Anonymous වෙස් මුහුනේ සැගවුණු Guy Fawkes

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    Anonymous වෙස් මුහුනේ සැගවුණු Guy Fawkes

    සයිබර් ඇනොනිමස්ලා (Anonymous) බාවිතා කරන විශේෂ වෙස් මුහුන ඔයාලා දැකලා ඇති.
    මේක Guy Fawkes mask කියලා හදුන්වනවා.
    කවුද මේ Guy Fawkes?
    එයා කොහොමද මේ වෙස්මුහුණ එක්ක සම්බන්ද වෙන්නේ?​

    mIMPKP0.jpg


    Guy Fawkes / ගායි ෆෝක්ස් හා මෙයාගේ වැඩ සෑහෙන්න ඈත අතිතයට දිව යනවා. ඒ කියන්නේ අපිට 17 වැනි සියවසේ මුලම භාගයට යන්න වෙනවා.

    nFsh1L4.jpg

    ගායි ෆොක්ස් එංගලන්ත ජාතිකයෙක්. ඔහු උපන්නේ යෝර්ක් වල. කුඩා කාලයේදිම ඔහුගේ පියා මියගොස් තිබුනා. ස්පාඥ්ඥ යුද්ධ වලට සහබාගි වන ඔහු දක්ෂ යුධ සෙබලෙක් ලෙස නම්දරා සිටියා.

    මේ අතර ක්‍රි.ව 1603 දී එංගලන්තයේ රජු ලෙස පලමු ජේම්ස් රජු පත්වෙනවා. ජේමිස් රජු රෙපරමාදු භක්තිකයෙක්. රෙපරමාදු භාක්තිකයෙක් එංගලන්තයේ රජු ලෙස පත්වීම නොඉවසු කතෝලිකයින් පිරිසක් රහසේ සංවිධාන ගත වෙනවා. ඔවුන්ගේ නායකයා වූයේ රොබට් කැට්ස්බි ය.

    දැඩි කතෝලික භක්තිකයෙකු වූ ගයි ෆෝක්ස් ද මේ රහස් සන්ධානය සමග හවුල් වෙනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ රෙපරමාදු ජේමිස් රජු මරාදමා ඔහුගේ දියණිය වූ එලිසබත් කුමරිය රජ කරවීමටයි.

    ඒ අනුව රහස් සංවිධානයේ පිරිස, රදලයින් සමගින් පාර්ලිමෙන්තුව පුපුරවා දැමිමට සැලසුම් කල අතර මුලදි මෙම යෝජනාට විරෝධතා පැන නැගිනි. විදේශ ආධාර අපේක්ෂාවෙන් රහස් සංවිධානයේ ඉහල පෙලේ සාමාජිකයින් ස්පාඥ්ඥය වෙත ගියද එහිදිද යහපත් ප්‍රතිචාර ලැබුනේ නැත.

    අපේක්ෂිත උපකාර නොලැබුනු විට ඔවුන් නැවතත් මුල් යෝජනාව ක්‍රියාත්මක කිරිමට තීරණය කරන ලදි. ඒ අනුව 1605 නොවැම්බර් 05 වැනි දින පාර්ලිමේන්තු සැසිය අරබන දිනයේදි පාර්ලිමෙන්තුව පුපුරවා හැරිම ඔවුන්ගේ ඉලක්කය විය.

    ඒ අනුව කුමන්ත්‍රණකරුවන් විසින් House of Lords ගොඩනැගිල්ල යට වෙඩිබෙහෙත් සහිත බැරල් 36ක් ගබඩා කරනු ලබනවා. මේවා තැම්පත්කිරිම හා පිපිරවීමේ වගකීම භාර වෙන්නේ ෆෝක්ස්ටයි.

    නමුත් ආරම්භක සැසියට සහභාගි වීමට නියමිතව සිටි මොන්ටිගෝ සාමිවරයාට කුමන්ත්‍රණකරුවකු විසින් ලිපියක් එවා ඇත්තේ සැසියට සහභාගි නොවන ලෙස දන්වමිනි. මොන්ටිගෝ සාමිවරයා කතෝලිකයකු වූ අතර යම් කුමන්ත්‍රණකරුවකු ඔහුගේ දිවි බේරිමේ අරමුණින් මෙම ලිපිය එවා ඇත. ලිපිය දුටු මොන්ටිගෝ සාමිවරයා වහාම මේ පිලිබදව ජේමිස් රජතුමා දැනුවත් කරන ලදි. රජු අණින් House of Lords ගොඩනැගිල්ල පරික්ෂාකිරිමේදි ගායි ෆොක්ස් වෙඩි බෙහෙත්ද සමග අල්ලාගන්නා ලදි.

    bKrMmR1.jpg


    කුමන්ත්‍රණය හෙලිකල ලිපිය

    රාජ්‍ය කුමන්ත්‍රණයට වැරදි කරුවන් වූ ගායි ෆොක්ස් ඉතා අමානුශික ලෙස ඝාතනය කරන ලදි. රහස් සංවිධානයේ බොහෝ දෙනෙකුට අත්වූයේද එම ඉරණමයි.

    ගායි ෆොක්ස් ගේ අසාර්ථක කුමන්ත්‍රණය සමරමින් සෑම නොවැම්බර් 05 වැනි දිනම ගායි ෆෝක්ස් දිනය සමරයි. එදිනට රටවැසියන් ෆෝක්ස්ගේ මුහුණ නිරුපිත වෙස්මුහුණ පැලද සාද පවත්වයි.

    NSC3qg1.jpg

    ගායි ෆොක්ස් දිනය සමරන අයුරු

    ලොව පුරා පැවැත්වෙන ආණ්ඩු විරෝධි උද්ගෝෂණ වලට ගායි ෆෝක්ස් මුහුණ පැමිණීයේ ගායි ෆෝක්ස් උත්සහ කලේද ආණ්ඩු පෙරලීමට වීම නිසාවෙනි. එමෙන්ම V for Vendetta කෘතිය හා චිත්‍රපටයද ගායි ෆෝක්ස් වෙස්මුහුණ ප්‍රචලිත වීමට බලපෑවේය.

    - රොෂීන් ප්‍රනාන්දු



    ජනේලය බ්ලොග් අඩවිය


    කෙටි ප්‍රතිචාරයද මහත් කොට සලකමි.:yes::yes:
    ස්තුතියි!!​