7,500-9,000) නිසා ගොඩක් අය original ගන්නේ නැහැ. වෙන විකල්ප වලට යනවා.