***_Harley_Davidson_මෝටර්_බයික්_***




සමහරුනම් අහල ඇති. අහල නැති එලකිරියන්සලා වෙනුවෙන් පොඩි විස්තරයක් දාන්න හිතුනා. එහෙනම් කියවගෙන යමු.
Harley-Davidson කියන්නේ ඇමරිකාවේ තියන මෝටර් බයික් නිෂ්පාදනය කරන ප්‍රධාන ආයතනයක්. මේකේ තියන විශේෂත්වය තමයි මේ බයික් වල බර සහ එන්ජින් capacity එක ගොඩක් විශාලයි. ඒ කියන්නේ 700 cc වලට වඩා විශාල ඒවා විතරයි මෙයාල හදන්නේ.
ඒ වගේම පෙනුමත් ටිකක් classic.
ඒ වගේම පෙනුමත් ටිකක් classic.
මේකේ ඉතිහාසය ගැන කතා කරොත් මුලින්ම මේ වැඩේට අතගහල තියන්නේ 1903 දී වගේ William S Harley සහ Arthur Davidson කියන දෙන්නා.
මේ පින්තුරේ වම් පැත්තේ උඩ ඉන්නේ Harley, වම් පැත්තේ පහල ඉන්නේ Davidson කියන දෙදෙනා.
ඒ වෙනකොට වයස 20ක් විතර වෙච්ච මෙයාල සාමාන්‍ය සයිකලයක් නිර්මාණය කරලා ඒකට පොඩි එන්ජිමක් යොදන්න සැලසුම් කරාලු.
ඒක සාර්ථක උන නිසා වැඩි කාලයක් ගන්නේ නැතුව ඊට වඩා එන්ජින් ධාරිතාවය වැඩි (406cc), සහ කිලෝ 13ක flywheel එකක් යොදා ගෙන ඊළඟ නිර්මාණය කරලා තියනවා. ඒ 1907 දී. (flywheel යනු නිපදවෙන යම් ශක්තියක් ගබඩා කරන උපකරණක් කියලා තියෙන්නේ, දන්න කෙනෙක් ඉන්නවනම් තව විස්තර කරන්න.)
මෙයාල අවශ්‍ය කරන සෑම අමුද්‍රව්‍යක්ම තමන්ම නිෂ්පාදනය කරගෙන තියෙන්නේ. කොහොමහරි 1906 වෙනකොට තමන්ගේම කර්මාන්ත ශාලාවක් පටන් ගන්න තරම් වත්කමක් තිබුනා.
මේ කාලේ වෙනකොට පොලිසියටත් මෝටර් බයික් නිෂ්පානය කරලා දෙන්න මෙයාල වගකීම අරන් තියනවා. කොහොම උනත් වසරකට නිෂ්පාදනය කරන්නේ බයික් 150- 200 වගේ ප්‍රමාණයක්.
ඒ කාලේ තිබ්බ තාක්ෂණයත් එක්ක ඒකත් සැලකිය යුතු ගානක්.
ඒ කාලේ තිබ්බ තාක්ෂණයත් එක්ක ඒකත් සැලකිය යුතු ගානක්.
මේ තියෙන්නේ 1916 වෙද්දී තිබ්බ model එක.
1920 වෙද්දී ලෝකයේ ලොකුම මෝටර් බයික් නිෂ්පාදකයා වෙන්න මෙයාලට පුළුවන් වෙලා තියනවා. ඒ වෙනකොට බයික් 29,000 ක් විතර නිෂ්පාදනය කරලා ලෝකයේ රටවල් 67 ක බෙදා හැරලා තියනවා.
මේ තියෙන්නේ 1923 දී නිෂ්පාදනය උන 1000 cc බයික් එකක්. 

මේ වගේ තව මාදිලි ටිකක් බලමු. මේ තියෙන්නේ 1931 model එක. 1200 cc .
ලෝක යුද්ධයේදී Canada හමුදා වෙනුවෙන් නිපදවන ලද මාදිලිය.
1942 දී හමුදාව වෙනුවෙන් නිපදවන ලද වර්ගය. මෙය BMW සමාගමේ නිෂ්පානයක කොපියක් කියලයි සඳහන් වෙන්නේ. වැඩි දුරටත් කියනවනම් R 71 කියන model එකලු කොපි කරලා තියෙන්නේ.
1955 -59 දක්වා නිපදවූ hummer මාදිලිය. 

1971 දී ආපු model එක.
මේ 2002 මාදිලිය.
වර්ෂ දෙදහස් ගණන් වලදී Ford සමාගමත් එක්ක එකතු වෙලා වෙනත් වාහන නිෂ්පාදනය කරන්නත් පටන් අරගෙන තියනවා. මේ තියෙන්නේ ඒ පටන් ගත්ත එක. එත් මිල ගණන් වැඩි නිසා මිනිස්සු අතරේ එච්චර ජනප්‍රිය වෙලා නෑ . ඒ නිසා ඒක අත් ඇරලා දාල තියනවා.
පස්සේ 2009 වෙනකන් Buell කියන තවත් සමාගමක් එක්ක මෝටර් බයික්ම නිෂ්පාදනය කරලා තියනවා. මේ තියෙන්නේ එහෙම නිපදවපු Buell Lightning XB9SX එකක්.
2003 Harley-Davidson XL1200 Custom Anniversary Edition
මේ දක්වා සාර්ථක ගමනක් ඇවිත් තියන මේ සමාගමේ සේවකයෝ 6000ක් විතර ඉන්නවලු. ඒ වගේම අති විශාල වත්කමක් සහිත පොදු සමාගමක්. මේවගේ මුල් අයිතිකාරයෝ හිතන්නේ නැතුව ඇති මෙච්චර දියුණු වෙයි කියලා. 

තව දෙයක් මේවා පදින්නේ එක්තරා කොට්ටාශයක්. එයාල මේවට ආවේනික ඇඳුම් ඇඳගෙන අනික් අයගේ අවධානය අරගෙන යන්න කැමතියි. ඒක එක style එකක්. මෝටර් බයික් එකක් මිල උනත් ගොඩක් වැඩියි.
එහෙනම් ඇති නේද? කියවල බලල හොදනම් කමන්ට් කරන්න. වැරදි ඇතොත් සමාවෙන්න.
හැමෝටම ජය !!
හැමෝටම ජය !!







