tenksela machan me matara neda???
tenksmatara pala uda..
meka dakkama mata me siduwa matak wuna..
tenks
tenkssirawata mara photo eka.sirama adarayak...oya wage hurathal lamainwane ara wage kala kanni dushane karanne.
tenksදනගාද්දි ඇවිදින්නට මට අත දුන්න...
ගුරු හරුකම් හොද නොහොදත් කියලා දුන්න...
මහළුව බැරි උනාම ඔබහට ඇවිදින්න..( ඒ නිසා නං වෙන්න බෑ,ඒකයි සුදු කලේ)
අත දෙන්නං තාත්තේ වන්දි ගෙවන්න...![]()
honda wadak![]()
tenksඒ ළමයගෙ තාත්තා ඉන්න තත්වෙ දැක්කාම නම් දුක හිතෙකවා.. හැබැයි ඒ ළමයා ගැන ලොකු ආඩම්බරයක් දැණෙනවා.. මේ දෙමාපියන් කොයිතරම් වාසනාවන්තද.. ඔය වගේ ළමයි අද කාලෙ බොහොම අඩුයි..
මම උඹට පුංචි කතාවක් කියන්නම්.. මේක දැනට මාස තුන හතරකට ඉහතදි වෙච්ච දෙයක්.. එදා සෙනසුරාදා දවසක්.. මම එදා උදේ වැඩට ගියේ බස් එකේ.. මොකද මගේ බයික් එක කැඩිලා හදන්න දැම්මා.. වැඩ කරකර ඉන්නකොට කෝල් එකක් ආවා බයික් එක හදලා අරන් යන්න එන්න කියලා.. මම ගෙදර යනකොට ගොඩක් රෑ වෙන නිසා බයික් එක අරන් යන්න ආවා බස් එකේම.. හෝල්ට් එකෙන් බැහැලා ඔහොම ගරාජ් එක පැත්තට ඇවිදගෙන එනකොට ක්ලාස් එකක් ඇරිලා.. දන්නවනේ ඉතින් ක්ලාස් එකක් ඇරුණාම පට්ට ට්‍රැෆික් එක.. මමත් ඉතින් හෙමින් හෙමින් ඉස්සරහට ගියා.. වාහන පිරිලා හැමතැනම.. ඉතින් ඔය අස්සෙ සාමාන්‍ය පරණ සරමක් ඇඳගත්තු, ගෙවිච්ච සෙරෙප්පු දෙකක් දාගෙන, ස්ටෑන්ඩට් බයිසිකල් එකකින් අහිංසක මනුස්සයෙක් ඇවිත් තමන්ගෙ පුතා එනකන් මඟ බලාගෙන ඉන්නවා..
මම වාහනත් වැඩි නිසා, ළමයිනුත් වැඩි නිසා අර අහිංසක මනුස්සයා ඉඳපු හරියෙන් ටික්ක හිටියා.. ඔහොම ඉන්නකොට මම ඒ මනුස්සයගෙන් ඇහුවා පුදම ට්‍රැෆික් එකක් නේද අන්කල් කියලා.. එයා කිව්වා අනේ ඒක නම් ඇත්ත දරුවො.. මම මේ බයේ ඉන්නෙ මගේ කොලු පැටියා එනකන්.. දැන් කාලෙ වාහනකාරයො කිසිම පරිස්සමක් නෑ යන්නෙ උඩින්නේ කිව්වා.. මමත් කිව්වා අපෝ ඒක නම් ඇත්ත.. අද කාලෙ බොහොම පරිස්සමින් පාරෙ යන්න ඕන කියලා..
දැන් ඔන්න ටික්ක වාහන අඩුවෙච්ච නිසා මාත් පාරට බැහැලා යන්න ගියා.. ඒ යන්න හැරෙනවත් එක්කම කෙලගෙන ආවා කොල්ලෙක්.. අමුතු ස්ටයිල් කාරයෙක් ඌ.. ඒ අර අන්කල්ගෙ පුතා.. යකෝ මේ අහිංසක මනුස්සයට අරූ බල්ලට වගේ බැන්නෙ නැද්ද.. මම තමුසෙට කියලා තියෙනවා නේද මාව එක්ක යන්න එන්න එපා කියලා.. මොකද මම පොඩි එකෙක්ද.. මම කොහොමද කියන්නෙ තමුසෙ මගේ තාත්තා කියලා.. අර පේනවනේ මගේ යාලුවො.. හැමෝම බලන් ඉන්නවා.. හරියට ඇඳුමක් අදින්න බැරිද.. හරිහැටි සෙරෙප්පු දෙකක් දාගෙන එන්න බැරිද.. ඔය වගේ හම්බානෙක බැන්නා.. මම යන ගමනත් නවත්තලා දාලා මේක අහන් හිටියෙ.. අනුන්ගෙ දේවල් අහන් ඉන්න හොඳ නෑ තමයි.. ඒත් කාටද බං දුක හිතෙන්නෙ නැත්තෙ අර වගේ තාත්තා කෙනෙකුට බනිනකොට..
ඒපාර අර මනුස්සයා යන්න හැරුණා.. එහෙනම් පුතේ මම යනවයි කියලා.. අරූ මූණවත් බලන්නෙ නැතුව යන්න ගියා.. මමත් ඒ අන්කල් යන ගානටම තමයි ඉස්සරහට ගියේ.. එයත් බයික් එක පයින් තල්ලු කරන් ගියේ.. මම ඒ යන ගමන් ඇහුවා ඒ අන්කල්ගෙ පුතාද කියලා.. ඔවු දරුවො ඒ මගේ පුතා තමයි.. එයා කැමති නෑ කිව්වා මම එයාව එක්කගෙන යන්න එනවට.. ඒ වුණාට දරුවො මට ඉන්නෙ එකම කොල්ලයි.. ඌ ගැන හොයන්නෙ නැතුව මම වෙන කවුරු ගැන හොයන්නද කියලා.. මමත් කිව්වා ඒක නම් ඇත්ත කියලා.. ඉතින් මම කිව්වා අන්කල්ට අරවගේ කතා කරනකොට කන පැලෙන්න දෙන්න එපාද කියලා.. ඒ මනුස්සයා කියපු කතාව දන්නවද.. මගේ එකම දරුවට අතක් උස්සන්න මට හිත දෙන්නෙ නෑ කිව්වා..
ඒ අන්කලුත් දැන් මාත් එක්ක කයිය දාගෙන පයින්ම ගමන.. ආයමෙ අන්කල් මාත් එක්ක කියනවා.. අපි ලොකු රස්සා කරන්නෙ නෑ පුතා.. මම කුලී වැඩ කරන්නෙ.. හැබැයි මම මේ ළමයට කිසිම අඩුපාඩුවක් කලේ කරන්නෙ නෑ කියලා.. මේ ළඟදි කොම්පියුටර් එක්ක අරන් දුන්නලු 78.000ක් දීලා.. විභාගෙට ඕන වෙනවා කියලා ඉන්ටර්නෙට් යන්න මොකක්ද එකකුත් අරන් දුන්නලු.. ඉතින් අපි හැමදේම කරන්නෙ එයාට ඇත්තම කිව්වොත් මම අවුරුදු තුනකින් අඳින්න ඇදුමක් ගත්තෙ නෑ කිව්වා.. ඔය අපේ කොල්ලා මට කොච්චර බැන්නත් මොනවා හරි ඕන වුණ ගමන් ආයෙම යාලු වෙනවා කියල කිව්වා.
පවු බං ඒ මනුස්සයා ගැන මට මාර දුකක් දැනුණා.. හරිම අහිංසක මනුස්සයෙක්.. මට ඒ අන්කල්ගෙ පුතාට නම් දෙන්න හිතුනා කන පැලෙන්න තාත්තා කෙනෙකුට අර විදියට කතා කරනකොට..
ඔන්න අන්කල් අතුරු පාරක් ගාව බයික් එක නැවැත්තුවා.. මම ඇහුවා අන්කල් මේ හරියෙද ඉන්නෙ කියලා.. නෑ පුතේ මම මේ අපේ කොල්ලා එනකන් මෙතනට වෙලා බලන් ඉන්නවා කියලා.. අර මනුස්සයා හැංගිලා වගේ බලන් ඉන්නවා ඒ පාර පැත්ත..
