Absence seizure - ඔබේ දරුවා ගැනත් සැලකිලිමත් වෙන්න

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    Absence seizure (ඇබ්සන්ස් සීෂ(ර්) ) - ඔබේ දරුවා ගැනත් සැලකි&#351

    Absence seizure - ඇබ්සන්ස් සීෂ(ර්)හෙවත් නිහඬ වලිප්පුව

    නිහඬ වලිප්පුව කියන නම දැම්මේ මමයි,,,හරිද දන්නේ නැහැ,,

    වලිප්පු රෝගීන් එහෙම නැත්නම් කවුරුත් දන්න විදියට කිව්වොත් ෆිට් එක හැදෙන ලෙඩ්ඩු කට්ටිය දැකලා ඇති ,,අපි දැකලා තියෙන ෆිට් එක හැදුනම කොයි වගේද? ගොඩාක් අය දන්නේ ෆිට් එක කිව්වම මුලු ඇඟම හරි කොටසක් හරි වෙව්ලනවා වගේ වේගෙන් ගැහෙනවා කියලායි,,

    ඒ එක්කම රෝගියාගෙ ඇස් උඩ ගිහිල්ලා සිහි කල්පනාව නැතුව යනවා සමහර වෙලාවට හිටගෙන ඉන්නවානම් බිමට වැටෙනවා,

    WzZClKn.jpg


    නමුත් මතක තියාගන්න හැම ෆිට් එකක්ම ඔය විදියට වෙන් නැහැ,,,
    සමහර ෆිට් වර්ග කිසිම වෙව්ලිලක් නැත්ව කලන්තෙ දැම්ම වගේ බිමට වැටෙන්න පුලුවන්...ඒ හැම ෆිට් එකකදිම වෙන්නෙ මොලයේ තියෙන ස්නායු පාලනයකින් තොරව ආවේග සම්ප්රේශණය කිරීමයි,,,එහෙම නැත්නම් ෆයර් වීමයි,,,,

    uDPJObY.jpg



    මේක ඉතා සුලු කාලයකට වෙන්නෙ,,,නමුත් මෙහි තියෙන භයානක කම තමා ඒඅවස්ථවේ මොලයේ ස්නායු සෛලවලට ඔක්සිජන් සැපයුම අඩු වෙලා ඒවාට හානි වීම,,,එහෙම වෙන්න සැලකිය යුතු කාලසීමවක් ෆිට් එක තියෙන්න ඕනෑ...

    Absence seiure - නිහඬ වලිප්පුව අමුතුම ආකරයේ ෆිට් එකක්,,,මේක ගොඩාක් දකින්න පුලුවන් වෙන්නෙ අවුරුදු 15 ට අඩු ලමයින්ට,,, මේකෙදි ලමයා එහෙම නැත්නම් රෝගියා හොඳට කතාකරමින් ඉඳලා එකපාරටම ගල් ගැහුනා වගේ බලන් ඉන්නවා,,සමහර වෙලාවට රවනවා වගේ පේන්නෙ,,,



    HYoio9Q.jpg




    ඒ වෙලාවට කතා කරාට ප්රතිචාරයක් නැහැ,,,සමහර අයගෙ කලාතුරකින් ඇස් උඩ යන්න පුලුවන්,,නමුත් කිසිම වෙව්ලිල්ලක් වත් බිම වැටීමක් වත් නැහැ,,,,මේ අවස්ථාව සුලු මොහොතක් තියෙන්නෙ තත්පර 5-10ක් විතර,,, ඊට පස්සෙ ලමයා සාමන්ය විදියට කතා බහ කරනවා


    TDGgmJs.png




    මේක ඉස්කොලෙ ගුරුවරු සමහර වෙලාවට ලමයා පාඩමට අවදානය යොමු කරන්නැතුව දවල් හීන බලනවා ,,එහෙම නැත්නම් කල්පනා කරනවා කියලා වරදවා ගන්න පුලුවන්,,,,මොකද අහක බලන් ඉන්නවා වගේ පෙනෙන නිසා,,,


    nwmu0Is.jpg



    ගොඩාක් වෙලාවට එන්නෙ හයියෙන් ටික වෙලාවක් හුස්ම ගත්තොත් හරි සැර ආලොකයකට ඇස් නිරාවරණය වු නොත් හරිතමා කියලා කියන්නේ ,,,,නමුත් මේ තත්ව නැතුව නිකන් සෙල්ලම් කර කර ඉන්න කොට කතාකරමින් ඉන්න කොට උනත් එන්න පුලුවන්,,,


    මේ ෆිට් එක දවසකට වාර ගනනාවක් වුනත් එන්න පුලුවන්,,,සමහර විට සියවතාවක් උනත්,,,මේක අනිවාර්යෙන්ම ප්රතිකාරගන්න ඕනෙ තත්වයක් ,,,ඒක නිසා කාගෙ හරි මේ වගේ සැකහිතෙන හැසිරීමක් තිබ්බොත් වෛද්ය ප්රතිකාරවලට යොමුකරන්න


    පහල වීඩියො එක බැලුවොත් මේ ෆිට් එක ගැන තේරෙයි,,,,


    [/FONT]​
    [/CENTER]
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,816
    1
    11,151
    113
    වටින වැදගත් thread එකක් මචන්...:yes: මුලින් දැක්කෙ adsense වගේ...:baffled: