Android Phone වලට අළුත් Rnsomware එකක්

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    Android Phone වලට අළුත් Rnsomware එකක්

    Android Phone වලට අළුත් Rnsomware එකක්​
    :shocked::shocked:

    මේ Ransomeware එකේ නම DoubleLocker. මේකෙ නම වගේම තමයි වැඩෙත්. Android Device එක දෙපාරක් ලොක් වෙනවා.:oo::oo:

    මේක අළුතෙන්ම පැතිරෙන Ransomeware එකක් කියලයි ආරංචි වෙන්නෙ. හැබැයි Wanncry වගේ මේකෙදි files encrypt වෙන්නෙ නෑ. ඒ වෙනුවට මේකෙදි වෙන්නෙ Screen Lock එකේ pin අංකය මාරු වීමයි.:yes::yes:

    මේ කියන DoubleLocker Ransomeware එක Android සදහා නිපදවා ඇති පළමු හානිදායක Ransomware එක ලෙස වාර්තා පොත් වලට එකතු වෙනවා.

    ඒ වගේම Online Banking, Android දුරකථන ඔස්සේ සිදුකරන අයටත් මේකෙන් බාදා ඇතිවෙන බවයි පර්යේෂකයන් පවසන්නේ...

    "Given its banking malware roots, DoubleLocker may well be turned into what could be called ransom-bankers," said Lukáš Štefanko, the malware researcher at ESET.

    ESET ආයතනයේ Malware Researcher කෙනෙකු වන ලූකස් ස්ටෙෆැන්කො මහතා පවසන්නේ බැංකු කරදරකාරී Ransomware සැලකිල්ලට ගත් විට DoubleLocker කප්පම් බැංකුකරුවන් (Ransome-Bankers) ලෙස සැලකිය හැකි බවයි.


    "Two-stage malware that first tries to wipe your bank or PayPal account and subsequently locks your device and data to request a ransom."

    එමෙන්ම මෙම DoubleLocker අනාගතයේදී මුදල් කප්පම් පමණක් නොව bank ගිණුම් සහ PayPal account වලට ලොග් වී ඇති Device ලොක් කර ඒවා නැවත Unpin කරගැනීමට කප්පමක් ඉල්ලිය හැකි බවයි.

    තවද පර්යේෂකයන් විශ්වාස කරනුයේ මෙම Ransomeware මෘදුකාංගය මුදල් කප්පම් ගැනීම හැර බැංකු තොරතුරු සොරකම් කිරීමට යාවත්කාලීන කිරීමේ හැකියාවක් ඇති බවයි.

    මෙය මෙම වසරේ (2017) මැයි මාසයේ පළමු වතාවට දක්නට ලැබුනේ ව්‍යාජ වෙබ් අඩවි හරහා Adobe Flash යාවත්කාලීන කිරීමක් ලෙසයි.....

    :eek::eek:කෝකටත් පරිස්සම් වෙන එක හොදයි. අළුතෙන් මේ ගැන මොනවා හරි තිබුනොත් ආපහු දාන්නම්.

    ලිව්වේ - Thiwanga Sandaruwan Dasanayaka

    උපුටා ගන්නේ නම් උඩ තියන නමවත් ඉතිරි කරන්න.

    ආපහු අළුත් එකක් ගේනකම් යන්නම්.
    :love::love:
     
    Last edited: