Architect ල කරන හොර වැඩ

True Story

Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    මට නම් හිතෙන්නේ architect උන් කරන්නේ උන් කලින් කරපු ඩිසයින් රොටේට් කරන එක කියල. උන්ගෙ ලඟ ඩිසයින් ගොඩක් තියනෙව ගොඩක් තැන්වලට හරියන්න මුන් ඒව කර කව කව දෙනව. සමහර විට ඒව උන් කරපුව නොවෙනනත් පුලවන් කොහෙන් හරි ගත්ත ඒව.

    ලක්ෂ ගානක් දීල කර ගන්න වැඩේ ගොඩක් වෙලාවට පොර වැඩිය ඇටෙන්ෂන් දීල කරන දෙයක් නෙමේ වගේ හරියට wordpress දාල සයිට් එකක් අටවල දෙදනව වගේ.
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ගොඩක් ප්‍රසිද්ධයි කියන එවුන් ඔය වැඩේ කරනවා. එහෙමත් එකෙක් තමයි උගෙම ඩිසයින් කරන්නේ. කන්ස්ට්‍රක්ශන් කරන් එවුන් ගාවත් තියෙන්නේ රෙඩිමේඩ් ඩිසයින් පහක් හයක් වගේ නේ. අපිට තියෙන්නේ සිලෙක්ට් කර ගන්න විතරයි.
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    Depending on the architect and totally depends on clients requirements architect dena eka client satisfied nam e plan eka geyak gahapu ekakda nattan gewal 100 gahapu ekakda adala na ne machan kohomath 100% denekge requirement match wenna lesiyaen parana ekak gattath eka change karala modify karanna wenawa eka haiyata karannath experience eka teyenna one nattan 98% galapena pla. Ekak ate teyagenath eka mulinma adinawa keyanne u andayek manik galak ata pain gahapu 😊
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    Architect kiyanne specialist kenek. Visheshitha nirmanayak karaganna thamai eya vatinne.
    Onema specialist kenek vagey. Health issue ekaka Specialist doctor kenek vunath.
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    kohomath ehamane bn ithin....mulinma toilet ekata yanna hadannaye design eka...
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේ තියෙන්නේ මම මකබාස් ආර්කිටෙක්ට්ස් පෝස්ට් එකට දැනට වසර කිහිපයකට කලින් දැමූ පිළිතුරක්.

    1980 තරම් ඈත කාලෙක මගේ පුංචි අම්මා අලුතෙන් ගෙයක් හැදුවා. බාප්පා පිටරට රැකියාවක් කරන බැවින් මාත් හැකි හැම විටකම ගිහින් සොයා බැලුවා . ඉතාම ඉස්තරම් විදියට ආර්කිටෙක් ඩිසයින් එකකට හදාපු (වහලය දක්වා බිත්ති බැඳපු )ගෙදර වහලේ ගහන්න බාස් කෙනෙක් හොයලා දෙන්න කියලා මට කිව්වා . අපේ ගමේ ඉන්න බොහොම පරණ තාලේ, කොන්ඩේ බැඳපු, සරම් අඳින බාස් කෙනෙක් ව මම එහාට එක්කගෙන ගියා. පුංචි අම්මාත් ඒ බාස්ව දන්නවා . එයා(බාස්) ප්ලෑන් එක බලලා මට පැහැදිලි කරලා දුන්නා, මේ වහලේ මේ ප්ලෑන් එකට අනුව ගහන්න බැහැයි කියලා.

    මම සිවිල් ඉංජිනියරින් දන්නේ නැති උනාට ඉංජිනියරින් ඩ්‍රෝවින් දන්නා(එවකට මිකැනිකල් ඉගෙන ගනිමින් සිටි නිසා ) නිසා මටත් තේරුනා මේ මනුස්සයා කියන දේ හරි බව . එවලේ එතන හිටපු සුපවයිසර් මේ බාස් දිහා බැලුවෙම මෝඩයෙක්, ගොඩයෙක් දිහා බලන විදියටමයි. ඉංගිරිසි අකුරක්වත් බැරි උනාට ප්ලෑන් එක බලලා මේ මිනිහා කියපු දේ ඒ සුපවයිසර් ගනං ගත්තේවත් නැහැ. තවදුරටත් බිත්ති බඳින්නේ නැතිව දැනට බැඳපු බිත්ති සමහරක් කඩලා වෙනස් කලොත් විතරක් වහලේ ගහලා දෙන්නම් කියපුවාම ඒ සුපවයිසර් කිව්වේ "පිස්සුද බාස් උන්නැහේ ?? මම තමයි අපේ ආකිටෙක් මහත්තයාගේ බිල්ඩින් බොහොමයක් බලාගන්නේ, අපි වෙන බාස් කෙනෙකුට කියලා වැඩේ කරගන්නම් , බාස් උන්නැහේ කරදර වෙන්න එපා" කියලයි.

    පුංචි අම්මාට ඕවා ගැන තේරුමක් නැති උනාට ඉංගිරිස් කතාකරන නමේ අගට ටයිටල් තියන ආකිටෙක් ට විරුද්ධව යන්න හැකියාවක් තිබුනේ නැහැ . අපි ආපහු එනකොට ඒ බාස් මට කිව්වේ අපරාදේ පුංචි නෝනගේ සල්ලි. මට දුක ඒ ගැනයි කියලා .

    පුංචි අම්මා මේ කතාව ආකියාට කිව්වාම වහලේ ගහන්න කොන්ත්‍රාත් කාරයෙක් ආකිටෙක්ම හොයලා දුන්නා . මෑන් වහලෙන් බාගයක් ගහන කොට අර කියාපු ප්‍රශ්නේ මතු උනා .

    ඊට පස්සේ ආකිටෙක් ඇවිල්ලා මේ බිත්තිය කඩලා, මේ බිත්තිය උස්සලා මෙහෙම මෙහෙම කරමු කියනකොට පුංචි එයාට කිව්වලු "අර සරම අඳින කොන්ඩේ බඳින ගොඩේ බාස් මේක මේ විදියට කරන්න වෙන බව කිව්වේ ප්ලෑන් එක අතට අරගෙන විනාඩියක් යන්නත් කලින්" කියලා. ආකියා වචනයක්වත් කිව්වේ නැතිලු. අර සුපවයිසර් කියන එකා ඊට පස්සේ කවදාවත් මට මුහුණ දුන්නේත් නැහැ. මම ඈත එනකොට උගේ මෝටර් සයිකලේට නැගලා මාරු වෙනවා .