කකුලත් කඩාගෙන ඉදගෙන, රන්ගොජා වෙනුවෙන් ජන්දේ දාන්න ගියාද උඹ......
බලාගෙන හිටපන්, හම්බවෙයි උඹට ......
Code:
http://www.lankaenews.com/Sinhala/news.php?id=16953
‘මේන් මූනා මා විදුලි පුටුවේ ගහන්න යනෝ..! -කටේ ගෙඩි දාන්න ඕනෑ කතා
(ලංකා ඊ නිව්ස් -2011.අපේ‍්‍රල්.21, පෙ.ව.4.50 -විග‍්‍රහයකි-* මූන්ගේ වාර්තාවත් සමග යළිත් පාලක රාජපක්‍ෂ රෙජීමය සහ සහායක පුහු වීරයෝ දේශපේ‍්‍රමී සළු පිළි හැඳ සිංහල බෞද්ධ වෙස් මුහුණු පැළඳ හොර වීරත්වයේ මගඩි නැටුමට සූදානම් වනු පෙනේ. ඊටම අලගු තියමින් විපක්‍ෂයේ අනාගත නායකයන් වන්නට සිටින පුස්සන්ද කට හිරි අරිනු පෙනේ. අප මේ ගැන නියම දැනුවත් ස්ථාවරයකට පැමිණිය යුතුය. නැතහොත් මොවුන් යලිත් වරක් අපව ගොනාට අන්දවා නාහෙත් විද පස් වන අපායට තල්ලූ කරනු නොඅනුමානය.
එක්සත් ජාතීන්ට එරෙහි මොවුන්ගේ පළමු චෝදනාව ගනිමු.
ලංකාව බෙදන්නට බටහිරයන් සහ එක්සත් ජාතීන් කොටි සමග කුමන්ත‍්‍රණය කළ අතර රාජපක්‍ෂලා ඊට මුහුණ දී ලංකාව බේරා ගත්තේය. මෙය සත්‍යයක්ද? නැත එය අමුම අමු පට්ටපල් කෙබරයකි.
බටහිර කිසිදු රටක් ඉන්දියානු අවශ්‍යතාවයෙන් පිට පැන ලංකාවේ ඊලාම් රාජ්‍යයක් හැදිය යුතු යැයි කවමදාකවත් කියා නැත. (ඉන්දියාව තම රට බෙදීමේ අනතුරකට ලක්වන ඊළාමයකට උදව් නොදෙන බව ප‍්‍රභාකරන් පවා ඔහුගේ හිතවත්ම මාධ්‍යවේදිනිය වූ ඇනිටා ප‍්‍රතාප්ට කියා තිබුනේ 80 දශකයේදීය* බටහිර රටවල සිටින එක් එක් පුද්ගලයන් යනු එ් රටවල රාජ්‍ය ප‍්‍රතිපත්තිය නොවේ. එම රටවල් දිව හැලෙනකම් කියා ඇත්තේ ලංකාවේ භෞමික අඛණ්ඩතාවය ඔවුන් පිළි ගන්නා බවයි.
ලංකාවේ ආණ්ඩු පෙළුවේ සහ තවමත් පෙළන්නේ දෙමළ ජනයා පමණක් නොවේ සිංහල අපද පෙළන්නේ එකම ආකාරයට වන අතර දෙමළ ජනයා තමන් දෙමළ වීම නිසාම අතිරේක පීඩනයකට ලක් වෙති. එවිට ඔවුන් සිතන්නේ අපි දෙමළ වීම නිසා අපට මෙසේ සලකනවා කියා ය. දෙමළ ජනයාගේ මෙම සාධාරණ ප‍්‍රශ්ණය කොටි සංවිධානය විසින් දෙමළ ජනයාට ඊලාම් සිහිනයක් පෙන්වා එම සාධාරණ අරගලය ත‍්‍රස්තවාදය නම් ගොහොරුවේ ගිල්වා අච්චාරු කෙළේය. ප‍්‍රභාකරන්ගේ ෆැසිස්ට් යුද්ධයට උල්පත් සැපයූවේ මෙම දෙමළ ජනයාගේ සාධාරණ ගැටළුයි.
