එයා ලංකා එකේ අවසානය පටන් ගත්තේ ප්‍රේමදාස යුගයේදීයි. ඒ වෙනකොටත් පාඩු ලබමින් තිබුනත්, කවදා හෝ ලාබයක් ලබා ගැනීමේ හැකියාව සහ ඒ සඳහා අවශ්‍ය වටපිටාවක්, නිවැරදි තීරණ ගැනීමට හැකි පාලනාධිකාරියක් තිබුනා.
ප්‍රේමදාසගේ, බෑනාගේ තාත්තා(දුලංජලී ගේ මාමන්ඩියා) වෙච්ච හියුබට් ජයකොඩි කියන මල් වගා කරුවා (HUJAY INTERNATIONAL MULTIFLORA LTD) ව Airlanka එකේ ඩිරෙක්ටර් බෝඩ් එකට දැම්මා. Airlanka එකේ අවසානය පටන් ගත්තේ එතනින්.
ඒ දක්වා ගුවන් සමාගමේ සියලුම මෙහෙයුම් කටයුතු සිදු උනේ මගී අවශ්‍යතාවයන් මතයි. හොඳම උදාහරණය, ඒ වෙනකොට සතියකට එකක් (සිකුරාදා) වූ CMB/SYD/MEL/CMB ගුවන් මාර්ගය, අධික ඉල්ලුම නිසාම සතියකට දෙකක් (අඟහරුවාදා ත්) දක්වා වැඩි කිරීමයි. නමුත්, මල් ප්‍රවාහනය කෙරෙන ගමනාන්ත වලට ප්‍රමුඛතාවය ලබා දීම සහ SYD/MEL කියන්නේ මල් ගෙනියන ගමනාන්තයක් නොවීම නිසා ඒ ගමන් වාර දෙකම නවත්වා දැම්මා.
ඉන්පසුව ජොහැන්නස්බර්ග් දක්වා ගුවන් ගමනක් ආරම්භ කලේ, තනිකරම මල් ප්‍රවාහනය මුල් කරගෙනයි. මගීන් කිසිවෙකුත් නොහිටියත් ඒ පාඩුව ගුවන් සමාගමට උරුම කරලා, මල් ව්‍යාපාරයේ ලාභය ඉහතකී පුද්ගලයා ලබා ගත්තා.
මේ කාලයේ සියලුම ගුවන් ගමන් කේන්ද්‍ර වී තිබුනේ මල් ප්‍රවාහනය මතයි. ගුවන් මගීන් ට ලැබුනේ දෙවෙනි තැනයි.
ශ්‍රී ලංකන් වීම, එමිරේට්ස් එකට විකිණීම, මහින්දට ටිකට් නොදීම නිසා පීටර් හිල් ගේ වීසා දික් නොකිරීම, වතු රස්සාව කරපු මස්සිනාට මේක දීලා වෙච්ච දේවල් මම කියන්න ඕනෑ නැහැනේ.