A/L උත්තර පත්‍ර කණු ගොඩක
අම්පාර ඞී. එස්. සේනානායක ජාතික පාසලේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක කණු ගොඩක තිබූ උසස් පෙළ සිංහල උත්තර පත්‍ර හිමිකාරයින් මේවන විට සොයාගෙන තිබේ.
මෙම උත්තර පත්‍ර අම්පාර ඞී. එස්. සේනානායක ජාතික පාසලේ කලනි උත්තරා සහ තිලිනි දිලානි සමරකෝන් යන සිසුවියන්ගේ බව මේවන විට තහවුරුවී තිබේ.
අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුව මෙම උත්තර පත්‍ර හිමිකරුවන් තහවුරුකර ගැනීමට හැකිවී ඇත.
කෙසේවුවද අදාල උත්තර පත්‍ර හමුවූ ශාලාවේ රාජකාරී නියැළුණු ශාලාධිපතිවරයා සතියකට පසුව විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතාට එම උත්තර පත්‍ර රැගෙන ගොස් ඇති අතර ඒවා භාර ගැනීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
අදාල අසාධරනයට ලක්වූ තිලිනි දිලානි සමරකෝන් සිසුවිය දැඩි වේදනාවෙන් මෙසේ කීවාය.
‘මම ඉගෙන ගත්තේ බෞද්ධ ශිෂ්ඨාචාරය, සිංහල සහ දේශපාලන විද්‍යාව. ඒ විෂයයන් අතරින් බෞද්ධ ශිෂ්ඨාචාරයට ඒ තියනවා. දේශපාලන විද්‍යාවට බී තියනවා. සිංහල වල ප්‍රතිඵල නෑ. මට අනිවාර්යයෙන්ම සිංහල වලට ඒ හරි ඕ හරි තියෙන්න ඕන.’
කලනි උත්තරා ද මේ සම්බන්ධයෙන් පැවසුවේ මෙවැන්නකි.
‘මම විභාගයට මුහුණ දුන්නේ දේශපාලන විද්‍යාවයි, සන්නිවේදනයයි, සිංහලයි. දේශපාලන විද්‍යාවට A එකකුත් සන්නිවේදන විෂයට B එකකුත් තියනවා. සිංහල වලට B එකක්වත් තියෙන්න ඕන. ඒ දවස්වල ජනමාධ්‍ය තුළින් මේ පිළිබඳව ගොඩක් ප්‍රචාරය වුණා. විභාග ශාලාවේ හිටි ශාලාධිපතිතුමාවත් කිව්වේ නෑ කාගෙද මේ පිළිතුරු පත්‍ර කියලා. ප්‍රතිඵල එනකොට තමා දන්නේ අපේ කියලා.’
විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍යට පවසා තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බවත්, විමර්ශනයෙන් පසුව ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි බවයි.
http://www.lankatruth.com/sinhala/i...w=article&id=902:al-&catid=41:local&Itemid=74