ape kaalaye desha premio :)

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දේශප්‍රේමියො කවුද කියන එක ගැන කතා කරන්න පටන් ගන්න වෙන්නෙ ගොඩක් අතීතයෙ ඉඳල.

    83 අපේ හමුදා සේනාංකයකට ත්‍රස්තවාදීන් පහර දුන්නා; 'දේශප්‍රේමීන්' පාරට බැහැල, කඩ සාප්පු ගිනි තියල, සිවිල් වැසියන් මරල, කොල්ල කාලා, සිංහලයන්ට සහ ශ්‍රී ලාංකික නාමයට කැළලක් ඇති කළා.

    අපේ හමුදාවන් ත්‍රස්තවාදීන් මර්ධනය කරමින් ඉදිරියට යනවිට බටහිරට අවශ්‍ය විදිහට සාම සාකච්ඡා තියපු 'දේශප්‍රේමී' දේශපාලන නායකයන් හිටියා.

    රටේ ඇති නොයෙකුත් ප්‍රශ්න මුල් කරගෙන 'දේශප්‍රේමීන්' පිරිසක් රටේ තරුණ පිරිස් කුලප්පු කර කැරලි ඇති කළා. අහිංසක තරුණ පිරිස් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා මරා දැමීමට 'දේශප්‍රේමී' දේශපාලකයන් යුද හමුදාව, පොලීසිය පමණක් නොව, පුද්ගලික කුලී මැර හමුදා පවා යොදවා ගත්තා. සාමාන්‍ය තරුණයන් එලෙස මැරෙන අතර, මේවාට ඔවුන් පෙළඹවූ 'දේශප්‍රේමී' නායකයන් පිටරටවලට පැන දිවි ගලවා ගත්තා.

    ගම්වලින් ආ බහුතරයකින් සමන්විත හමුදාව ත්‍රස්තවාදීන්ගෙන් රට මුදා ගැනීමේ මෙහෙයුමේ ඉදිරි වළල්ලේ සිටි අතර නාගරික පසුබිමකින් යුතු නිලධාරීන් සහ දේශපාලකයන් ඔවුන් මෙහෙයවූවා. බටහිර ආධාර ලබන 'දේශප්‍රේමී' වාර්තාකරුවන් සහ මාධ්‍ය ව්‍යාපාරිකයින් තමන්ට යුද්ධය වාර්තා කිරීමට අවශ්‍යය, ජන සංහාරයක් වෙනවාද කියා සෙවීමට අවශ්‍යය යනාදී වශයෙන් සෙබලුන්ගේ කකුලෙන් ඇදීමට පටන් ගත්තා.

    ඇතැම් 'දේශප්‍රේමී' දේශපාලකයන්ට කිලිනොච්චිය මැදවච්චිය ලෙසත්, අලිමංකඩ පාමංකඩ ලෙසත්, තොප්පිගල පපොඩි කන්දක් ලෙසත් පෙනෙන්නට වුණා. ජන සංහාරයක් වෙනවායයි කියමින් ඔවුන් ලෝකය පුරා ප්‍රචාරය ගෙන ගියා.

    දිනූ යුද්ධයේ ගෞරවය අයිති කර ගැනීමට දේශප්‍රේමීන් පොර කෑවා.

    තමන්ට වාසි ලබාගෙන, විරුද්ධවාදීන් ජාත්‍යන්තර අපරාධකරුවන් කිරීමේ අරමුණින් 'දේශප්‍රේමියෙක්' කණින් කොණින් ඇසූ කේළමක් ඇත්තක් විලසින් මාධ්‍යවලට ඉදිරිපත් කළා.

    තමා ලද බලයෙන් ඔද ලැබූ දේශප්‍රේමියෙක් සිය විරුද්ධවාදියා නිසි පිළිවෙතින් බැහැරවූ ආකාරයට අත් අඩංගුවට ගත්තා.

    අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට උත්සුක වූ 'දේශප්‍රේමී' දේශපාලකයන් පිරිසක් තවත් මිනිසුන් පොළඹවාගෙන උද්ඝෝෂණ කළා.

    කුලියට සේවය කරන 'දේශප්‍රේමී' මැර පිරිසක් ඊට විරුද්ධ වුණා.

    ඔන්න ඔය වගේ.

    ethana inna policiya oya koi ganeta da watenne :)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    M.jpg