මේකට මොනවා වෙයිද බන්? අරුන් වන්දියක් ඉල්ලුවොත් මුන්ගේ මුළු සේසතම විකුනලවත් ගෙවාගන්න බැරිවෙයි. 
අමෙරිකාවේ ලෝක ප්රකට ඇපල් පුද්ගලික සමාගම විසින් බුද්ධිමය දේපළ පනත යටතේ ශ්රී ලංකාවේ පිහිටි සමාගමක් වෙත නඩු පවරා තිබෙන බව වර්තා වනවා.
ඇපල් සමාගම විසින් මෙරට පිහිටි ස්ටැසන් එක්ස්පෝර්ට්ස් (පුද්ගලික) සමාගමට එරෙහිව ඉකුත් ජනවාරි 21 මස දින එම නඩුව කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.
ඒ සිය බුද්ධිමය දේපළ අවභාවිතාව වැළැක්වීම සඳහා බව පවසමින්.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඇපල් සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් සඳහන් කර සිටියේ සිය සේවාදායක සමාගමේ නිල ලාංජනය මෙරට පිහිටි ස්ටැසන් එක්ස්පෝර්ට්ස් (පුද්ගලික) සමාගම විසින් භාවිත කරන බවයි.
ගොනු කොට ඇති චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ගොනු කිරිමට විත්තිකාර පාර්ශවයට අගෝස්තු මස 17 වෙනිදා දක්වා කල් ලබාදිමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කරනු ලැබුවා.