ADSL ගැන දන්නවද ?

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එළකිරි එකේ ගොඩක් අය ADSL පාවිච්චි කරනවනේ. ඒත් ගොඩක් අය ඇති ADSL ගැන දන්නෙ නැති අය. ඉතින් මම හිතුවා අන්න ඒ අය වෙනුවෙන් ADSL ගැන පොඩි විස්තරයක් කියන්න.ADSL එන්න කලින් අපි පාවිච්චි කලේ dial-up modem(~56Kbps)තවත් විදියකට කියනව නම් ISDN නේ. පාවිච්චි කරපු කට්ටියට මතක ඇති ෆොටෝ කෑල්ලක් ලෝඩ් වෙනකං පැය ගානක් බලන් ඉන්න ඕන.:P

    මෙන්න මේ අතරේ තමයි දෙයියො බැලුව වගේ SLT එකෙන් ADSL දෙන්න පටන් ගත්තෙ. ඇත්තටම ADSL එක්ක ලංකාවෙ internet usersලා සිය දහස් ගනනකින් වැඩි උනා කිව්වොත් බොරුවක් නෙමෙයි නේ. ඒ වගේම dial-up වල නොතිබුන ගුණාත්මක, ඉහල වේගයකින් යුතු පුළුල් පරාස(Broad Band) internet සබඳතාවක් ලැබුනා. :nerd::)

    මොකද්ද මේ ADSL කියන්නේ ?

    ADSL-Asymmetric Digital Subscriber Line

    Asymmetric කියන්නෙ අසමමිතික. ඒකට හේතුව තමයි ADSL line
    එකක Upload සහ Download bandwidth අසමාන වීම. වැඩිපුර
    download වලට ඉඩ දීලා upload bandwidth එක අඩු කරල තියෙන්නෙ අපි ගැනම හිතලමයි. :P උදාහරණයක් විදියට 512kbps connection එකේ upstream එක 128kbps වගේ.
    ADSL_Spectrum.jpg

    adsl.gif

    Digital කිව්වම දන්නවනේ තොරතුරු හුවමාරු වෙන්නෙ digital ක්‍රමයට(වැඩිය කියන්න වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙයි :P)

    Subscriber line එකක් කියන්නෙ මේ සේවාව දැනට තියන telephone line පාවිච්චිකරල අපේ ඇඩ්ඩ්‍රස් එකටම වෙනම connection එකක් දෙන නිසා.දැනට තියන public switched telephone network(PSTN)එකම පාවිච්චි කරලා broad band connection එකක් දෙන්න පුලුවන් වීම ADSL වල තියන ලොකුම වාසියක්. ඒ වගේම telephone එකයි internet එකයි දෙකම එකපාර පාවිච්චි කරන්නත් පුලුවන්.
    ඔයාලගේ ලඟ තියන ADSL modem එක හෝ router එක තඹ කම්බි දෙකක් හරහා සම්බන්ධ වෙන්නෙ ලඟම තියන telephone exchange එකේ තියන multiplexer එකකට. මේ multiplexer එකෙන් තමයි frequency එක අවශ්‍ය විදියට බෙදලා එයාලගෙ network එක හරහා යවන්නෙ.ඒ වගේම ඔයාලගෙ ලඟ තියන splitter එකෙන් කරන්නෙත් voice සහ data line වෙන් කරන එක. තවත් වාසියක් තමයි dial-up වල වගේ හැමතිස්සෙම dial කර කර ඉන්න ඕන නෑ.

    Scheme_adsl.gif

    diag_adsl.gif

    ADSL ඇරුනම තවත් Digital Subscriber Lines වර්ග කීපයක් තියනවා.HDSL,SDSL,IDSL,VDSL,RADSL වගේ ඒවා විවිධ අරමුණු වෙනුවෙන් භාවිතා කරනවා.

