A – අල්ෆා, B – බ්‍රාවෝ, C – චාර්ලී

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    A – අල්ෆා, B – බ්‍රාවෝ, C – චාර්ලී

    මෙය උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න.... පෝස්ට් එක දමපු පුද්ගලයාට මාගේ උපහාරය...:D:D


    tGHG.jpeg




    ගුවන්විදුලි පණිවිඩ හුවමාරුව ත්‍රිවිධ හමුදාවට මෙන්ම පොලීසියටද එකසේ පොදු දෙයකි. එහෙත් පොලිස් ගුවන්විදුලි පණිවිඩ හුවමාරු පිළිවෙත ත්‍රිවිධ හමුදා පණිවිඩ හුවමාරු පිළිවෙතට හාත්පසින්ම වෙනස් ඉතා සරල ක්‍රමයකි. පොලිස් නිලධාරීන් අතේ ගෙනයන පණිවිඩ හුවමාරු යන්ත්‍රයකින් හෝ ඔබ කෙදිනක හෝ පොලිස් ස්ථානයකට ගොස් ඇත්නම් එහිදීද පොලිස් පණිවිඩ හුවමාරු යන්ත්‍ර වලින් නිකුත්වන පණිවිඩ අසා ඇති. ඒ පණිවිඩ ඔබට පහසුවෙන් තේරුම්ගත හැකියි. උදාහරණයක් වශයෙන් මහරගම පොලිස් ස්ථානයේ සිට අවිස්සාවේල්ල පොලීසියට ඇමතුමක් කරන්නේ ‘අමතන්න මහරගමට අවිස්සාවේල්ල’ යනුවෙන්. එය අසා සිටින ඕනෑම කෙනෙකුට වැටහෙනවා මේ කොහෙන් කොහාටද කතා කරන්නේ කියා. එමෙන්ම ‘සැක කටයුතු නිල්පාට කැන්ටර් රථයක් එනවා වහාම අත්අඩංගුවට ගන්න’ කියා කිව්වොත්, එයත් අසා සිටින ඕනෑම කෙනෙකුට වැටහෙනවා. ඒ කැන්ටර් රථයට සම්බන්ධ කෙනෙක් එය අසා සිටියොත්, කැන්ටර් රථයේ යන අයට ජංගම දුරකතනයක් තිබේනම්, එයට කතාකර අනතුරු ඇඟවීමක් කල හැකියි. නමුත් ත්‍රිවිධ හමුදාවේ පණිවිඩ හුවමාරු එසේ සරලව කල නොහැකියි. යුද්ධයකදී රහසිගත බව කොතරම් ඉහලින් ආරක්ෂා කලයුතුද යන්න, පසුගිය යුද සමයේ අත්දැකීම් නිසා මේ රටේ බොහෝ දෙනෙක් දන්නවා. හමුදා පණිවිඩ හුවමාරුවක එක ඉස්පිල්ලක් ඇලපිල්ලක් වැරදුනොත් යුද්ධය පැරදී රටක් තවත් රටකට යටත් වන්නට සිදුවිය හැකියි. නැත්නම් තමන්ගේම හමුදාවේ සිය දහස් ගණනකගේ ජීවිත හානි විය හැකියි. ගුවන් යානා, නැව්, යුද ටැංකි ආදිය සතුරා අතට පත්විය හැකියි. මේ නිසා ආරක්ෂක හමුදා පණිවිඩ හුවමාරු කටයුතු සිදුවන්නේ ඉතා සංවිධානාත්මකව ඉහල විනය නීති සහ දැඩි අධීක්ෂණය යටතේයි.



    tGJP.jpeg





    මෙහි දැක්වෙන ආකාරයේ පණිවිඩ හුවමාරු යන්ත්‍ර ඔබ පොලිස් නිලධාරීන් අතේ මෙන්ම සමහරවිට හමුදා නිලධාරීන් අතේද තිබෙනු දැක ඇති. මෙවැනි යන්ත්‍රයක් සොරකම් කරගතහොත් පහසුවෙන් පොලීසියේ හෝ හමුදාවේ පණිවිඩ අසා සිටිය හැකියි. පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊය එසේ කල අවස්ථා තිබුනා. නමුත් නවීන තාක්ෂණයෙන්ම එය ජයගත්තා. ඒ නිසා පසු කාලයේදී අපේ හමුදාවන්ට පහරදී පණිවිඩ හුවමාරු යන්ත්‍ර අත්පත් කරගත්තත්, එම යන්ත්‍රවල තිබුණු එක්තරා තාක්ෂණික උපක්‍රමයකින් ඒවා නැවත පාවිච්චියට ගත නොහැකි ලෙස ක්‍රියා විරහිත කරවන්නට අපේ හමුදාවට නවීන තාක්ෂණික පහසුකම් ලැබුණා.

    ආරක්ෂක හමුදා භාවිතා කරන පණිවිඩ හුවමාරු යන්ත්‍ර ඉතා උසස් අධි තාක්ෂණික පහසුකම් වලින් යුක්තයි. උදාහරණයක් වශයෙන් එක ප්‍රධාන මධ්‍යස්ථානයක් යටතේ පවතින උප මධ්‍යස්ථාන වලින්, තෝරාගත් මධ්‍යස්ථාන සමග පමණක් රහසිගත පණිවිඩ හුවමාරු කල හැකියි. එයට අදාළ නොවන අනෙක් මධ්‍යස්ථානවල යන්ත්‍ර වලින් එවිට නැගෙන්නේ ‘ෂෝ. . .’ යනුවෙන් හඬක් පමණයි.


    Continued
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    tGLD.jpeg




    පණිවිඩ හුවමාරු කටයුතු වලදී එම පණිවිඩ වල ඇති වැදගත්කම අනුව ඒවා වර්ග කරනවා. එක වර්ගයක් හැඳින්වෙන්නේ ‘නිවර්ග’ යනුවෙන්. එයින් අදහස් කෙරෙන්නේ එම පණිවිඩය හමුදාවේ ඕනෑම පණිවිඩ හුවමාරු යන්ත්‍රයකට කෙලින්ම යොමු කිරීමේ වරදක් නැති බවයි. උදාහරණක් වශයෙන් ‘ඔබ කඳවුරේ සේවය කරන, මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි අයගේ නාම ලේඛනයක් හෙට දින 1500 පැයට පෙර මෙම කඳවුරට ලැබෙන්නට සලස්වන්න’ යන පණිවිඩය රහස්‍ය පණිවිඩයක් නොවේ. ඉතින් එවැනි පණිවිඩයක් සඳහාත් අර අති රහසිගත පණිවිඩ සඳහා පමණක් වෙන්වූ ගුවන්විදුලි ජාලය පාවිච්චි කිරීම තේරුමක් නැති අතර, ඒ ජාලයේ හදිසි සහ අත්‍යවශ්‍ය පණිවිඩ හුවමාරුවටද එයින් බාධා සිදුවෙනවා. ඒ නිසා මෙවැනි පණිවිඩ යැවීමට වෙනම ගුවන්විදුලි ජාලයක් තිබෙනවා. එකම යන්ත්‍රයෙන් වුනත් අවශ්‍ය විට මේ දෙවිදිහටම කරන්න පුළුවන්.

