අන්ධයො ටික අලියගෙ හැඩරුව කිවුවා වගේ තමයි. තම තමන්ගෙ එක්ස්පීරියන්ස් තමයි ගොඩක් තියෙන්නෙ. එක එක්කෙනා පිට රටවල්වලදි එක්ස්පීරියන්ස් කරන්නෙ තමන්ගෙ සමාජ මට්ටම අනුව. සෙකන්ඩ් ක්ලාස් සිටිසන් කියන එක දැනෙන්නෙ ඒ ඒ පුද්ගලයගෙ සමාජ මට්ටම අනුව. මටනම් පවුද්ගලිකව කිසිම දවසක එහෙම දෙයක් දැනිලා නෑ. රටේ මයිනොරිටි එක නිසා ගොඩක්ම වාසි තමයි වැඩි. උදාහරණයක් විදිහට ඔෆිස් එකේ ප්රමෝෂන් දෙනකොට මයිනොරිටි එවුන්ට දෙන්න ඕන ප්රතිශතයක් තියනවා. සුද්දෙක් තමන්ගෙ එකෙක් එක්ක වලියක් දාගත්තත් මයිනොරිටි එකෙක් එක්ක වලියක් දාගන්න බයයි. මයිනොරිටි එවුන්ට අයිතිවාසිකම් ගොඩක් නීතියෙන්ම දීලා තියනවා, නීතිය හැමෝටම සමානව ක්රියාත්මක වෙනවා.
පිටරටවල ජීවත් වේවි ලංකාව ගැන හිතනවා කියන එක ලංකාවෙ අපිට විතරක් ආවේනික දෙයක් නෙමේ. පිටින් ඇවිල්ලා වෙන රටක ජීවත් වෙන ඕනෑම ජාතියක කෙනෙක් තමන්ගෙ රටෙන් පිට ඉන්නකොට උපන් රට ගැන උනන්දු වෙනවා. ඉන්දියන්, කොරියන්, ජැපනීස්, චයිනීස්, නයිජීරියන්, පෝලිෂ්, රුමේනියන්, ස්පැනිෂ් එකී මෙකී නොකී එවුන් ඔක්කොම එහෙම තමයි. යන්නෙ තමන්ගෙ උපන් රටේ බඩු තියන ෂොප් වලට රෙස්ටෝරන්ට් වලට. වැඩිපුර ආශ්රය කරන්නෙ තමන්ගේ රටේ එවුන්ව. ලංකාවෙ ඉඳගන වෙන රටවල කෑම කන්න ආසා උනාට ලංකාවෙන් පිට උනාම ලංකාවෙ කෑම බීම මිස් වෙනවා.