තව විස්තර ටිකක්... කාර් එක නතර උනොත් ගියර් එක ලඟ තියනවා පොඩි බට්න් එකක් ඒක තදින් ප්‍රෙස් කලාම ගියර් එක රිලීස් වෙනවා තල්ලු කරන්න පුලුවන් වෙන්න. බැට්ට්‍රි වර්ග 2ක් තියනවා. නොර්මල් (එ උනත් ඒ බැට්ට්‍රි එක ගෑස් හැදෙන්නෙ නැති සීල් ටයිප් එකක් 20000) විතර වෙනවා. ස්ටාර්ට් වෙන්නෙ ඒ බැට්ට්‍රි එකෙන්.ඊට පස්සෙ හයිබ්‍රිඩ් බැට්ට්‍රි එකෙන් දුවනවා නැතිනං එන්ජින් එකෙන් දුවනවා. එන්ජින් එක වොර්මප් වෙනකල් බැට්ට්‍රියට මාරුවෙන්නෙ නෑ. කිසිම ෆොරම් එකක් දැක්කෙ නෑ බැට්ට්‍රි එකේ අවුලක් ආව කියල (ජපන් සහ ඇමෙරිකන්). කාර් එක ඇවිල්ලත් දැන් අවුරුදු 2ක් වෙනවා.
එක පාරටම පිකප් වෙන්නෙ නෑ. තත්පර 1-2ක ලැග් එකක් තියනවා. ඒ එන්ජින් එකයි ට්‍රැක්ශන් මෝටර් එකයි දෙකම වැඩ කරන්න ගන්න නිසා.1500සීසී එන්ජින් එකක් එන්නෙ. වොටර් පම්ප් එකට පවර් එක දෙන්නෙ බැට්ට්‍රි එකෙන් නිසා එන්ජින් එකේ ෆුල් පවර් එකම ගන්න පුලුවන්. ඒ නිසා පවර් එක අඩු වෙන්නෙ නෑ. ට්‍රැෆික් එකේ නතර උනොත් එන්ජින් එක නතර වෙනවා ඒසී එක නතර වෙන්නෙ නෑ.බැට්ට්‍රි එකෙන් ඒසි එක දුවනවා. බැට්ට්‍රි එක අඩු වුනොත් එන්ජින් එක ස්ටාර්ට් වෙනවා. කූලන්ට් දාන්න තැන් දෙකක් තියනවා එවට කූලන්ට් විතරයි දාන්න ඕන්.එකක් රේඩියේටර් එකට අනෙක පවර් කන්වර්ටර් එකට.වතුර මික්ස් කලොත් පම්ප් එක යනවා. ඊට පස්සෙ 40000 විතර යයි ගොඩදාගන්න..
හැම දේම ඉලෙක්ට්‍රොනික්. බ්‍රේක් , ඇක්සලේටර්,... ඉලෙක්ට්‍රොනික්. කේබල් කොම්පොනන්ට් හරිම අඩුයි.
බූට් එකේ ඩෝ ලොක් එක පවා ඉලෙක්ට්‍රොනික්.
ගියර් එක පොඩ්ඩක් තදයි. ස්ටෙප්ස් වලට තමයි මාරු කරන්න තියෙන්නෙ. පාර්ක් , නිවුට්‍රල් , ඩ්‍රයිව්, එන්ජින් බ්‍රේක් ,රිවර්ස් තමයි තියෙන්නෙ.
අනෙක් වැඩි ග්‍රේඩ් වල එවා වල මන් දන්නෙ නෑ... මගේ එකේ ඩො ඔටෝ ලොක් වෙන්නෙ නෑ ඩ්‍රියිව් කරන්න ගත්තාම ඒක ඔප්ශන් එකක් විදිහට එනවාද දන්නෙ නෑ.
කී ස්ටාර්ට් වගේම ස්මාර්ට් කී එවත් එනවා. කී ස්ටාර්ට් ගනන් අඩුවෙනවා ( කී ස්ටාර්ට් එකක එන ෆීලිං එක අර පාං ගෙඩ්යක් ඔබනවා වගේ බොත්තමක් ඔබනකොට එන්නෙ නෑ කවුරු නෑ කීවත්. එවා හොඳ නිකන් පොශ් පාර්ට් දාන්න.).
රිපෙයාර් කිට් වගේම ස්පෙයා වීල් එන එවත් තියනවා. රිපෙයාර් කිට් එක පංචර් එකකට ඔකේ. ටයර් එක පැලුනොත් බඩු තමයි.
බොහොම ස්තූතියි සිරිපාල අයියෙ..දන්නෙ නැති දේවල් ටිකකුත් දැනගත්ත...
පුෂ් ස්ටාර්ට් එක පොශ් කමකට වඩා මම දකින්නෙ වෙනස් විදියක්..keyless එන්ට්‍රි නිසා සාක්කුවෙන් යතුර ගන්න ඔනම නෑ...කාර් එක අතුලෙදි යතුර අදින්න ඔනේත් නෑ..යතුර අතේ වන වන යන ගොඩක් අය මම දැකල තියෙනව...
අනිත් එක ස්මාර්ට් කී එක කාර් එකට පෙයාර් කර්ල තියන නිසා..හරි කී එක නැතුව වාහනේ ස්ටාර්ට් කරන එක බොරු...
එයාර් බෑග් වල ඉන්ෆ්ලේශන් එක ක්ශනික එකක් නේද? ඒක ගොඩක් වෙලා තියෙන්නෙ නෑ නේද? මම හරිද?
මගේ එකේ තියෙන්නෙ ස්පරෙ වීල් එකක්...ඒක අපේ තාත්තට තමයි ඕනම උනේ




godak AQUA lankawata awith thiyenne accident wuna ewa,eka nisa gannakota hodata balala ganin.car eke wadi wunama poddak hira wuna gathiyak thiyenawa matanam,car eka usa madi wage,man 6ft withara usai,ekai mata ehema feel wenawa atte

