4WD පදින්නෙ කොහොමද?
(for your information just Ctrl+C & Ctrl+V
)
ෆෝවීල් වාහන පදින අයට නම් කජු කනවා වගේ වැඩක් හැබැයි ෆෝවීල් වාහන පැදලා නැති අයට නම් මාර ප්‍රහේලිකාවක්. ගියර් පොලු 2යි මාර ප්‍රශ්ණෙ. හැබැයි ඇති දෙයක් නෑ. දන්නෝ දනිති. දන්න නොදන්න හැමෝටම අද අපි කියලා දෙන්න යන්නෙ ෆෝවීල් ගැන.
හරි මුලින්ම බලමු ඔයලා දැකලා ඇති ෆෝවීල් වාහන වල අංකයක් ගහලා තියනවා 4×4 කියලා. මොකක්ද ඒකෙන් කියන්නෙ?
පළමු ඉලක්කමෙන් කියන්නෙ වාහනයට ඇති රෝද ගණන.
දෙවන ඉලක්කමෙන් කියන්නෙ වාහනයේ බලය ආධාරයෙන් කැරකැවෙන රෝද ගණන.
ඒ අනුව,
4×4 (four by four) – රෝද 4ක් සහ රෝද 4ම බලගැන්වෙන වාහනයකි (4WD)
4×2 (four by two) – රෝද 4ක් සහ එයින් රොද 2ක් බලගැන්වෙන වාහනයකි (2WD)
අන්න ඒ විදිහට විවිධ ආකාරයේ වාහන තියනවා. අද වන විට ෆෝවීල් ධාවනයට වඩාත් උචිත ආකාරයට විවිධ drive train systems design කරලා තියනවා. ඒ අතුරෙන් උදාහරණ ලෙස “Full-time 4WD”, “Part-time 4WD”, සහ “Automatic 4WD” ගත හැක.
මොනවද මේ 4WD mode? අපි දැන් ඒ ගැන බලමු.
සාමාන්‍යයෙන් ෆෝවීල් ඩ්‍රයිව් එකෙන් වෙන්නෙ වාහනයේ ඩ්‍රයිව් ට්‍රේන් සිස්ටම් එකෙක් රෝද 4ටම බලය යැවීමයි. හැබැයි රොද 4ටම එකම වෙලාවෙ ඒ බලය ලබාදීම අනවශ්‍යයි. අන්න ඒ අනුව අපි ඉහත කියපු 4WD mode වර්ග වෙනවා.
Full-time 4WD (or permanent 4WD)
මෙම වර්ගයේ වාහන වල සෑමවිටම බලය රෝද 4ටම ලබාදෙනවා. සාමාන්‍යයෙන් බලය ඉදිරිපස හා පසුපස ඇක්සලය අතර අවශ්‍ය පරිදි මාරුවෙනවා. මේ සිස්ටම් එකෙන් වියළි සහ ලිස්සන සුළු මාර්ග තත්වයන් වල උපරිම ඝර්ෂණය ලබාදෙනවා. අමුතුවෙන් ඩ්‍රයිවර්ට activate කරන්න දෙයක් නෑ.
වැදගත්: Off-road driving වලදි Full-time 4WD වලට part-time 4WD වලට වගේ ධාවනයේ යෙදෙන්න අමාරුයි. මොකද Full-time 4WD system එක design කරලා තියෙන්නෙ ඝර්ශණය නොමැති තැන්වල රෝද කැරකැවෙන්නනේ.
Part-time 4WD
මෙම වර්ගයේ වාහන වල 4×4 හෝ 4×2 තෝරාගෙන ධාවනය කල හැක. ඒ කියන්නෙ ඩ්‍රයිවර්ට පුලුවන් ලිවර් එකක් හෝ ස්විච් එකක් ආධාරයෙන් මැනුවලි හෝ 4WD වලට හෝ 2WD වලට වාහනය මාරුකරන්න. ඒ කියන්නෙ differential එක lock හෝ unlock වෙන එක. Part-time 4WD වලට හොඳ ඝර්ශණයක් ලිස්සන සුළු මතුපිටදි ලබාදෙන්න පුලුවන්. මොකද ඉදිරිපස රෝද සහ පසුපස රෝද ලොක් වෙන්නෙ එකට. Off-road පදින්න හොඳම වාහන වර්ගය මෙයයි.
වැදගත්: කවදාවත් Part-time 4WD එකේ 4WD mode දාගෙන සුමට හෝ වියළි මතුපිට ධාවනය කරන්න එපා. කෙළින්ම ගරාජ් එකට තමයි යන්න වෙන්නෙ.
