මේක නිදහසට කාරණයන් නෙවෙයිනෙ බන්. මාර්ග නීති කාටත් සමාන වෙන්න ඕනෙ.දුර ලඟ බයිල, ටර්න් කතන්දර, ටයිම් ටේබල් අවුල් පස්සෙ හදාගත්ත දේවල්. කහ ඉර හරි, තනි ඉර හරි ඩබල් ඉර හරි කැපුව නං ඒක වැරදියි. සාධාරණීකරනය කරන්න බෑ.නෑ බන්. දුර යන බස්නේ. හරියට ටර්න් එකට යන්නත් ඕන. බස් කාරයා ඩබල් ඉරි කපනව තමයි.
මේක ඇත්ත. මම නං සමහර වෙලාවල් වල වාහන හරස් කරල නවත්තල බැනල යන වෙලාවලුත් තියෙනව. කාර් කාරයො විතරක් නෙවෙයි වීල්, බයික් වෑන් එහෙමත් සමහර ලොන්තයො එහෙමයි. ෆෝන් එක කනේ ගහගෙන වැලලෙනවා පාර මැදපාරෙ යන අනිත් කැරි කාර් කාරයො ලොට ලොට හරියට යන්නෙ පාර උන්ගෙ වගේ lane එකේ දකුණින්මයි. තමුන් හෙමින් යනව නම් වාහනේ වමට අරන් අනිත් වාහන වලට overtake කරන්න ඉඩ දෙන්න ඕන. එහෙම උන් නෑ බන්. සමහර කාර් කාරයොන්ට මාර ego එකක් තියෙන්නෙ.