ඉන්දියාව සහ බටහිර රාජ්‍ය සෑම විටෙකම ලංකාවේ ආණ්ඩු වලට කීවේ මෙම දෙමළ තරුණයන් ත‍්‍රස්තවාදී මරාගෙන මැරෙන අරගලයකට යොමුවන දෙමළ උල්පත් ප‍්‍රශ්ණයට සාධාරණ විසඳුමක් දී නිවාරණය කරන ලෙස මිස රටින් භාගයක් දෙන්න කියා නොවේ. ප‍්‍රභාකරන්ට ද ඔවුන් බල කෙළේ එක රටක් තුල මේ ගැටළුව නිරාකරණය කරගන්නා ලෙසයි. සාම සාකච්ඡුා කාලය ලෝකයා මෙය උරගා බලා සාක්ෂාත් කරගත් කාලයයි.
ප‍්‍රභාකරන් සාම සාකච්ඡුා වලින් ඉවත් වන අවසාන දිනයේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී නොර්වේ පහසුකම් සැපයූවෝ කීවේ කුමක්ද? තමන්ගේ ප‍්‍රශ්ණ විසඳා ගැනීමට පාර්ශව දෙකට වුවමනාවක් නැතැයි ලෝකයාට හැඟී ගියහොත් ලෝකයා මෙම ප‍්‍රශ්ණයට මැදිහත් වීම අතහැර දමනු ඇති බවයි. මෙය පැහැදිලිවම අනතුරු ඇඟවීමක් විය. මෙම අනතුරු ඇඟවීම දරුණු ලෙස බලපාන්නේ නීත්‍යාණුකූල රාජ්‍යයට නොව සන්නද්ධ ගරිල්ලා කණ්ඩයමට වන බව ප‍්‍රභාකරන් තේරුම් ගත්තේ නැත. ඔහු ඊළාම් යුද්ධයේ අවසාන අරගලයට ගියේය. ලෝකයා අතහැර දැමුවේ ප‍්‍රභාකරන් මිස ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව නොවේ.
යුද්ධය ඇරැුඹි පසු අද දකුණු ආසියානු කලාපය බාර ඇමරිකානු නි. රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් එවකට ලංකාවේ ඇමරිකානු තානාපති ලෙස එවක හමුදාපති සරත් ෆොන්සේකා හමුවී කීවේ කුමක්ද? මේ යුද්ධය ඔබට ජය ගත හැකිද? ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුන් විට ඇසුවේ කොපමණ සිවිල් වැසියන් පිරිසකට හානි සිදුෙවිවි යැයි විශ්වාස කරනවාද? ඊට ද පිළිතුරු දුන් විට ඔහු කියා තිබුනේ සිවිල් වැසියන්ගේ මරණ සංඛ්‍යාව අවම මට්ටමක පවත්වා ගත යුතු බවත් සහ ඇමරිකාවෙන් අවශ්‍ය සහායක් ඉල්ලන ලෙසත් ය.
සාම කාලයේ නිරීක්‍ෂණ කණ්ඩායම නියෝජනය කළ යුරෝපීය රටක් වූ අයිස්ලන්තයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා යුද්ධය ඇරඹීමෙන් පසු සිය නිල කාලය අහවර වී සිය රට යන්නට යද්දී සති අන්ත පුවත්පතකට දුන් සම්මුඛ සාකච්ඡුාවකදී කීවේ කුමක්ද? ‘මේ යුද්ධය ඔබ සිතනවා සේ නොවේ. ලංකාවේ ආණ්ඩුව යුද්ධයකට නොගොස් විසඳා ගැනීමට කළ උත්සාහයන් අප දන්නවා. මෙය ශ‍්‍රී ලංකාවට මග හැරිය නොහැකි යුද්ධයක්’ යනුවෙනි.
ලන්ඩනයේ ලක්‍ෂ දෙකක් පමණ දෙමළ ජනයා පෙළපාලි යද්දී මාස ගණන් උපවාස කරද්දී බි‍්‍රතාන්‍යයේ එවක කම්කරු පක්‍ෂ ආණ්ඩුව ලංකාවට යුද්ධය නවතන්න යැයි කීවේද? නැත.
ශ‍්‍රී ලංකා නාවික හමුදාවට මුහුදු සැතපුම් 1500 ක් ගෙවා එල්ටීටීඊ අවි නැව් 3 කට පහර දී විනාශ කරන්නට තාක්‍ෂණික සහාය ලැබුණේ මැදමූලනේ රාජපක්‍ෂලා අභ්‍යවකාශ ගත කරන ලද චන්ද්‍රිකා වලින් නොවන බව ඕනෑම කෙනෙකු දන්නවා ඇත.
අද ලිබියාවට ගුවන් තහනමක් පනවා ඇට්ටි හැලෙන්න ගහන්නේ ගඩාෆි තම රටවැසියන්ට එරෙහිව ගුවන් ප‍්‍රහාර එල්ල කළා යන චෝදනාව පදනම් කරගෙනය. ගඩාෆි එල්ල කරන ලද ගුවන් ප‍්‍රහාර ගණන 50 කට අඩුය. ලංකාවේ ගුවන් හමුදාව ඊළාම් යුද්ධයේදී ගුවන් ප‍්‍රහාර 7000 කට වැඩියෙන් එල්ල කර තිබිණ. එකදු බටහිර රටක් හෝ එක්සත් ජාතීන් හෝ ලංකාවට එරෙහිව ගුවන් තහනම් පැනෙව්වේද? නැත. බටහිරයන්ට සහ එක්සත් ජාතීන්ට ලංකාවේ ප‍්‍රභාකරන්ට එරෙහි යුද්ධය නවත්වන්නට වුවමනාවක් තිබුණේ නම් වසර තුනක් බලා සිටින්නේ ද නැත. ලිබියාව සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නට ගියේ මාස දෙකකට අඩු කාලයකි.
අනෙක් පසින් අද දක්වාම ඇමරිකාව සහ බි‍්‍රතාන්‍ය ඇතුළු යුරෝපයේ එල්ටීටීඊය තහනම් සංවිධානයක් වනවා පමණක් නොව සෑම් මිසයිල් මිලදී ගැනීමට උත්සාහ කළ එල්ටීටීඊ නායකයන් යුද්ධය අහවර වුවද මීට මාස කිහිපයකට පෙර නඩු අසා හිරේ දැමුවේ ඇමරිකාවය. ප‍්‍රංශයද එල්ටීටීඊ නායකයන් 20 ක් අත්අඩංගුවට ගෙන හිරේ දමා තවම මාස ගණනකි. එල්ටීටීඊ අවි ගණු දෙනු කළ නායකයන්ට එන්ජී ඕ හදන්නට ඉඩ දී ඔවුන්ට රාජ්‍ය ආරක්‍ෂාව සමග සුර සැප දෙමින් ඔවුන් සමග කැවුම් කමින් සිටින්නෝ බටහිරයන් අතර නැත.
තත්ත්වය මෙසේ නම් ලංකාව බෙදන්නට බටහිරයන් සහ එක්සත් ජාතීන් කොටි සමග කුමන්ත‍්‍රණය කළා යැයි කීම ‘කටේ ගෙඩි දාන්න ඕනෑ’ යි ගැමියෝ කියන තාලයේ කතාවකි.
එසේ නම් යුද්ධය නිමා වී වසර දෙකක් ගිය පසු බටහිරයන්ට සහ එක්සත් ජාතීන්ට අලූතින් ඇති වූ කැක්කුම කුමක්ද? ලංකාවේ ආණ්ඩුව එපා වුයේ ඇයි? පිළිතුර නම් ඊට බලපෑවේ ආණ්ඩුවේ ‘පෙර වැරදි’ නොව ‘පසු වැරදි’ බවයි.
රාජපක්‍ෂ රෙජීමයේ පසු වැරදි මොනවාද?