Automatic 4WD
මෙම වර්ගයේ වාහන 2WD ධාවනය කරන අතර අවශ්‍ය අවස්ථාවල සිස්ටම් එක විසින්ම තීරණය කොට 4WD හෝ AWD සඳහා මාරුවනවා. රෝද 4ට බලය ලබාදෙන්නේ අවශ්‍ය පරිදි අවශ්‍ය අනුපාතයට වෙනස් කරමින්ය. සාමන්‍යයෙන් නම් රෝද ලිස්සනකොටම තමයි මේ system එක activate වෙන්නෙ. හැබැයි නවීන වාහන වල නම් software එකක් තියනවා ලිස්සන්න කලින් අඳුරගෙන active වෙන්න.
වැදගත්: මේ වාහන ඉතා දුෂ්කර Off-road ධාවනයට ගැළපෙන්නේ නෑ.
හරි දැන් අපි බලමු ලොකුම ප්‍රහේලිකාව. කොහොමද ෆෝවීල් ගියර් දාන්නෙ කියන එක. මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි. හරි මූලිකවම ෆෝවීල් ගියර් එකේ ඔප්ශන් 3ක් තියනවා. ඒ තමයි 2H, 4H, 4L. මේකෙන් ඇත්තටම 2H එක වැදගත් නෑ. ඒ වගේම සමහර වාහනවල එන්නෙත් නෑ.
2H (2 Hi Range) එකට දාලා තියන්නෙ සාමාන්‍ය ධාවනයේදී. ඒ කියන්නෙ ඔබ 2WD mode එකේ හෝ දිනපතා සාමාන්‍ය පාරවල් වල ධාවනය කරනවා නම් ගියර් එක දාලා තියන්නෙ 2H එකේ.
හරි ඔන්න දැන් තමයි ෆෝවීල් ගියර් ගැන කතා කරන්නෙ. ෆෝවීල් ගියර් 2ක් තියනවා. ඒ 4H සහ 4L. ඒ කියන්නෙ Hi සහ Low ගියර් කියන එක. සරලව හැමතිස්සෙම මතක තියාගන්න Hi ගියර් එකට දාන්නෙ හයියෙන්න යන්න ඕන වුනාම. “හයි=හයියෙන්” හරිනේ?
Low ගියර් එකට දාන්නෙ අපිට ලොකූ බරක් අදින්න හෝ යන්න අමාරු තැනකින් හොඳින් බර දාලා යන්න පුලුවන් ගියර් එකක් ඕන වුනාම. මේ ගියර් එකේ හයියෙන් යන්න බෑ. බොහොම සෙමෙන් තමයි යන්නෙ. හැබැයි 4H එකට වඩා බලය වැඩියි.
4H (4 Hi Range) එක දාන්නෙ මොනවගේ අවස්ථාවලද?
කඳු පල්ලම් නොවන පාරක ඝර්ශණය අවශ්‍යවූ විට
වැලි සහිත බිමට එරුනුවිට
අධික ලෙස ලිස්සන සුළු මතුපිටක
හිමේ ධාවනයට
අයිස් මතුපිට ධාවනයට
ගල් සහ බොරළු ඇති පාරක
මඩ සහිත පාරක
කඳු මුදුන් තරණයට
4L (4 Low Range) එක දාන්නෙ මොනවගේ අවස්ථාවලද?
තෙත ලිස්සන සුළු මතුපිටක
වැලි සහිත පෙදෙසක් හරහා යෑමට
අධික දුෂ්කර මාර්ගවල
ගැඹුරු හා නොගැඹුරු දියේ ධාවනයට
ගල් උඩ නැගීමට
අධික බෑවුම් තරණයට
මඩවගුරු හරහා යෑමට
අමතර කරණු:
කිසිවිටෙක ජලපහරක් හරහා ධාවනය අතරතුර, කන්දක් නගිනවිට හෝ බසිනවිට, වැල් කඳුමතදී ගියර් මාරුකරන්න එපා.
සෑමවිටම සූදානමින් සිටින්න. ඔබට අවශ්‍යවීමට පෙර Low ගියර් එකට මාරුවන්න.
දැඩි වියළි මතුපිට 4WD ධාවනයෙන් වලකින්න.
හැමතිස්සෙම ඉදිරිය අවිනිශ්චිත නම් Low ගියර් එක දාගන්න.
(for your information just Ctrl+C & Ctrl+V

)ෆෝවීල් වාහන පදින අයට නම් කජු කනවා වගේ වැඩක් හැබැයි ෆෝවීල් වාහන පැදලා නැති අයට නම් මාර ප්‍රහේලිකාවක්. ගියර් පොලු 2යි මාර ප්‍රශ්ණෙ. හැබැයි ඇති දෙයක් නෑ. දන්නෝ දනිති. දන්න නොදන්න හැමෝටම අද අපි කියලා දෙන්න යන්නෙ ෆෝවීල් ගැන.