ගොඩක් තාත්තලා ලමයින්ට ආදරේ පෙන්නන්නෙ නෑ බං.. ඒත් තමන්ගෙ දරුවට දෙයක් වුණොත් අම්මටත් වඩා හිත උණු වෙන්නෙ තාත්තගේ.. ඒත් එයාලා දුක හංගගෙන ඉන්නෙ ගොඩක් වෙලාවට.. මට අර පොඩි එකා ගැන පුදුම තරහක් බං දැනුනේ ඇත්තමයි.. ඒ වගේම අර අහිංසක මනුස්සයා ගැන මාර අනුකම්පාවක් දැනුණා.. අර කොල්ලා ඒ මනුස්සයට බණිනකොට මම දැක්කා ඇස් දෙක රතුම රතු වෙනවා.. බිම බලාගෙන බයික් එකත් අරන් ගියේ හොදටම දුකෙන්.. ඒ මනුස්සයා කුලී වැඩ කරලා හම්බකරන් එන සොච්චමෙන් ඌට කන්න බොන්න හොඳයි.. ඒත් තාත්තා කියලා ලෝකෙට කියන්න ලැජ්ජයි.. පුදුම ලෝකයක් බං මේක.. මම ඔය දැක්ක එක සිද්ධියක් විතරයි.. හිතන්න එපා මේ ලංකාවෙ එහෙම අය ඉන්නෙ එක්කෙනයි කියලා.. අනන්තවත් ඉන්නවා.. සමහර ගෑනු ලමොත් එහෙම තමා.. මොන ඇදුම ඇන්දත්, මොන විදියට ආවත්, මොන රැකියාව කළත් ඒ තමන්ගෙ තාත්තා.. තාත්තලා අපිට ගොඩක් නෑ බං.. එක තාත්තයි ඉන්නෙ.. ඉතින් ඒ මනුස්සයට පුළුවන් කාලෙ අපිට කන්න අදින්න දීලා හැම යුතුකමක්ම කලා.. එක දවසක් බඩගින්නෙ ඉන්න දෙන්නෙ නෑ දරුවෙක්ට.. හිඟාකාලා හරි කීයක් හරි හොයන් ඇවිත් කන්න දෙනවා.. ඉතින් අපේ යුතුකම තමයි එයාට පුළුවන් කාලෙ අපිට දුකක් නොදී බලාගත්තා වගේම අපි හොද රැකියාවක් කරන දවසට තමන්ගෙ අම්මවයි තාත්තවයි සතුටින් තියන එක.. එයාලා දරුවෙක්ගෙන් පුංචි කාලෙ ඉඳලම බලාපොරොත්තු වෙන දේත් ඒකයි..
කවදාවත් හිතන්න එපා පුංචි කාලෙ ඉඳලා අපිව ආදරයෙන් හදපු වඩපු දෙමාපියන්ව අමතක කරන්න.. ඒ වගේ වැඩ කරන අමනයින්ට ජාති ජාතිත් සාප වෙනවා.. කවදාවත් හිතේ සතුටකින් ඉන්න ලැබෙන්නෙ නැහැ.. මට මගෙ අම්මයි තාත්තයි නොබල එක දවසක් ඉන්න බෑ බං.. මම දවසෙන් වැඩි හරියක් කරන්නෙ රැකියාව කරන එක.. ඒත් පැයකට හරි මම යනවා ගෙදර.. වෙන හේතුවක් නිසා නෙමෙයි.. මගෙ රත්තරන් අම්මයි තාත්තයි බලන්න.. මගෙ අම්මගෙ අතින් බත් කටක් කාලා එන්න.. මේ ලෝකෙ ඉන්න කවුරු මොනවා ඉව්වත් මගෙ අම්මා උයලා කවන බත් කට තරම් රස නැහැ.. අනිත් එක මගේ මූන නොදැක ඒ දෙන්නාට සතුටක් නැති බව මම දන්නවා.. අපෙ අම්මා දොරකඩට වෙලා හැමදාම මම එනකන් බලන් ඉන්නවා.. ඒ දෙන්නගෙ මූණවල් හිනාවකින් පිරිලා යන්නෙ මම ගෙදරට ආවම තමයි..
tenks
tenks
ඇත්තටම මට උඹ දාපු පින්තූරෙ දැක්කාමයි.. අර කොල්ලා මතක් වුණාමයි ඇස් දෙකට කඳුළු ආවා මචෝ.. ඒකයි මම ඒ කතාවත් දැම්මෙ.. මේ වගේ රත්තරන් දරුවො ලබන්න දෙමව්පියො ගොඩක් වාසනාවන්තයි..
මට එඩ්වඩ් ජයකොඩි මහත්තයගෙ සිංදුවකුත් මතක් වුණා.. කැරකෙන රෝදේ පුංචි කරත්තේ..
tenks
tenksbump
adenawane....andenawa... siraawatama...dan kaale me wage lamai(specially kello) innawa dakkamath pudumai....