ADHD - Attention deficit hyperactivity disorder

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ADHD - Attention deficit hyperactivity disorder

    dreamstime_s_40979268.jpg



    topic.png











    මනෝවිද්‍යාව සම්භන්ද මගේ අනික් පෝස්ට් මෙතනින් බලන්න, වැදගත් වේවි..
    #psychiatry dd


    කාලෙකට පස්සේ මානසික රෝග ගැන ලිපියක් දාන්නේ, ගොඩ දෙනෙක් PM කරලා අහලා තිබ්බා ADHD ගැන... අද ලිපිය ඒ පිලිබදයි..

    හැබැයි පටන්ගන්න කලින් කියන්න දෙයක් තියනවා,, මේකේ මම කියන ලක්ශන විශාල ප්‍රමානයක් අපි හැමෝම තුල තියනවා,, එහෙමයි කියලා මටත් ADHD තියනවා කියලානම් කියාගන්න එපා,, :P ADHD හෝ ඕනැම මානසික රෝගයක් නිශ්චය කල යුත්තේ සුදුසුකම් ලත් මානසික වෛද්‍යයවරයෙක්ම පමනයි...
    :yes::yes:

    හරි පටන්ගමු..


    ADHD-FACTS.png


    ADHD අද ලෝකයේ බහුලව දක්නට ලැබෙන මානසික රෝගී තත්වයක්, විශේශයෙන්ම පාසල් යන වයසේ කුඩා දරුවන්ට, සාමාන්‍යයයෙන් වයස අවුරුදු 7 දී පමන වගේ තමයි රෝග ලක්ශන පෙන්නන්න පටන්ගන්නේ,, බහුතරයක් කුඩා කලදීඑම සුව වෙනවා, නමුත් සමහරුන්ට වැඩිහිටි විය දක්වාම කෙමෙන් කෙමෙන් ලක්ශන වැඩි වෙන්න පුලුවන්,, නමුත් රෝගයේ ආරම්භය සිදුවන්නේ කුඩා කාලයේ දී තමයි... ADHD මගි පාසල් වැඩකටයුතු පමනක් නෙවෙයි, සමාජීය බලපැමකුත් තියන්වා ...

    ADHD එන්න හේතු මොනවාද???

    අපි දන්නවා බොහෝමයක් මානසික රෝග වලට හේතුඅ මේකයි කියල කියන්න අමාරුයි, මේකෙත් එහෙම තමයි, නමුත් හදුනාගත්ත හේතු කිහිපයක් තියනවා (කම්මැලිකම, හොද නැති පාසල්, ගුරුවරු, ගෙදර ප්‍රශ්න නම් ADHD වලට හේතුවක් නොවෙයි කියලා නම් හොයාගෙන තියෙනවා..)

    Genetic (ජානමය )
    Environmental (පාරිසරික හේතු )
    Non Genetic (වෙනත්) - මවට ගර්භනී කාලයේදී වැලදෙන infections, දුම්පානය, මද්‍යසාර වගේ දේවල්, මොලයට වන හානි, අඩු උපත් බර වගේ දේවල් බලපාන්න පුලුවන්..


    රෝග ලක්ශන මොනවාද??

    අපි ඊට කලින් බලමු ADHD වර්ග මොනවාද කියලා,,

    adhd.png

    1. Inattention (අවදානය යොමු කිරීමට අපහසුයි )
    2. Hyperactivity (අදික ක්‍රියාශීලී ගතිය )
    3. Combined


    දැන් බලමු රෝග ලක්ශන..

    1. Inattention (අවදානය යොමු කිරීමට අපහසුයි )

    අවදානය යොමු කිරීමේ අපහසුව - පන්තියේදී, මීටිමකදී
    ඉතාමත් නොසැලකිලිමත් බව.
    වෙන කෙනෙක් කතා කරනකොට අහගෙන ඉන්න බැරි ගතිය.
    වැඩක් නිසියාකාරව සංවිදානය කරගන්නට බැරි කම.
    ඉතා ඉක්මනින් සිත එහෙ මෙහෙ දුවන ගතිය (Easily distracted)
    එදිනෙදා වැඩකටයුතු නිතරම අමතක වීම.


    2. Hyperactivity (අදික ක්‍රියාශීලී ගතිය )

    එක තැනකි ඉදගෙන ඉන්න බැහැ, එහාට මෙහාට හැමවිටම දගලනවා.
    නිශ්ෂබ්දව කාර්ය්යක නිරත වීමේ නොහැකියාව.
    නිතරම කිසිම පදනමක් නොමැතිව කියවනවා.
    මෝටරයක් හයි කරලා වගේ එහාට මෙහාට දුවන ගතිය.
    තමන්ගේ වාරය එනතුරු ඉන්නට බැරිකම.
    අනික් අයගේ වැඩ කටයුතු වලට බාදා කිරීම.


    3. වැඩිහිටියන්ට විශේෂ වූ රෝග ලක්ශන..

    1. නිතරම අමතකවීම.
    2. කාංසාව.
    3. හීනමානය.
    4. රැකියාවේ ප්‍රශ්න.
    5. ආවේගශීලීත්වය.
    6. තරහ පාලනය කරගන්නට ඇති අපහසුව.
    7. ඇබ්බැහිවිම්.
    8. නිතරම වැඩ අතපසු කිරීම.
    9. ඉතා ඉක්මනින් ඉච්ඡාභංගත්වයට පත්වීම.
    10. විශාදය,
    11. සමාජීය ප්‍රශ්න, පුද්ගල සම්බන්දතා පවත්වා ගැනීමට ඇති අපහසුව..


    මොනවාද ප්‍රතිකාර??

    අපි දැන් බලමු කොහොමද ප්‍රතිකාර කරන්නේ කියලා..

    කලින් කතා කල ඒවා වගේම තමයි මේකත්
    1. ඖශද
    2. මනෝ චිකිත්සාව

    කියලා බෙදන්න පුලුවන්..


    1. ඖශද
    ඖශද නම් සදහන් කර නැත..

    ඖශද ප්‍රදාන වශයෙන් අපි කොටස් දෙකකට බෙදනවා..
    A) Stimulants - (උත්තේජක )
    කෙනෙක් අහන්න පුලුවන්, උත්තේජක දීලා තවත් ක්‍රියාශීලී ගතිය වැඩි වෙයි නේද කියලා... එහෙම උනොත් --- තවත් වැඩි වෙනවා නේද?? නමුත් --- වලට 80% වගෙ කාර්යක්ශමතාවකින් රෝග ලක්ශන අඩු කිරීමක් කරන්න පුලුවන්..




    B) Non stimulants (උත්තේජක නොවන ඖශද )
    Non stimulants එතරම් භාවිතා වන්නේ නම් නැහැ,, මේවා භාවිත වෙන්නේ stimulant drugs වලට side effects ආවොත්, stimulant drugs මගින් අඩුවක් උනේ නැත්නම් වගෙ තමයි..



    C) Antidepressants.

    සාමාන්‍යයෙන් භාවිත වන්නේ නම් නැහැ, නමුත් වැඩිහිටියන්ට ලබාදිය හැක.


    2. මනෝ චිකිත්සාව

    adhd-415x233-rd5-enIL.png

    ADHDtherapySupport_a_enIL.png

    මෙහිදි මනෝ චිකිත්සාව රෝග ලක්ශන අඩු කරන්නට එතරම් කාර්යක්ශම නොවුනත් අපි මේ ක්‍රමය මගින් උද්වේග පාලනයට, පෞරුශ වර්දනයට යොදාගන්න පුලුවන්..

    මෙහිදී පාසල් දරුවන්ට නම් මව්පියන්, ගුරුවරුන් මගින්ද (කාල සටහන් ක්‍රියාත්මක කිරීම, දෛනික වැඩ පිලිවෙලකට සකසා ගැනීම මගින්ද, ඒවා නිසියාකාරව කල පසු යම් ත්‍යාගයක් ලබාදී දිරිමත් කිරීම වගේ දේවල් මෙයට ඇතුලත් වෙනවා. ) නමුත් වැඩිහිටියන්ටනම් පුහුනුව ලත් therapist කෙනෙක් මගින් මෙය සිදු කල යුතුයි..
    ඉතින් ADHD ගැනනම් මීට වඩා ලොකු දෙයක් නම් කියන්න නැහැ, ප්‍රශ්නය තියෙන්නේ මෙය නිට්ටාවටම සුව කරන විදියක් සොයාගෙන නැහැ, නමුත් ප්‍රතිකාර මගින් සහ කැපවීම තුලින් සාමාන්‍යය තත්වයටම පත්විය හැකියි...