    සාමාන්‍ය පණිවිඩ යැවීම එසේ සිදුකලත් එහි නිවැරදිතාවය ගැන ඉතාම සැලකිලිමත් විය යුතුයි. කෙනෙක් කියන දෙයක් ඊට සම්පූර්ණයෙන් වෙනස්වූ ආකාරයකට අර්ථ කථනය කරගන්න අවස්ථා විශේෂයෙන් දුරකථන සංවාද වලදී ඔබ අත්විඳ ඇති. අංජුලා කියන නම මංජුලා ලෙස තේරුම් ගැනීම, විමල් කියන නම බිමල් ලෙස තේරුම් ගැනීම, එයට උදාහරණයක්. තවත් එක් ඉතා හොඳ උදාහරණයක් යුද හමුදාවෙන්ම කියන්නම්. සෙබලෙක් කපිතන් නිලයේ සිය මේජර් නිලය දක්වා උසස් කිරීමේ පරීක්ෂණයට පෙනීසිටීම සඳහා සූදානම් වෙමින් සිටි අවදියයි ඒ. ඒ දිනවල කඳවුර පාලනය වූ බලසේනා මූලස්ථානය මගින් එම විභාගයට පෙනී සිටින නිලධාරීන් සඳහා දේශණ මාලාවක් සංවිධානය කෙරුනා. යුද්ධයේ ඉන්න ගමන් එක දේශනයකට සියලු දෙනාටම එන්නට බැරි නිසා එකම දේශනය විවිධ කණ්ඩායම් වලට කීප වරක් පවත්වනවා. එක විෂයයක් තිබෙනවා වර්තමාන ලෝකයේ, දේශපාලන, සංග්‍රාමික, ආර්ථික, කරුණු පදනම් කරගත්. එය හඳුන්වන්නේ ‘කාලීන තොරතුරු’ Current Affairs’ යනුවෙන්. එක් දිනක් එම සෙබලා ඇතුළු පිරිස බලසේනා මූලස්ථානයට යාමට සූදානමින් සිටිනවිට කඳවුරේ ගුවන්විදුලි පණිවිඩ හුවමාරුකරු පැමිණ දැනුම් දුන්නා සර්, අද සර්ලට එන්න එපා කිව්වා. එහෙ කරන්ට් රෙපෙයාර්ලු, යනුවෙන්. ඔවුන් සාප කරමින් ඔවුන් සිටින බංකර් වළල්ලට ආපසු යාමට සූදානම් වුනා. එහෙත් කලින් කී සෙබලා නිකමට දුරකථන ඇමතුමක් ගත්තා බලසේනා මූලස්ථානයේ සහෝදර නිලධාරියකුට. ඒයි මොකක්ද බං ඔතන ජෙනරේටර් එකක් තියනවා නේද ලයිට් ගියාම දාගන්ඩ? මේ කරන්ට් රෙපෙයාර් කියලා එන්ඩ එපා කියන්නේ මොකද? ඔහු ඇසුවා. කවුද බං කරන්ට් රෙපෙයාර් කිව්වේ? මමමනේ ඒ පණිවිඩේ උඹලගේ කෑම්ප් එකට කිව්වේ. මම කිව්වේ අද ’කරන්ට් එෆෙයාර්ස්’, ඒ නිසා එන්ඩ එපා කියලා. මම දන්නවනේ උඹලා කලින් ඒක කළා කියලා. ඒ නිසයි එන්ඩ එපා කිව්වේ. අපේ පණිවිඩ හුවමාරුකරු කරන්ට් එෆෙයාර්ස් තේරුම් ගත්තේ කරන්ට් රෙපෙයාර් විදිහටයි.


     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~



    ඉතින් මෙවැනි ජංජාල ඇතිවීම වලක්වා ගැනීම සඳහා, ඉංග්‍රීසි හෝඩියේ සියලුම අකුරු, ගුවන්විදුලි පණිවිඩ යැවීමේදී නිවැරදිව සටහන් කරගැනීම පිණිස, අවශ්‍ය අවස්තාවලදී වචනය නොකියා, ඒ වචනයේ අකුරෙන් අකුර කියවනවා. විශේෂයෙන් අර මා කලින් සඳහන් කල පරිදි පුද්ගල නාම, ලිපින, ආදිය කියවන්නේ මෙලෙස අකුරෙන් අකුර. මෙය පුහුණුවූ පසු ඉතා වේගයෙන් කල හැකියි. මේ ක්‍රමය නේටෝ සංවිධානයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ සියලුම රටවල් පාවිච්චි කරනවා. ඒ නිසා අපේ හමුදාවේ සාමාජිකයකුට ඒ රටවලදී වුවත්, පණිවිඩ හුවමාරුවේ දුෂ්කරතා ඇතිවන්නේ නැහැ. මෙහිදී ඉංග්‍රීසි හෝඩියේ එක් එක් අකුර උච්ඡාරණය කරන්නේ මෙහෙමයි.


    A – අල්ෆා, B – බ්‍රාවෝ, C – චාර්ලී, D – ඩෙල්ටා, E – එකෝ, F – ෆොක්ස්ට්‍රොට්, G – ගොල්ෆ්, H – හොටෙල්, I – ඉන්ඩියා, J - ජුලියට්, K – කීලෝ, L - ලීමා, M – මයික්, N – නොවෙම්බර්, O – ඔස්කාර්, P – පාපා, Q – කිව්බෙක්, R - රෝමියෝ, S – සියරා, T – ටැංගෝ, U – යුනිෆෝම්, V – වික්ටර්, W – විස්කී, X – එක්ස්රේ, Y – යැන්කී, Z – සූලූ(ඉසෙඩ් හඬ)

    උදාහරණයක් වශයෙන් බලමු ‘නිමල්’ යන වචනය කියන්නේ කොහොමද කියා. නොවෙම්බර්, ඉන්ඩියා, මයික්, අල්ෆා, ලීමා. ඒ විදිහටයි කියන්නේ. මේ ක්‍රමය සිංහල අකුරු සඳහාද සකස් කරගෙන තිබෙනවා. මා කවදාවත් එය පාවිච්චි කර නැතිනිසා සියලු අකුරු දන්නේ නැහැ. සිංහර අකුරු වලදී බොහොමයක් තිබෙන්නේ කාන්තා නම්. පද්මා, රංජනී, වැනි. ඒ වගේම පිල්ලම් (ඉස්පිලි පාපිලි ආදිය) සඳහාද වෙනම වචන යොදනවා. උදාහරණයක් වශයෙන් කොටුව කියා කියන විට ටුයන්න නොකියා ටයන්නට පුටුව කියා කියනවා. මෙහිදී පුටුව කියන්නේ ටයන්නට යොදන පාපිල්ලටයි. මෙන්න තවත් පුංචි කතාවක්. එක කඳවුරකින් තව කඳවුරකට සිංහලෙන් පණිවිඩයක් යැව්වලු. එක තැනකදී කිව්වලු ‘පද්මාට ඇලපිල්ල’ කියලා. අනික් පැත්තට ඒක ඇහිලා තියෙන්නේ ‘පද්මාට කැරකිල්ල’ කියලා. ඒ පැත්තේ පණිවිඩ හුවමාරුකරුගේ නෝනගේ නමත් පද්මලු. එයා ඇහුවලු ‘පද්මාට කැරකිල්ල වුනාම තමුසෙට මොකද? මමනේ එයාගේ හස්බන්ඩ්. බැන්දට පස්සේ ගෑනුන්ට ඔහොම ඒවා වෙනබව දන්නේ නැද්ද? කියලා.


    tH3K.jpeg




    jangun.wordpress.com/
     
    • Like
    Reactions: DJU9 and crazybuddy

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    චාර්ලි හොටෙල් අල්ෆා නොවැම්බර් අල්ෆා..
    7.gif


    ස්තුතියි මචන් දිගටම දාන්න... :yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ නියම ලිපියක් මචං.. කලබලේට කියෙව්වෙ.. ගෙදර ගිහින් හෙමීට කියවන්න ඕන තව සැරයක්.. ජය!!
    +7
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ටැංගෝ, හොටෙල්, අල්ෆා, නොවෙම්බර්, කීලෝ යැන්කී, ඔස්කාර්,යුනිෆෝම් :)