අතීතයේ වෙච්ච අවාසනාවන්ත සිදුවීම් නැවත නැවත ආවර්ජනය කරන්න වීම සතුටක් නොවෙයි.
ඊටත් අමතරව common sense කියන දේ ගෑවිලාවත් නැතුව, තමන් අන්ධානුකරණයෙන් අදහන පක්ෂය(හෝ රජය) කරන වැරදි වහන් කරලා, සියලුම වැරදි අනිත් පක්ෂයට (හෝ රජයට) බැර කරලා අපහාසාත්මක, එහෙම නැතිනම් සමාජ මාධ්‍යයකට තියා මුඩුක්කුවකටවත් නොගැලපෙන භාෂාවෙන් මේකේ දාන කොමෙන්ට්ස් දැක්කාම මේ වාගේ දෙයක් ගැන ත්‍රෙඩ් එකක් දාන්න දෙපාරක් හිතන්න ඕනෑ.
ඔව්, ඔය කියන ආකාරයේ දෙයක් සිද්ද උනා. ගෝනි බිල්ලා කියලත් හැඳින් වුනේ ඒකයි. ඒවාත් කිසිම විදියකින් සාධාරණීකරණය කරන්න බැරි අවාසනාවන්ත දේවල්.
අද කාලේ පොලිසියට(Traffic Police) දිනකට නඩු පනහක් අරන් දෙන්න කියපුවාම පාරේ යන නීතිගරුක රියදුරන්ට පවා මොකක් හරි ඇදයක් කියලා නඩු දාන බව අපි අහලා දැකලා තියනවානේ. ඒ වාගේ ඒ කාලෙත්, මොකක් හරි සුළු හේතුවක් නිසා (එකල විහිලුවට කිව්වේ ගම් පෙරලිය, විජයබා කොල්ලය වගේ පොතක්, සෝවියට් දේශය වගේ සඟරාවක් ගෙදරක තිබුනත් ඇතියි කියලයි) පොලිසියට/හමුදාවට අල්ලා ගත්ත කොල්ලන්ව ගෝනියක් ඇතුලට දාලා අඩුම තරමින් අද ජේ වී පී කාරයෝ පස් දෙනෙක් වත් අල්ලලා දුන්නේ නැත්තන් උඹව මරනවා කියලා කියපුවාම, කාව හරි පෙන්නනවා. ඒ මිනිස්සු සමහර විට JVP කියන abbreviation එකේ තේරුම වත් නොදන්නා අය වෙන්න පුලුවන්.
ඊළඟට තමන්ගේ තරහ කාරයෝ, එහෙම නැතිනම් විරුද්ධ පාක්ෂිකයන් අල්ලා දීමත් ජයටම සිදු උනා. ඒ හැර, පුද්ගලික ප්‍රශ්න නිසා ජවිපෙ හෝ රජයේ ගිණුමට බැර වෙන ලෙස කල මිනීමැරුම් කිරීමත් බහුලව සිද්ද උනා.
එකල මම සේවය කල ආයතනයේ හිටපු account clerk කෙල්ලෙකුත් මේ විදියේ අවාසනාවන්ත මරණයකට ගොදුරු උනා. ක්ලාක් කෙනෙක් විදියට රැකියාවක් කරන්න අවශ්‍ය නොවෙන තරමට වත් පොහොසත්කමක් තිබුන ඇය, රැකියාව කලේ එයාගේ පෙම්වතා එක්ක කතා බහ කරන්න ගෙදරින් නිදහසක් ලබා ගන්න මිසක් ලැබෙන වැටුප බලාගෙන නොවෙයි.
ගෙදරින් සම්පුර්ණයෙන්ම විරුද්ධ උන මේ සම්බන්ධය නවත්වන්න බැරිම තැන, මේ පෙම්වතාට වෙඩි තියලා මරලා ජවිපෙ හෝ රජයේ account එකට දාන්න මේ කෙල්ලගේ ගෙදරින් කටයුතු කරලා තිබුනා. ඒ කෙල්ල ටිකක් මහතයි. දෙහිවල බීච් එකේදී කොල්ලාට වෙඩි තියන්න එනකොට, කෙල්ල ඉස්සරහට ඇවිත්. කෙල්ල වෙඩි වැදිලා මලා. කොල්ලාට මුකුත් උනේ නැහැ. මේවාත් එකතු වෙන්නේ ජවිපෙ හෝ රජයේ ඝාතන වලටයි.
------ Post added on Apr 11, 2021 at 4:38 AM