    ADSL වල තියන ප්‍රධානම අවාසියක් තමයි දුර සීමාවීම. ඒ කියන්නෙ telephone exchange එකේ ඉඳලා 4km වගේ දුරකට විතරයි ADSL connection එකක් දෙන්නෙ. මේකට හේතුව තමයි ADSL වල භාවිතා කරන ඉහල සංඛ්‍යාතයෙන්(High Frequency) යුතු තරංග ඉක්මනින්ම දුර්වල වීම(attenuation).සාමාන්‍යෙන් 1MHz වගේ සංඛ්‍යාතයෙන් යුතු තරංගයක් භාවිතා කරල 8Mbit/sec වේගයෙන් යුතු connection එකක් දෙන්න පුලුවන්. ඒත් දුර යන්න යන්න වේගය ඉක්මනින් අඩු වෙනවා.ADSL2 කියන්නෙ ADSL වලටත් වඩා දියුණු තාක්ශණයක්.ADSL2 වලින් 12Mbit/sec වගේ දෙන්න පුලුවන්.

    ADSL වල තවත් අවාසියක් තමයි users ලා අතර bandwidth එක බෙදී යාම. ගොඩක් අය connect වෙලා ඉන්නකොට slow වෙන්නෙ ඒකයි.ඒ වගේම තවත් කරුණු ගොඩක් බලපානවා connection එක slow වෙන්න. Servers වල load එක වැඩි වීම වගේම ඔයාලගෙ PC එකේ ප්‍රශ්නත් බලපානවා:nerd:
    තවත් වැඩි විස්තර කියන්න ගියොත් technical words අම්බානක් දාන්න වෙනවා. එතකොට කාටත් තේරෙන එකක් නෑ නේ. :dull::dull:
    ඒක හින්දා ඔන්න සරලවම කියන්න පුලුවන් ටික කිව්ව. :)

    Last edited:

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මට SLT ADSL ගැන තියෙන සරල ප්‍රශ්නයක්.

    එකම SLT ADSL account එකෙන් එකම වෙලාවට තැන් දෙකකින් log වෙන්න පුළුවන්ද?

    ඒ කියන්නේ දෙන්නෙකුට SLT ADSL ලයින් දෙකක් තියෙනවා කියමු. එක්කෙනෙකුට තියෙන්නේ limited පැකේජ් එකක්. අනිකට තියෙන්නේ unlimited. ඉතින් පළවෙනියා උගේ data bundle එක මාසේ 10 වෙනිදට ඉවර කර ගත්තොත් ඊට පස්සේ දෙවනියාගේ account detail දාලා log වෙලා unlimited use කරන්න පුළුවන්ද? එහෙම ක‍ළොත් දෙවෙනියට log වෙන්න බැරුව යනවද?

    ps: මට මේක තාම අත්හදා බලන්න බැරි උනා. ඒකයි අහන්නේ.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මට SLT ADSL ගැන තියෙන සරල ප්‍රශ්නයක්.

    එකම SLT ADSL account එකෙන් එකම වෙලාවට තැන් දෙකකින් log වෙන්න පුළුවන්ද?

    ඒ කියන්නේ දෙන්නෙකුට SLT ADSL ලයින් දෙකක් තියෙනවා කියමු. එක්කෙනෙකුට තියෙන්නේ limited පැකේජ් එකක්. අනිකට තියෙන්නේ unlimited. ඉතින් පළවෙනියා උගේ data bundle එක මාසේ 10 වෙනිදට ඉවර කර ගත්තොත් ඊට පස්සේ දෙවනියාගේ account detail දාලා log වෙලා unlimited use කරන්න පුළුවන්ද? එහෙම ක‍ළොත් දෙවෙනියට log වෙන්න බැරුව යනවද?

    ps: මට මේක තාම අත්හදා බලන්න බැරි උනා. ඒකයි අහන්නේ.

