Architect Damith De Silva

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    තව පොඩ්ඩක් හොයල බලන්න හොඳට කට්ටිය ගැන. සාමාන්‍යෙන් Architect කෙනෙක් Construction cost එකෙන් 6% ක් 8% ක් අතර ගානක් ගන්නවා. හැබැයි එහෙම ගන්නවනං Structural drawings, BOQs, Mechanical and Electrical drawings, Consultancy and site visits සති දෙකකට සැරයක් එනවා. ඒ කියන්නෙ structural engineer , Quantity surveyor ට ගෙවන්නෙත් Architect ම තමයි.

    ඒවා නැතුවනං 1% - 3% වගේ ගානකට සෙට් කරගන්න පුළුවන්.

    මේ තියෙන්නේ අපේ ආකිටෙක්ට් ල කීපදෙනෙක් ගෙ website

    thisara thanapathy
    http://thanapathyarchitects.com/pages/home.php

    narein perera
    http://architizer.com/firms/archt-narein-perera/

    channa horombuwa
    http://www.architectssrilanka.com/pro_30.html#5

    isurunath bulankulame
    http://architizer.com/projects/house-for-malaka-and-rashmi-by-sw-isurunath-bulankulame/

    sudesh nanayakkara
    http://www.ourhome.lk/Home/index.php/outdoor/itemlist/user/704-sudeshnanayakkara

    palinda kannangara
    http://www.palindakannangara.com/

    ඔය කීපදෙනෙක් විතරයි:yes::yes::yes:

    එළකිරි සාමාජික Nu1dnk අයියත් හොඳ පළපුරුදු Architect කෙනෙක් තමයි :)

    tfs bro
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බොහෝම ස්තුතියි උඹලා හැමෝගෙම ප්‍රතිචාර වලට.

    ඇත්තටම charted architects, engineers, QSලා සම්බන්ධ කරගෙන හරි විදියට ගෙවල් හදනවා නම් මොන තරම් සුපිරි ගණයේ ගෙවල් හදන්න පුළුවන්ද කියලා දැක්කම පුදුම හිතෙනවා. ඒ විදියට බැලුවම අපේ උන් වැඩි දෙනෙක් හදන්නේ සෙල්ලම් ගෙවල් කියලා කියන්න පුළුවන්. ගොඩක් උන් කරන්නේ කවුරු හරි ඔය හරියට ඉගෙන ගන්නේ නැතිව නිකන්ම plans අඳින එකෙකුට කියලා අඩු ගානට plan එක ඇඳ ගෙන, ඉන්ජිනේරු උපදෙස් වත් QS වත් මොකුත්ම නැතිව කොහේ හරි ඉන්න අඳුනන බාස් උන්නැහේ කෙනෙක්ව අල්ලගෙන ඌ කියන විදියට ගේ හදන එක. අන්තිමට වෙන්නේ සල්ලිත් නාස්ති කරගෙන හද්ද චාටර් ගෙයක් හදා ගන්න එක. මේකට හේතුව මුදල් නැති කම විතරක් නෙවෙයි. නොදැනුවත් කමත් හේතු වෙනවා.මම දන්න හොඳට සල්ලි තියෙන මිනිස්සු ඉන්නවා ඔය විදියට ගෙවල් හදන්න ගිහින් අමු අජපල් විදියේ ගෙවල් හද ගත්තු උන්. ගොඩක් උන් හිතාගෙන ඉන්නවා architecture, structural engineering කියන්නේ කිසිම වැඩකට නැත් දේවල් කියලා. ඒ උනාට ඇත්තම කියනවා නම් ඔය ගෙවල් හදන දෙවිදිය අතර තියෙන වෙනස හරියට අර මහන්සි වෙනකොට පපුවේ අමාරුව හැදෙන මනුස්සයෙක් හොඳ අත් දැකීම් තියෙන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්න එකයි කොහේ හරි මුල්ලක පොලක් අටවගෙන බෙහෙත් දෙන MBBS වත් නැති හොර දොස්තරයෙක්ගෙන් බෙහෙත් ගන්න එකයි අතර තියෙන වෙනස වගේ

    :yes::yes::yes::love: