ලක්ෂ 50 ට කෙළවෙන්න යන සීන් එකකුත් පේනව හැබැයි.
එහෙම එකක් නම් මටත් හිතුනා. ඕස්ට්‍රේලියාවේ ඇපල් වත්තක ඇපල් කඩන්න ජොබ් 10ක් තියෙනවා ඉක්මනට වට්සැප් කරන්න, කරලා ජොබ් එක බුක් කරගන්න කියනවා වගේ කතාවක්ද කියලා. මොකද අදකාලේ ඉක පුරාගෙන ශෝ මනී, යුනි ෆීස් ඔක්කොම ගෙවලා ස්ටුඩන්ට් එන්න දඟලන උන් ඉද්දී ඔහොම එකක් තිබ්බා නම් ඕක ඔයිට වඩා ප්‍රසිද්ද වෙන්න ඕන. මොකද ස්ටුඩන්ට් එනවට වඩා ඕක ලාබයි.
අනික තමයි ලක්ෂ 50ක් අරගෙන ජොබ් එකක් දෙනවා කියන්නේ ඒක නිකන් හරියට අපේ සල්ලි ටික මොකක්ට හරි දීලා මාසෙකට සැරයක් ඒකෙන් කොටහක් ආයේ අපිම ඉල්ලලා පඩියක් හම්බුනා කියලා හිත හදාගන්නව වගේ වැඩක්. ඊට වඩා හොඳයි FD එකක් දාලා ඒකේ පොලිය ගන්නවා.
හැබැයි ඉතින් මෙකෑනික් කියලා ජොබ් එක දීලා ක්ලීනින් ගස්සන ඉස්පොන්සියෙක් නම් ඉතින් ඔය වගේ දෙයක් කරනවා කිව්වොත් පුදුම වෙන්න දේකුත් නෑ. හැබැයි මේ කාලේ එහෙම වැඩ ගොඩක් අමාරුයි මම දන්න විදියට. ඉස්සරත් එහෙම කරපු උන් AUD45000වත් ගත්තා. දැන් රුපියලට කෙල වුන තරමට ලක්ෂ 50කට sponsorship එකක් දෙනවා කියන්නේ ශුවර් කරන්න බෑ.