මෙහි අවසානයේ ඔවැනි දෙයක් වන බව බුද්ධිමත් ඕනිම මිනිසෙකුට තේරුම් යායුතු කාරණයකි , මොකද වර්තමාන රජය විසින් ඔය කියන ආකාරයේ පිරිවැයක් රටේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන කල යුතුනම් , එය මේ වනවිටත් කළයුතුව තිබුණි, එහෙත් එය එසේ නොවී ඇති බව , ලංකාවේ පවතින විශ්වවිද්‍යාලයන්ට ගොඩවන ඕනිම සිසුවෙකුට / අචර්යවරයෙකුටම දකින්නට ලැබෙන කරුණකි. ඔය කියන කියන ආකාරයට මුදල් වෙන්කිරීමට රජයට හැකියාවක් තිබුනා නම් එය මෙතරම් කාලයක් ඇදෙන්නේ ද නැත. ලංකාවේ දරුවන් ට අධ්‍යාපනය හොදින් ලබාදීමට අවශ්‍ය තාවයක් තිබේ නම් ඔය කියන ආකාරයේ ප්‍රශ්නයක් මතුවන්නේද නැත. මෙවරද සිදුවුයේ ප්‍රශ්නයට විසදුමක් ලැබීම නොව එය යටගැසිමකි , දැනට තිබෙන තත්ත්වය මතින් , ආචාර්යය වරුන්ව පහත් කොට කතා කිරීමට පෙර ඔවුන්ද මිනිසුන් බව තේරුම්ගත යුතුය, ඔවුන්ද ජිවත්විය යුතුය, ජීවත්වීමට අදායම් මාර්ගයක් තිබිය යුතුය, මස ගණනක වැටුප් නොමැතිව කට්ට කෑවේ හුදෙක් ආතල් එකක් ගැනීමට නොව ඇත්තටම ප්‍රශ්නයක් තිබෙන බැවිනි.
6% gdp පාඨයක් යොදා ගනිමින් සිදුකල ක්‍රියාවලිය හුදෙක් ආචාර්යය වරුන්ගේ වැටුප් වැඩි කරගැනීමට යෙදු උපක්‍රමයක් නම් , එයට මෙතරම් කට්ටක් කැ යුතුනොවේ, එයට නිකන්ම වැඩවර්ජනයක් කිරීම ප්‍රමාණවත් ය, එයට සිසුන්ද යොදාගනිමින් පාගමන් කලයුතු නොවේ, එයට කෙලින්ම වැටුප් ප්‍රමාණවත් නොවන බව පවසමින් වැඩවර්ජනය කල යුතුව තිබුණි,. එසේ කලානම් මෙතරම් කාලයක් ගතවීමට පෙර කලින් පොරොන්දු වූ වැටුප් වැඩිකිරීම් වත් ලැබීමට ඉඩ තිබුණි. එසේ නොකොට 6% කතාවක් ඇදගත්තේ අඩුම වශයෙන් 2% - 3% වැනි අගයකටවත් නැතිනම් එකගවිය හැකි පමණකැ අගයක් වෙන් කරගන්නා බලාපොරොත්තුවෙනි . එය කොතරම් දුරට නිදහස් අධ්‍යාපනයේ අනාගතයට බලපානු ලබයිදැයි අවබෝධවියයුතු කරුණකි.
දැන් තේරුමක් නැතිව ආචාර්යය වරුන්ට බැන්නට වැඩක් නැත, ඔවුන්ට බැන බැන නැවතත් ශිල්ප හැදෑරීමට යන්නේද ඔවුන් ලගටමය.ආචාර්යය වරුන්ට ප්‍රසිද්දියේ ගරහන දේශපාලුවන්/අලයන් ගේ දරුවන් කෙදිනකවත් නිදහස් අධ්‍යාපනයක් ලබන්නේද නැත, එම දේශපාලුවන්ගේ ගුණ්ඩු ගිලින බහුතරයක් මෝඩ ජනතාව තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබාදිය හැකි එකම මගද අවුරාගනී. ඇඳුරන්ට වැටුප් වැඩිවුවද නැතද නිදහස් අධ්‍යාපන ක්‍රමයේ මළපුඩුව හැකි උපරිමෙන් තද කොට හමාරය !!!.