SLIIT එකේ දැනට ඉගෙන ගන්න student කෙනෙක් විදිහට පහත සදහන් දේවල් ඉතා වගකීමෙන් කියමි.
BEng Electronics Engineering (SHU) - 3 years
BEng Computer Systems Engineering (Curtin) - 4 years
යන Degree වලට IESL නැත. UGC නැත.
එහෙත් අලුතින් පටන් ගෙන ඇති
BSc(Eng) degrees (SLIIT) - 4 years
degree වලට UGC ඇත. එහෙත් තවමත් IESL හිමිවී නැත.
ඉදිරියේදී IESL නොගත්තොත් Degree එකට පැවැත්මක් නැති බැවින්, මේවනවිට IESL ගැනීමට SLIIT එක දන්නා සෙල්ලන් සියල්ල දමමින් සිටී.
මම දන්නා පරිදි SLIIT එක විසින් BEng Electronics Engineering (SHU) නැවැත්වීමට යයි. අවුරුදු 3ක Degree එකක් බැවින් එය ලංකාවට නොගැලපෙන බව ඔවුන් තීරණය කර ඇත. කොහොමටත් මේපාර අලුත් batch එකට ළමයින් 20 වත් නැත.
IESL and UGC Degree එකක ගුණාත්මක භාවය නිරුපණය කරන සාධක බව මගේ අදහසයි. ඒවා අවශ්‍ය නොවේ යැයි යමෙක් පවසනවානම්, තමන් වටින පුද්ගලයෙකු බව Industry එකට කීමට ඔහුට වෙනත් දේ තිබිය යුතුය.
Ex: Projects, Winning national/ international competitions.
අනිත් කරුණ නම් SLIIT එක තුල වඩාත් විනෝදයට බර පරිසරයක් ඇති බැවින්, වැඩක් කර ගැනීම හුදෙක් තමා සතු කර්තව්‍යක් වේ. බුල ගැසීම සදහා යොමුවීමට ඉතා වැඩි ඉඩක් පවති. කරුණාකර ඒගැනත් සිතා, වියදම් කරන්නේ ඔබගේ සල්ලි නොව, දෙමාපියන් මහන්සියෙන් හම්බ කරගත් සල්ලි බව ඔලුවේ තබාගෙන, SLIIT ඒම වැඩ යෝග්‍ය වේ. එසේ නොසිතා, කෙල වී, Degree එක පමණක් ඇති, කිසිදු දැනුමක් නැති පුද්ගලයන් Job නැතිව උඩ බලන් සිටීම මේ දවස් වල සුලබ දසුනකි.