බැටරි වල කැපෑසිටි එක සෝලා වලින් චාජ් කරගන්න පුලුවන් තරමට පැනල් තියෙන්න ඕන, නැත්නම් බැටරිය තිබුනට සෝලා වලින් චාජ් කරගන්න බැරි නම් අපරාදෙbump
battery add kalata passe panels wadi kirimak awashya nadda? eka inverter ekak athida?
උදාහරනයක් විදියට මගේ බැටරි දෙක ෆුල් ඩිස්චාජ් කරලා චාජ් කරන්න යුනිට් 10ක් ඕන ඒ ප්‍රමානෙ සෝලා වලින් ජෙනරේට් වෙන තරමට පැනල් නැත්නම් බැටරි කෑපෑසිටි එක වැඩි වෙන එකේ ඇඩ්චාන්ටේජ් එක ගන්න බැහැ. අමතරව දවල් දවසෙ යූසේජ් එකත් පැනල් වලින් කවර් කරගන්න පුලුවන් තරමට පැනල් තියනවා නං හොඳයි
අයිඩියල් සිටුවේශන් එකකදි දවසටම යූස් වෙන යුනිට් ගාන පැනල් වලින් ජෙනරේට් වෙලා, අවුව නැති වෙලාවට යන යුනිට් ගානට බැටරි තියනවා නං ෆුල් ඕෆ්ග්‍රිඩ් වෙන්න පුලුවන්
සාමාන්‍යෙන් පැනල් වල ගහල තියන කැපෑසිටි එක වොට් x නම් 5x wh ප්‍රමානයක් සාමාන්‍යෙන් අවුව තියන දවසට ලංකාවෙ ජෙනරේට් වෙනවා කියලා දල වශයෙන් ඔය ෆේස්බුක් ගෘප් වල අය කියලා තිබුනා. එතකොට 1000W පැනල් එකක නං දවසට යුනිට් 5ක් වගේ ජෙනරේට් කරගන්න පුලුවන්, අවුව තියනවා නං
ප්‍රැක්ටිකලි ගත්තම තව ලිමිට් වෙන තැන් දෙකක් තියනවා, ඉන්වර්ටරේ හරි චාජින් කන්ට්‍රෝල් එකෙන් හරි උපරිම ගන්න පුලුවන් සෝලා පවර් එකක් තියනවා. මගේ ඉන්වර්ටරේ උපරිම වොට් 6000ක පැනල් සපෝට් කරාට බැටරි චාජ් කරන්න පුලුවන් වෙන්නෙ 48v/100A = 4800W වලින්. ඕකත් බලන්න ඕන බැටරි වැඩි කරනවා නං. මගේ එක බැටරියක උපරිම චාජින් කරන්ට් එක 50A එතකොට එක බැටරියක් තියෙද්දි සෝලා වලින් වොට් 6000ක් විතර ජෙනරේට් වෙන පැනල් තිබුනට ඒ උපරිම ප්‍රමානෙ බැටරියට යවාගන්න බැහැ එතකොට අර වැඩිපුර ජෙනරේශන් එක වැඩක් නැහැ මේකට කියනවා clipping කියලා. හැබැයි මගේ බැටරි දෙකම පැරරල් කරාම උපරිම 100A වලින් චාජ් වෙන්න පුලුවන්, නමුත් මගේ පැනල් තියෙන්නෙ 3700W නිසා බැටරි දෙකම සෙට් කරාම උපරිම 77A වලින් චාජ් වෙයි.
බැටරි වල චාජින් කරන්ට් එක ගොඩක් අඩු නං කැපෑසිටි එක තිබ්බා කියලා වැඩක් නැහැ චාජ් කරන්න ගොඩක් වෙලා යනවා ඒ වෙලාව අපිට අපිට සෝලා වලින් හොඳට ජෙනරේට් කරගන්න පුලුවන් වෙලාවට වඩා වැඩි නං ඒත් කොයි තරම් පැනල් තිබුනත් තේරුමක් නැහැ
මගේ සිස්ටම් එකේ Design decisions
මම තාම එක බැටරියයි හයි කරලා තියෙන්නෙ. ගොඩක් වෙලාවට ලබන සතියෙ අනෙක් එකත් හයි කරනවා
මගේ දවසක උපරිම යුනිට් 14ක් තමයි යූස් වෙන්නෙ. නමුත් මගේ පහල තට්ටුවෙ කඩ කාමර සෙට් එකක් තියනවා සහ තව එක තට්ටුවක් හදලා තියනවා තාම යූස් කරන්නෙ නැතිව. අපි ඉන්න තට්ටුවෙ සේරම බඩු සහ අනෙක් තට්ටු වල ලයිට් ටික විතරක් සෝලා වලින් දුවන්න තමයි ප්ලෑන් කරේ එතකොට අනෙක් තට්ටු දෙකේ ලයිට් වලට යුනිට් 2-3ක් දවසට යයි කියලා හිතුවා. එතකොට දවසට යුනිට් 17ක් විතර
තව දවල් වෙලාවෙ බැටරි නැතිව උනත් සිස්ටම් එක දුවන්න ඕන කියලා මට ඕන කමක් තිබුනා ඒක නිසා මම පැනල් වැඩිපුර ගත්තා.
මගේ පැනල් තියනවා වොට් 3720ක එතකොට අර ගෘප් එකේ අය කියපු විදියට යුනිට් 19ක් විතර ජෙනරේට් වෙන්න ඕන. හැබැයි මම ඉන්න තැන නිසාද කොහෙද මගේ පැනල් වල ජෙනරේශන් එක මීට වඩා ගොඩක් වැඩියි. අවුව හොඳට තියන දවසක නං පැය 8ක් විතරම වොට් 2500-3000 අතර ජෙනරේට් වෙනවා. එතකොට යුනිට් 22+ වගේ ජෙනරේට් වෙයි
මගේ රෑට යූසේජ් එක යුනිට් 5ක් වගේ. හැබැයි උදේට යූසේජ් එක පොඩ්ඩක් වැඩි වෙනවා උයන්න ගත්තම ඒක නිසා සහ ෆුල් ඕෆ්ග්‍රිඩ් වෙද්දි බැටරි වලට ස්ට්‍රෙස් එක අඩු කරගන්න ඕන නිසා බැටරි දෙකක් ගත්තා.
අවුව තියන දවසක නං 10.30 වෙද්දි බැටරිය(එකයි) ෆුල් චාජ් වෙනවා. මේ වැහි කාලෙ නිසා දවසම වැස්සම දවසට යුනිට් 3ක් වගේ ජෙනරේට් වෙනවා ඒක කෙලින්ම බැටරියට ඒක ඇති හවස උයන වෙලාවට ඕන පවර් එක ගන්න සහ ලයිට් කැපුවම ඒ වෙලාවෙ පවර් එක ගන්න
අද පොඩ්ඩක් පායලා ලාවට අවුව තියනවා දැන් පැනල් වලින් 3000W ජෙනරේට් වෙනවා. අවුව අඩු උනාට වහල සහ පැනල් වැස්සට කූල් වෙලා නිසා ජෙනරේශන් එක හොඳයි