6% නාඩගම අවසානයි..!!
අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% වෙන් කිරීමේ සටන් ප්‍රාඨයක් ඉදිරිපත් කරමින් සරසවි ඇදුරන් නැටූ නාඩගම දැන් අවසන් අදියරට ලංවී ඇති නිසා මේ ගැන (තවමත් හරිහැටි නොදත්) අය දැනුවත් කිරීම සඳහා මෙය ඉදිරිපත් කරමි.
මීට කළින් මා විසින් මොවුන්ගේ වැඩි වැටුප් ඉල්ලීම් විවේචනය කළ නමුත් 6% ගැන සඳහනක් නොකළේ ඒ සඳහා සුදුසු කාලය පැමිණ නොතිබුණු නිසාය.
පළමුව
1. මම රජයට කඩේ නොයන බවත්
2. ඇදුරන්ගේ "6% GDP" හා "බැංකු වැටුප් තල ඉක්මවා යන වැටුප් තල ඉල්ලීම" යන ඉල්ලීම් දෙකට හැර අනික් සියළු ඉල්ලීම් සාධාරණ යයි මම සිතන බවත් කිව යුතුය..
1. GDP යනු කුමක්ද? -
GDP (Gross Domestic product) හි තිබෙන්නේ අවුරුද්දක් පුරා රටක නිපදවූ සියලු භාණ්ඩ හා සේවාවල වෙළද අගයයි (Market value). ඊට රාජ්‍ය සහ පුද්ගලික අංශ දෙකම ඇතුළත් වේ. පුද්ගලික අංශයෙන් දායකත්වය වැඩි අතර ක්‍රමයෙන් පුද්ගලික අංශයේ ප්‍රතිශතය වැඩි වන බව පෙනේ.
2. දළ දේශීය නිෂ්පාදිතයෙන් කිසියම් ප්‍රතිශතයක් යමක් සඳහා වෙන් කළ හැකිද?
කෙසේවත් කළ නොහැක. GDP ගණන් කරන්නේ අවුරුද්ද අවසානයේ ය. ලබන අවුරුද්දේ GDP එක කීයද කියලා කියන්න කිසිවෙක් නොදනී. කළ හැක්කේ දළ වශයෙන් පුරෝකථනය කිරීම පමණි.
බොහෝ වෙලාවට පුරෝකථනය කළ අගයන්ද පාලනය කළ නොහැකි සමාජ ආර්ථික දේශපාලන හේතු නිසා වරදී.
පුද්ගලික අංශයෙන් දායකත්වය වැඩි නිසා රජයකට පමණක් තනිවම GDP වලට බලපෑම් කිරීමද අපහසුය.
3. එතකොට 6% අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමේ සටන් ප්‍රාඨය?? මෙය සාමාන්‍ය මිනිසුන් "ඇන්දීමට" නිර්මාණය කළ විහිළුවක් පමණි. දළ දේශීය නිෂ්පාදනය කියන්නේ අරකට මේකටයි මේකට මෙච්චරයි කියලා කවුරුවත් වෙන් කරන දෙයක් නොවේ. (රජයේ අය වැය නම් එහෙම වෙන් කරන්ඩ පුළුවන්. GDP නම් වෙන් කරන්න බෑ)
4. එතකොට ඇයි රාජ්‍ය ආදායමෙන් එක්තරා ප්‍රමාණයක් හෝ රාජ්‍ය වියදමෙන් එක්තරා ප්‍රමාණයක් වෙන් කරන්න කියල ඉල්ලන්නේ නැතිව GDP වලින් 6% ඉල්ලුවේ?
"රාජ්‍ය ආදායමෙන් අහවල් ප්‍රමාණයක් වෙන් කරනු" ආකාරයේ සටන් ප්‍රාඨයක් පොදු ජනතාවට මාර්කට් කිරීම අපහසු නිසා විය යුතුය.
GDP ඉල්ලීමේදී ක්‍රම ක්‍රමයෙන් එම අගය අඩු වූ ආකාරය පොදු ජනතාවට පෙන්වා ඔවුන් ඇන්දවීම පහසුය.
