A new beginning for Sinhala cinema - සිංහල සිනමාවට නව ආරම්භයක්

CREATIVE Productions

Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    උඹෙත් මේ වගේ idea එකක් තිබ්බ නේද?:) ,පුළුවන් විදිහට අපිත් සප් එකක් දෙන්නම්! :)

    ඔව් බන්. අනිවා ලොකු අදහසක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ හැමෝම මගෙන් අහන්නේ මට හොඳ PC එකක් තියෙනවද? මට Camera තියෙනවද? මට සල්ලි තියෙනවද? හරියට මම තිනියම මට ඕනෙවට කර ගන්න වැඩක් වගේ. ඉතින් ඇයි බන් එහෙම. ඇයි මේ දේ අපිට එකතු වෙලා කණ්ඩායමක් විදිහට සාමුහික වගකීමක් අරන් කරන්න බැරි. මම උදාහරණයක් කියන්නම්.

    හිතන්න අපි ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ IT day එක/කලා උළෙලක් organize කරපු හැටි පොඩ්ඩක් හිතන්න. අපිට ඉස්කෝලෙන් සතපහක්වත් දෙනවද ඔයවගේ දෙකට වියදම් කරන්න. නැහැනේ. එහෙමයි කියලා ඔය organizing committee එක භාරව ඉන්න ගුරුතුමාට පුලුවන්ද ඔය වගේ event එකක් තනියම කරන්න. අපි හැමෝම දන්නවනේ බැහැ කියලා. ඒ වගේම දන්නවනේ අපි ඔය වෙනුවෙන් කාපු කට්ට. කොයි තරම් ලොකු group project එකක්ද කියන එක ඔයවගේ වැඩකට සහභාගී වුන අය දන්නවා ඇති. හැමෝම අතරේ වගකීම කියන දෙය බෙදිලා ගිය හැටි දන්නවා ඇති. අවශ්‍ය සම්පත් ටික හොයා ගන්න අපි කොච්චර කට්ටක් කනවද? ඒ දේවල් කෙනෙක්ට තනියම කරන්න බහ කියලත් දන්නවනේ.

    අන්න ඒවගේ මේ වැඩෙත් සාමුහික වැඩක් වෙන්න ඕනේ. මම film එකක් හදමු කියලා කිව්වම කෙනෙක් හිතන්න පුළුවන් මේක මම තනියම කරන වැඩක් කියලා. අනේ එහෙම දෙයක් නැහැ. මමත් දන්නවා අපිට ප්‍රශ්න එයි. ලොකු වැඩ කොටසක් කරරන්න වෙයි. ලොකු කට්ටක් කන්න වෙයි. මොකද අපි මේකට ඕනේ කරන සම්පත් ටික හොයා ගන්න ඕනේ. ඇත්ත ඒවාට සල්ලිත් ඕනේ. මම මේ වෙලාවේ කියන්න කැමති මට කෙනෙක් කතා කල මේ ගැන. එය කිව්වා හොඳ වැඩක් කරනවානම් මේකට invest කරන්න කැමතියි කියලා. එකියන්නේ අපිට film එකට Producer කෙනෙක් ඉන්නවා. අපිට හොඳ script එකක් ඕනේ. එක තම ඊළඟ challenge එක. මගේ හිතෙත් stories කිහිපයක් තියෙනවා. මම ටිකෙන් ටික ඒ ගැන කියන්නම්.

    අපි මේ ගැන කතා කරන්න වෙලාවක කොහේදී හරි එකතු වෙමු. මේ ගැන කතා කරමු. නැත්නම් මෙහෙම thread දාලා message කරලා මේවගේ වැඩක් කරන්න බැහැ. එක නිසා ඉක්මනින්ම අපි එකතු වෙමු. හැමෝටම ජය.
     

    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    හැමෝටම සුභ ආරංචියක් කියන්නේ යන්නේ. "The Change" කියන profile එකේ owner ත් එක්ක මම මේ වැඩේ ගැන කතා කලා. එකේ ප්‍රතිපලයක් විදිහට අපි මේ මාසේ(නෙවැම්බර් 2017) 25, 26 කියන දවස් දෙකකින් එකක අපේ පලවෙනි meet up එක තියන්න තීරණයක් ගත්තා. මේ දවස් දෙකෙන් වැඩි කැමැත්ත තියෙන දවසට අපි colombo අවට තැනක අපේ පලවෙනි meet up එක අනිවාර්යයෙන් තියනවා.

    ඕගොල්ලන්ට මේ ගැන කිසිම අදහසක් නැතුව ඇති. එත් මේ ගැන ආසාවක් කැක්කුමක් ඇති. මටත් එහෙමයි. අන්න ඒ අයටයි මේ ආරාධනය. මම කලින් කියපු දවස් දෙකෙන් ඕගොල්ලන්ට පහසු දවස comment කරන්න. හැමෝගේම සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් නුදුරේදීම අපි හම්බවෙමු. හැමෝටම ජය.