Air Algerie Flight AH 5017 Missing

Jul 18, 2014
155
31
0
air-algerie-flight-loses-contact-50-minutes-after-takeoff.jpg



ඇල්ජීරියා ගුවන් යානාවක් බටහිර අපි‍්‍රකාවේදී අතුරුදන්.

ඇල්ජීරියා ජාතික ගුවන් සේවයට අයත් බෝයිං 737 ගුවන් යානය ප‍්‍රධාන පාලක මැදිරිය සමග තිබූ සබඳතා ඇණහිට ඇති බව වාර්තා වනවා. බටහිර අපි‍්‍රකාවේ රටක් වන බුර්කිනා ෆාසෝ හි ප‍්‍රධාන ගුවන් තොටුපලින් ගුවන්ගත වී මිනිත්තු 50 කට පසුවයි මෙලෙස සබඳතා ඇණහිට ඇත්තේ. යානයේ මගීන් 110 ක් සහ කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකු ගමන් කරන්නට ඇති බව ප‍්‍රංශ පුවත් සේවය පවසනවා. අපි‍්‍රකානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ගුවන් යානය හදිසි ගොඩබෑමකට ලක්කර ඇති බවට සැක පළ වන බවයි. ස්පාඤ්ඤ ගුවන් සමාගමකට අයත් මෙම ගුවන් යානය ඇල්ජීරියානු ජාතික ගුවන් සේවාව විසින් කුලී පදනම මත ලබාගත් යානයක් බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඇල්ජීරියානු රජය කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැහැ. මේ අතර, බී.බී.සී. පුවත් සේවය පවසන්නේ ගුවන් යානය සහරා කාන්තාර ප‍්‍රදේශයේදී අතුරුදන් වන්නට ඇති බවයි.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න. මේ වනවිට වාර්ථාවන ඡායාරූප කිහිපයක් පහතින්.


BtTOGcrCEAAagS8.jpg


BtTOIxRCYAAYSWq.jpg


BtTOlvaCYAEDV0L.jpg


Untitled-1.jpg