ඉහත පෙනෙන පරිදි අධ්‍යාපනය වෙනුවෙන් රජයේ වියදම රජයේ මුළු වියදමේ ප්‍රතිශතයක් ලෙස ගත්විට එතරම් වෙනසක් වී නැත. (කොතලාවල ඇකඩමිය වැනි ආයතන වලට යන වියදමත් එකතු කළේ නම් මීටද වැඩි දායකත්වයක් පෙන්වා දිය හැක.)
නමුත් අධ්‍යාපනය වෙනුවෙන් රජයේ වියදම GDP වල ප්‍රතිශතයක් ලෙස ගත්විට එය ක්‍රමයෙන් අඩු වන බව පෙනේ.
මෙම අඩුවීම නිදහස් අධ්‍යාපනයට තර්ජනයක් ලෙස "මාර්කට්" කළ හැක.
5. GDP වලින් අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රතිශතය ක්‍රමයෙන් අඩු වෙනවා නේද? අනිවාර්යයෙන්ම අඩු විය යුතුයි. එයට හේතු නම් 1. GDP හි ක්‍රමයෙන් පුද්ගලික අංශයේ ප්‍රතිශතය වැඩි වීම 2. අධ්‍යාපනය වෙනුවෙන් රටට ආදායමක් නොලැබීම 3. හරි හැටි මෙම අගය ගණනය නොවීම.
උදා: 2011 වර්ෂයේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 59.17
එමගින් 6% ක් යනු ((59.17 /100)* 6%) ඩොලර් බිලියන 3.55
එනම් (3.55*130) රුපියල් බිලියන 461.5 ක් අධ්‍යාපනයට වෙන් කරන ලෙස ඇදුරන් ඉල්ලයි.
2011 වර්ෂයේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 985.92
කළින් දැක්වූ පරිදි සරසවි ඇදුරන් ඉල්ලන මුදල රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙසට ((461.5/985.92)*100%) බැලූ විට 46.80%
සරසවි ඇදුරො පවසන්නේ රාජ්‍ය ආදායමෙන් 46.80%ක් අධ්‍යාපනයට වෙන් කරන ලෙසයි!!
නමුත්
රාජ්‍ය ආරක්ෂාවට රු.බිලියන 163.49 හෙවත් රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙසට 16.58%
රාජ්‍ය පරිපාලනයට (ආණ්ඩුවේ වියදමුත් එක්ක) රු.බිලියන 42.24 හෙවත් රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙසට 4.28%
මහජන සාමය සහ ආරක්ෂාවට රුපියල් බිලියන 51.02 හෙවත් රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙසට 5.17%
එහෙම වෙලත් අධ්‍යාපනයට විතරක් රාජ්‍ය ආදායමෙන් 46.80% ඉල්ලන්නේ කෙසේද?
6. දැනට මේ අගය 1.89% යයි කීම හරිද?
ලංකාවේ GDP වලින් අධ්‍යාපනයට යන ප්‍රමාණය හරියටම ගණනය වෙන්නේ නෑ. හරිනම් පුද්ගලික උපකාරක පන්ති වලින් / පුද්ගලික පාසල් වලින් / පුද්ගලික තාක්ෂණික ආයතන වලින් ළමයින්ට ඉගැන්වීම පවා දළ දේශීය නිශ්පාදිතයේ (GDP) එකතු කළ අගයට ඇතුළත් විය යුතුය.
ඔබේ දුව පිහිනුම් පන්තියට ගෙවන ගණනත්, ඔබේ බිරිඳ "කුකරි ක්ලාස්" එකට ගෙවන ගණනද මෙයට ඇතුලත් විය යුතුය.
මේවා හරිහැටි ගණනය නොවන බව අපි හැමදනාම දනිමු.
රටේ තියන ටියුශන් ක්ලාස් ඔක්කොම ගණනය කළොත් GDP වලින් අධ්‍යාපනයට යන ප්‍රතිශතය 6% කට වඩා වැඩි විය හැක.
7. GDP වලින් රටේ අධ්‍යාපන තත්වය මැනිය හැකිද?
ලංකාවේ අධ්‍යාපනය නොමිලේ (බොහෝ දුරට ) දෙන නිසාත් පුද්ගලික අංශයේ දායකත්වය අඩු නිසාත් අධ්‍යාපනයෙන් රජයට සෘජු ආදායමක් නොලැබෙන නිසාත්, GDP එකෙන් අධ්‍යාපන ප්‍රමුඛතාව මැනීමට වඩා වෙනත් දර්ශකයක් සුදුසු බව පෙනේ.
උදා- රාජ්‍ය ආදායමෙන් අධ්‍යාපනය සඳහා වැයවන ප්‍රතිශතය.
මීට අමතරව වෙනත් දර්ශකද ඇත. පහත ලේඛනය බලන්න.
http://www.uis.unesco.org/Library/Documents/eiguide09-en.pdf
8. 6% ලැබීම යනු රජයෙන් ලැබෙන අධ්‍යාපනය දියුණු වීම ද?
ජනතාව සිතා සිටින්නේ 6% ලැබීම යනු රජයෙන් ලැබෙන අධ්‍යාපනය දියුණු වීම බවයි. මෙය වැරදිය.
රජයේ අධ්‍යාපන වියදම් වැඩි නොකර GDP ප්‍රතිශතය වැඩි කළ හැකිය.
මේ සඳහා උපක්‍රම කීපයක්- 1. සියළු උපකාරක පන්ති ලියාපදිංචි කර බදු ගැසීම. 2. පෞද්ගලික විශ්ව විද්‍යාල නිර්මාණය.
(මේ කිසිවකින් නිදහස් අධ්‍යාපනය දියුණු නොවන අතර GDP ප්‍රතිශතය පමණක් වැඩිවේ)
වෙනත් විදිහකින් කියන්නේ නම් සරසවි ඇදුරන් 6% පෙන්වා ජනතාව මුලා කර ඇත. ජනතාව සිතා සිටින්නේ 6% ලැබීම යනු රජයෙන් ලැබෙන අධ්‍යාපනය දියුණු වීම බවයි.
9. 6% යනු පුස් ඉල්ලීමක් බව දැන්වත් පිළිගනීද?
මීට කළින් වතාවකදීත් දේවසිරි නැමැත්තා රූපවාහිණී සේවයකට පවසා සිටියේ තමන්ට 6% අනවශ්‍ය බවත් ප්‍රශ්ණය වැටුප් බවත්ය.
http://lankacnews.com/sinhala/main-news/82646/
මෙය විකාශය වූ විට ඔහු පැවසුවේ තමා කී දෙය විකෘති කළ බවයි.
නමුත් නැවතත් ඔහු එයම කීවේය...
පහත Link එක බලන්න..
http://www.dailymirror.lk/news/22489-futa-willing-to-compromise.html
ඔහුගේ කට හඬ්න් ම ඇත.
10. ඉදිරි සාකච්ඡා වලදී සිදු වන්නේ කුමක්ද?
ඇදුරන්ගේ වැටුප් ප්‍රශ්ණය සාකච්ඡා වීම පමණි. 6% ගැන සඳහනක් වත් නැති වනු ඇත.
6% කතාව හුදෙක් සුරංගනා කතාවක් පමණි. ජනතාව දැන්වත් මෙය වටහා ගත යුතුය...
සැ. යු. - මා මෙය ලිව්වේ හුදෙක් "6% GDP ගුලිය" ගිල දැමූ අය දැනුවත් කිරීමට පමණි.
සියළු රාජ්‍ය/පෞද්ගලික සේවකයන්ට වැටුප් වැඩි විය යුතු බවත්, රජයේ දූෂණය, නාස්තිය ඉහ වහා ගොස් ඇති බවත් "බංඩයි බන්දුයි" ගෙදර යැවීම සුදුසු බවත් ඉදුරාම පිළිගනිමි.