    එකම SLT ADSL account එකට එකම වෙලාවෙ තැන් දෙකකින් log වෙන්න බෑ.. :cool:
    දෙවනි case එක නම් කරන්න පුලුවන්. ඒත් මම නම් කරල බලලා නෑ :no:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මට SLT ADSL ගැන තියෙන සරල ප්‍රශ්නයක්.

    එකම SLT ADSL account එකෙන් එකම වෙලාවට තැන් දෙකකින් log වෙන්න පුළුවන්ද?

    ඒ කියන්නේ දෙන්නෙකුට SLT ADSL ලයින් දෙකක් තියෙනවා කියමු. එක්කෙනෙකුට තියෙන්නේ limited පැකේජ් එකක්. අනිකට තියෙන්නේ unlimited. ඉතින් පළවෙනියා උගේ data bundle එක මාසේ 10 වෙනිදට ඉවර කර ගත්තොත් ඊට පස්සේ දෙවනියාගේ account detail දාලා log වෙලා unlimited use කරන්න පුළුවන්ද? එහෙම ක‍ළොත් දෙවෙනියට log වෙන්න බැරුව යනවද?

    ps: මට මේක තාම අත්හදා බලන්න බැරි උනා. ඒකයි අහන්නේ.

    unlimited users la 2kta puluwan 1ma user name eken log wenna. eth limited unlimited ekama username eken log wena ba dan. issara puluwanlu
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,259
    425
    83
    cgtech.lk
    පාවිච්චි කරපු කට්ටියට මතක ඇති ෆොටෝ කෑල්ලක් ලෝඩ් වෙනකං පැය ගානක් බලන් ඉන්න ඕන.
    e kale marai ne :P:P
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,259
    425
    83
    cgtech.lk
    මාරයි කියන්නේ මාරෙනුත් මාරයි.. මොඩම් එක ට්රාං.. බ්‍රාං.. ගාලා කනෙක්ට් වෙනකොට හොඳ පණ ගිහිං :(:(:(

    :lol::lol::lol:

    horen ehema net yanna ba :oo:gedara okkoma dana gannawa mu mokakda karanna yanne kiyala:rofl::P

    1250 ta call 1k deela balapan thama eka wada:baffled:
     
    marasinghe984

    Member
    Jul 12, 2008
    887
    19
    0
    Near Kurunagala
    මට SLT ADSL ගැන තියෙන සරල ප්‍රශ්නයක්.

    එකම SLT ADSL account එකෙන් එකම වෙලාවට තැන් දෙකකින් log වෙන්න පුළුවන්ද?

    ඒ කියන්නේ දෙන්නෙකුට SLT ADSL ලයින් දෙකක් තියෙනවා කියමු. එක්කෙනෙකුට තියෙන්නේ limited පැකේජ් එකක්. අනිකට තියෙන්නේ unlimited. ඉතින් පළවෙනියා උගේ data bundle එක මාසේ 10 වෙනිදට ඉවර කර ගත්තොත් ඊට පස්සේ දෙවනියාගේ account detail දාලා log වෙලා unlimited use කරන්න පුළුවන්ද? එහෙම ක‍ළොත් දෙවෙනියට log වෙන්න බැරුව යනවද?

    ps: මට මේක තාම අත්හදා බලන්න බැරි උනා. ඒකයි අහන්නේ.
    machn unlimited acc 2 ka pw hoya gattoth puluwan ekma welawa eka user name pw dala 2 kuta log wenna
    mama ehama masa ganak net log wela tiyanawa
    u\entry ekakuga user name pw gahala api log unama api log wenna unaga server ekata eka mara speed a wela anith userth log wenna puluwan
    habi itin uga 1.5gb ekata tama kela wenna
    unlimited ekak hoya ganin puluwan ehma log wenna
    mama karala tiyanawa
    ubata sure nattam
    1243 call karala ahpan kauda maga user name ekan log wenawa
    mama pw dan wenas kala
    phau giya tikata effect weida kiyala ..un kiyanaha naha kiyala
    dawsa customercare akka kenak mata ehama kiwa
    :P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl: