Affirmations

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඇයි බං ඔය තියෙන්නෙ එක දෙයක් ගැන ෆෝකස් කරල ඒක උනාවගේ හිතල. ඒක ගැන මනෝ ගහන සීන් එක. අන්න එහෙම තමා කරේ.
    Pehediliva kiyapan apitath karala balanna
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    747
    93
    සිතේ ස්වභාවය තමයි දිගින් දිගටම අරමුණු ගන්න එක, ඕක කොහොමත් වෙන දෙයක්, හැබැයි ඕකෙම reverse engineering පැත්ත තමයි, අරමුණක් purposely නිර්මාණය කරන එක (ඒක උඹම කරනව වෙන්න පුලුවන්, බාහිර පාර්ශවයක් වෙන්න පුලුවන්). ඕක නිරන්තරයෙන් වෙනකොට, සිතට ඒක ඇත්තක් විදිහට දැනෙන්න ගන්නව (සිත කියන්නෙ, ආපහු බලපුවම උඹම තමයි.), සිතේ අරමුණු එක්ක සිද්දවෙන නිරන්තර ක්‍රියාවලිය එක්ක ඇතිවෙන බලය/ගම්‍යතාවය එක්ක තමයි උඹේ drive එකත් ඇතිවෙන්නෙ. ඒ වෙනුවෙන් උඹ වැඩ කරනව කියන්නෙත් ඒ drive එකේම artifact එකක්, මෙතනදි උඹට මොන බාධක ආවත්, උඹේ නිරන්තර අරමුණු ගැනීම නිසා, උඹ තුල ඇති drive එක ප්‍රබල නිසා, ඒ බාධක මැඩගෙන සිතේ නිර්මාණය වෙලා තියෙන දේ එක්ක යන්න පුලුවන් බවක් උඹට ලැබෙයි, හැබැයි මේක රැවටීමක්. සිත කියන්නෙ සංකීර්ණ ක්‍රියාවලියක් නිසාම, අපි මේ රැවටීම එක්ක තමයි වැඩිපුර ජීවත් වෙන්නෙ.
     
    • Like
    Reactions: nul

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    කට්ටිය ටිකක් confuse වෙලා හින්ද මම කියන්නම්කො මම කරේ මොකක්ද කියල. මේක හැබැයි හෙන බොලඳයි. ඒක හින්ද හිනාවෙන්න ඔට්ටු නෑ හරිද

    මුලින්ම Affirmations කියන්නෙ ධනාත්මක චින්තන සීන් එක. මම ඕක ගැන පොඩ්ඩක් හොයල බැලුව යූටියුබ් එකේ කමෙන්ට් තිබ්බ උන්ට හරිගියා කියල රෙඩිට් එකට ගිහින් බැලුවම ඒකෙත් තියෙනව උන්ටත් හරිගියා කියල. හරිගියේ නෑ කියපු අයත් හිටිය.

    කනාවට හරි හරියන්න පුළුවන් කියල පොඩ්ඩක් evidence එහෙමත් තියෙන හින්ද සහ අමුතුවෙන් වෙන්න හානියකුත් නැති නිසා මම වැඩේ පටන්ගත්ත.

    මම ලබාගන්න බලාපොරොත්තු උන එකනම් හෙන බොලඳයි. මම හිතුව මම ලස්සනයි කට්ටිය මට ආකර්ෂණය වෙනව කියල. ඔන්න ඔහොම රෑට හිතල මම නිදාගන්නව.

    සිරාවටම දවස් 2ක් ගියේ නෑ වැඩකරන තැන කෙල්ලෙක් කීවනෙ ඔයා ලස්සන වෙලා කියල 😳 මටම පුදුමයි. මම මගේ ඇදුම්වත් කොන්ඩෙවත් මොනාවත් වෙනස්කරල නෑ. ඕක ඉතින් මට හොඳ මෝටිවේෂන් එකක් උනා. මම දිගටම වැඩේ කරගෙන ගියා. ජීවිතකාලෙටම ලස්සනයි කියල අහල නැති මට දවසට හතර පස් දෙනෙක් කියනවනෙ බං ලස්සන වෙලා කියල. මෙහෙම එකක් මම කරනව කියල කියන්නෙ දැන් මෙතන පලවෙනි වතාවට නිසා.ඔහොම කියන අය කොලොප්පමට කීව වෙන්නත් බෑ.

    ඔය අතරෙ තමා මම කලින් ත්‍රෙඩ්එකක් දාල කියපු HR කෑල්ල සෙට් උනෙත්. ඔව් ඉතින් ඒ වැඩේ නම් කචල්වුනා තමා. හැබැයි ඉතින් ඇහුව කෙල්ලොත් බෑ කීව මිසක් කෙල්ලෙක් මගෙන් අහල කවදාවත් මීට කලින් යාලුවෙන්න ඇවිත් නෑ.

    මම දැනටත් දිගටම මේක කරනව. හැමදාම compliment කීපයක් වරදින්නෙ නෑ. මට උනත් කන්නාඩියෙන් බැලුවාම මම සැහෙන්න attractive වෙලා කියල පේනව. මොකක්ද මන්ද හැබැයි මොනාහරි වෙනව :D

    කිරියොන්ට මේගැන මොනාහරි අත්දැකීම් තියෙනවද බලන්න මේ ත්‍රෙඩ් එක දැම්මෙ. නෙගටිව් පොසිටිව් ඕන අදහසක් කියන්න බලන්න. මම නම් full confus වෙලා ඉන්නෙ.
    ඕක වෙන්නෙ උඹ කන්ෆිඩන්ස් හින්දා. උඹ කන්ෆිඩන්ස් නම් දෙයක් ගැන ගොඩක් එවුන් උඹට ඇටෑක් කරන්න බය වෙනවා. ඔය කෙල්ලො ලස්සනයි කියලා කියන්නෙ උඹගේ කන්ෆිඩන්ස් එක දැකලා
     
    • Love
    Reactions: nul