අයියද මල්ලිද දන්නේ නැ මට තේරෙන දේ නම් උබේ මොකක් හරි අව්ලක් තියනවා. මචන් මේ රටේ හම්බ කරන්න බැරි නැ මමත් මාසෙකට 220,000.00 වගේ තමා මම හම්බ කරන්නේ නමුත් තව ඕනේ නම් පුළුවන්. මම ලොකුවට ඉගෙන ගත්තු එකෙකුත් නෙමෙ. මට තියෙන්නේ O/L විතරයි. උදේ 6.15 ට නැගිටලා 6.45 ට ගෙදරින් එනවා ගෑනිව ඔෆ්ෆිස් එකෙන් බස්සල ඔෆ්ෆීස් එකට එනකොට 8.00 වගේ වෙනවා 8.00 - 5.30 වෙනකල් වැඩ කරනවා ගෙදර යනවා සමහර දවස් තියනවා මිටින් / වැඩ සෙට් වෙන වෙලාවට පොඩ්ඩක් පරක්කු වෙනවා. මේකේ මම දැකල තියනවා තව උන් අඩනවා පඩි නැ කියල. මචන් උබලට ඔප්ෂන් ඇති කියලයි මට හිතෙන්නේ මට එහෙම තිබ්බේ නෑ. මම හිතනවා එකයි මම අද මෙතන ඉන්නේ කියල.මම දන්නවා මෙතන ඉන්නවා මිටවඩා ලොකු පඩි ගන්න උන් ඔනතරන්. පඩිය උබලට දෙන්නේ නැ මචන් උබල හම්බ කරගන්ඩ දැන ගන්ඩ ඕනේ. මම කියන්නේ ගහ මරගෙන නෙමේ.
1. රස්සාවට බැන බැන ඉන්න එපා.
2. රස්සාව හම්බ කරන්ඩ හින්දම කරන්න එපා.
3. කලස් පෙන්නපන් හැබැයි වැඩ එකක් කරලා 10 ක් කලස් නෙමෙයි 10 ක් කරලා එකක් කලස් පෙන්නපන්.
4. තමන් කරන දේ ගැන A -> Z දැන ගනින්. අනිත් උන්ට හදවතින්ම කියල දීපන්.
5. අනිත් උන්ට උදව් කරපන්. උන්ගේ සැපතට ආදරය කරපන්. අනිත් උන් කරන දේවල් උබට අදාළ නෑ. 100% ජෙනුයින් වෙයන්. ඔෆ්ෆිස් එකේ හැමෝටම ප්‍රොමෝට් වෙන්න උදව් කරපන්.
උබ කරන රස්සාව නෙමෙයි වැදගත් වෙන්නේ උබ රස්සාව කරන විදිහයි.
ඔය විදිහට 1 අව්රුද්දක් කරලා බලල ප්‍රතිපල නැත්තන් මැසේජ් එකක් දාපන් මට
කලස් kiyanne monaada mcn







