◄► ඉවත දැමු දරුවන් 30ක් බේරාගත් අම්මෙක් ◄►
ඒ අපූරු කතාවකි. ලූ ෂියාඕයිංග් ගේ වයස අවුරුදු 88 කි. ඇය ජීවත්වෙන්නේ ඉවත දමන ද්‍රව්‍ය එකතු කිරීමෙන්. වසර ගණනාවක සිටම ඇගේත් ඇගේ සැමියා වූ ලී සින් ගේත් රැකියාව වුණේ එයයි. මේ ඉවත දමන ද්‍රව්‍ය එකතු කිරීමට පටන් ගත් පසු මේ යුවළට තවත් අපූරු දෙයක් එකතු කරගන්න ලැබුණා. ඒත් ඉවතලු දෙයක්. හැබැයි පණ තිබෙන දෙයක්.
කොච්චර අහේනිකම් තිබුණත් මේ යුවළ එකතු කරගත් මේ දේ නම් ඉවත දැම්මේ නෑ. බැරි අමාරුකම් මැද්දේ වුවත් හදාවඩා ගත්තා. ඒ තමයි පණපිටින් ඉවත දැමූ ළදරුවන්. මේ යුවළ මේ වන විට එලෙස මැරෙන්න ඉවත දමා තිබියදී කුණු ගොඩවලින් සොයා ගෙන දිවි බේරා ගත් දරුවන් සංඛ්‍යාව තිහකි.
චීනයේ නැගෙනහිර සෙජියෑංග් පළාතේ ජිංහුවා පළාතේ පදිංචි ලූ සහ ඇගේ මියගිය සැමියා විසින් බේරාගනු ලැබු මේ දරුවන් තිහෙන් සිවුදෙනෙක් ඔවුන් විසින් ම හදා වඩා ගනු ලැබුවා. අනෙක් ළමයි දරුවන් හදාවඩා ගැනීමට කැමති වූ පවුල් අතර තවමත් ජීවත් වෙනවා.
ලූ ගේ සැමියා මියගියේ මීට වසර 17 කට පෙරයි. ලූ ට කසළ බඳුනක දමාගොස් සිටියදී හමුවූ ඇයම හදාවඩා ගන්නා දරුවාගේ දැන් වයස අවුරුදු 7 ක්. ඔහු ඇයට හමුවුණේ මීට වසර 6 කට පෙරයි. ඇගේ හදාවඩා ගන්නා දරුවන් අතරින් බාලයා ඔහුයි. “මං කොච්චර වයසට ගියත් මැරෙන්න ළංවුණත් දරුවෙක් කසළ බඳුනක මැරෙන්න දමා ඉන්නවා මට බලා ඉන්න බැහැ. දරුවන් හරිම සිරියාවන්තයි. අපූරුයි. මං ඔවුන් රැක ගත්තා” ලූ පවසන්නේ එහෙමයි.
Source :- http://www.facebook.com/photo.php?f...5473310.114306.187160681313836&type=1&theater
+