    හොදයි, මම මෙතනින් මේ ගැන නවත්තන්නම්, ප්‍රශ්න තියෙන අය PM or Comment එකක් දාන්න,
    වෙලාවක් අරන් කියෙව්වාට ස්තූතියි.
    හොදනම් රෙප් එකක් දීල යන්න.
    ස්තූතියි... සුබ දවසක්
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    yako matath adhd thiyenawane ehenan :baffled:
    inattention & hyperactivity dekama thiyenawa :baffled:

    Told u bro...
    හැබැයි පටන්ගන්න කලින් කියන්න දෙයක් තියනවා,, මේකේ මම කියන ලක්ශන විශාල ප්‍රමානයක් අපි හැමෝම තුල තියනවා,, එහෙමයි කියලා මටත් ADHD තියනවා කියලානම් කියාගන්න එපා,, ADHD හෝ ඕනැම මානසික රෝගයක් නිශ්චය කල යුත්තේ සුදුසුකම් ලත් මානසික වෛද්‍යයවරයෙක්ම පමනයි...
     

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    ඒ කියන්නේ හැමදාම දිගටම් බෙහෙත් බොන්න වෙනවද ?:confused:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඒ කියන්නේ හැමදාම දිගටම් බෙහෙත් බොන්න වෙනවද ?:confused:

    mehemai bro.. ADHD wage leda walata palanayak wenakal beheth bonna one,, psychotherapy walin thamai deerga kaaleena palanayata enne,, Manasa puhunu kireemak karana ekai eken karanne,,, sampoorna suwa wenawa kiyanne ekatai,,, suwa weemak newei,, paalanaya weemak wenne,,, beheth bonna one nehe hemadama ,
     
    Last edited:

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    mehemai bro.. ADHD wage leda walata palanayak wenakal beheth bonna one,, psychotherapy walin thamai deerga kaaleena palanayata enne,, Manasa puhunu kireemak karana ekai eken karanne,,, sampoorna suwa wenawa kiyanne ekatai,,, suwa weemak newei,, paalanaya weemak wenne,,, beheth bonna one nehe hemadama ,


    thank you
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    Sorry to jump into Divoom's thread.. But here's my take.

    Sadly ADHD often gets misdiagnosed in SL. Sometimes it is not easy too. The doctors do not spend time with the patient and normally a drug is prescribed after one minute of seeing the patient's face. Otherwise they cannot keep up with their busy schedule.

    Bipolar disorder and ADHD are very different conditions, but they share some similar symptoms - hence many ADHD cases gets treated for bipolar. This can lead into a worse situation.
    Also there could be a connection between these two as well. Recent research shows that ADHD can develop into Bipolar in some cases.
    Sadly ADHD is lifetime. The drugs can help only to manage it.

    There are much recent drug regimens available for the treatment of ADHD. I will not name them. Most of these drugs are very expensive and certainly not available in SL or prescribed. I don't think even the long acting version of the most common drug prescribed is available.

    There are other strategies as well. One is food. Keeping away form Chocolates & Sugar.
    Yoga or meditation can help. Recently for children, Neurofeedback is used.
    This method involves having a child focus on certain tasks while connected to a computer that tracks brain wave patterns and the child is made to control the activity. There are mixed results with this method but I don't think it is still accepted as mainstream.
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Sorry to jump into Divoom's thread.. But here's my take.

    Sadly ADHD often gets misdiagnosed in SL. Sometimes it is not easy too. The doctors do not spend time with the patient and normally a drug is prescribed after one minute of seeing the patient's face. Otherwise they cannot keep up with their busy schedule.

    no prob bro, ur opinions r always welcome..

    Yeah so true,, this is the issue in SL.. a person having some conflicts with the mind doesnt always mean a Mental disorder, but the doctors tend to prescribe medication,,

    btw r u a medical personel bro??
     
    Last edited:
    • Like
    Reactions: mtmadushanka