96 ලෝක ශූරයෝ හෙට නැවතත් පිටියේ
අද (සෙනසුරාදා) හවස එකට චැනල් අයි බලන්න
ශ්‍රී ලංකාව 1996 වසරේ පැවැති ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනාගෙන වසර 20 ක් පිරීම නිමිත්තෙන් එම තරගාවලියට සහභාගී ලෝක ශූර කණ්ඩායම සහ එදා මෙදා තුර කි‍්‍රකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ කී‍්‍රඩකයන් පිරිසකගෙන් සමන්විත ඕල් ස්ටාර්ස් කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රදර්ශන විස්සයි20 තරගයක් හෙට (19 වැනිදා) පස්වරු 1.00 සිට කොළඹ කි‍්‍රකට් සමාජ (සී. සී. සී.) කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
අර්ජුන රණතුංග නායකත්වය දරන ලෝක ශූර කණ්ඩායමට අරවින්ද ද සිල්වා, අසංක ගුරුසිංහ, රොෂාන් මහානාම, සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, හෂාන් තිලකරත්න, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවින්ද්‍ර පුෂ්පකුමාර, උපුල් චන්දන සහ මාවන් අතපත්තු යන 1996 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ කී‍්‍රඩකයෝ ඇතුළත් වෙති.
1996 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ කී‍්‍රඩකයන් අතුරින් කුමාර් ධර්මසේන පමණක් මෙම තරගයට සහභාගි නොවන අතර ඊට හේතුව ඔහු විනිසුරුවරයකු ලෙස මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ විනිශ්චය කටයුතු වල නිරතව සිටීමයි.
ටෙස්ට් වරම් හිමිකරගත් කාලයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කළ කී‍්‍රඩකයන්ගෙන් තෝරාගත් කණ්ඩායමක් ඕල් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කරයි. එම කණ්ඩායමේ නායකයා ලෙස ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ හිටපු උපනායකයකු වන රෝයි ඩයස් කටයුතු කරයි.
කුමාර් සංගක්කාර, ග්රැහැම් ලැබ්රෝයි, මහේෂ් ගුණතිලක, තිළිණ කණ්ඩම්බි, හේමන්ත දේවපි‍්‍රය, අවිෂ්ක ගුණවර්ධන, චරිත් සේනානායක, හේමන්ත වික්‍රමරත්න, එරික් උපශාන්ත, සජීව ද සිල්වා, ඉන්දික ද සේරම්, මලින්ද වර්ණපුර, හැළඹගේ පේ‍්‍රමසිරි, චමින්ද මෙන්ඩිස් සහ ගාමිණි පෙරේරා යන කී‍්‍රඩකයෝ ෙ ඕල් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කරති.
මෙම තරගයේ ආදායමෙන් ලැබෙන මුදලින් කොටසක් උතුරු නැගෙනහිර පළාත් වල වකුගඩු රෝගයෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් වෙන් කිරීමට නියමිත අතර ඉතිරි කොටස ශ්‍රී ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් සඳහා අරමුදලක් පිහිටුවීම වෙනුවෙන් වෙන් කිරීමට නියමිතය.

Last edited: