අර්ජුන රණතුංග අත්අඩංගුවට
(තරිඳු ජයවර්ධන)
ඛනිජ තෙල් සංවර්ධන හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසය විසිනි.
ඊයේ (29) ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ඇති වු උණුසුම් අවස්ථාවේ දී ඇමැති ආරක්ෂක නිලධාරියකු විසින් කළ වෙඩි තැබීමකින් අයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලැබූ අතර එම සිද්ධියට සැකපිට රණතුංග මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හිටපු අමාත්‍යවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. Lankadeepa